Thursday 18th of June 2026

English Tamil
Advertiesment


එදා පොරොන්දු වුණේ ඩොලර් වැස්සක්-අද තිබෙන්නේ ඩොලර් නියඟයක් 


2025-03-31 14874

 

ජනපති එදා පොරොන්දු වූ ඩොලර් වැස්ස ගැන විපක්ෂනායක ප්‍රශ්න කරයි 

 

රටේම උද්ඝෝෂණ ව්‍යාපාර මෙහෙයවූ ජවිපෙ බලයට ඇවිත් සාමකාමී උද්ඝෝෂණවලටත් එලව එලවා පහර දෙනවා 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් දහස් ගණනක් රැකියා නොමැතිව සිටියත් රජයේ ඇබෑර්තු විශාල ප්‍රමාණයක් තිබුණත් රැකියා ලබා නොදෙන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්‍යාවශ්‍ය තනතුරු රැසක් මේ අයට හිමිව තිබුණත් ඔවුන්ට සුදුසුකම් තිබුණත් මේ අයට රැකියා නොදෙන නිසා මොවුන් මහ පාරට බැස කුසලතා අනු පිළිවෙළට රැකියා ලබා දෙන්න කියා උද්ඝෝෂණය කරන විට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. 

අද තරුණයන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට උද්ඝෝෂණය කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමිව ඇති බවත් වත්මන් රජයේ සිටින කණ්ඩායම විරුද්ධ පක්ෂයේ සිටින විට ඇති තරම් උද්ඝෝෂණ කළත් මේ අය බලයට පැමිණි පසු උද්ඝෝෂණය කිරිමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පවා අහෝසි කර ඇති බවත් ඔහු කියා සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

දශක ගණනාවක් පුරා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව මෙරට ස්ථාපිත කළ දර්ශනයක්-වැඩ පිළිවෙළක් තිබූ බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා ඒ යටතේ ඔවුන් පුද්ගලීකරණයට එරෙහි වීම, පෞද්ගලික, විශ්ව විද්‍යාලවලට එරෙහි වීම, IMF සමග කටයුතු නොකිරීම, ඉන්දු-චීන-ඇමෙරිකානු-බටහිර ව්‍යාප්ත වාදයට සේම අධි රාජ්‍යවාදයට විරුද්ධව උද්ඝෝෂණය කිරීම, තරුණයන්ගේ ඔලු‍ සමාජවාදී උමතුවෙන් කුරුවල් කරමින් ශිෂ්‍ය පරපුර මහ පාරට බස්සවා අධ්‍යාපනය කඩාකප්පල් කිරීම, වැඩ කරන ජනතාව උද්ඝෝෂණවලට ගෙන විත් ආර්ථිකයට හානි කර සෑම ආණ්ඩුවකටම බාධා ලරමින් ජීවිත සහ දේපල පවා විනාශ කිරීම ආදිය සිදු කළ බවට චෝදනා කළේය. 

 
වේදිකාවේ පොරොන්දු වුණ ඩොලර් වැස්ස කෝ..?

 

නාදුනන තුවක්කු කරුවන්ගේ මිලේච්ඡ මිනි මරු සංස්කෘතිය සමාජ ගත කළ මේ කණ්ඩායම අද ජනතා ප්‍රශ්න ඉදිරියේ උත්තර සපයන්නට නොහැකිව රට මුහුණ දෙන ගැටලු‍ ඉදිරියේ විසදුම් සපයන්න නොහැකිව අද මේ රජය හිරවි ඇති බවත් එදා වේදිකාවේ පොරොන්දු වූ ඩොලර් වැස්ස අද නොමැති බවත් පිටරට සිටින යාළුවෝ මෙරටට ඩොලර් විශාල ප්‍රමාණයක් මිලියන ගණන් බිලියන ගණන් ගෙන එන බව පැවසුවත් අද ඒ ඩොලර් එකක්වත් නොමැති බවත් එදා IMF එකට බැන්නත් අද IMF එකේ පදයට නටන ආණ්ඩුවක් බිහිව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 
එක පෑන් පාරින් ප්‍රශ්න විසදනවා කිව්වට විසදපු ප්‍රශ්නයක් නෑ

 

වීවලට දෙනවා කිව්ව රු.150 සහතික මිල නොමැති බවත් පාසල් දරුවන්ගේ උපකරණවල වැට් ඉවත් කර, තෙල් මිල විදුලි බිල අඩු කර සහන දෙනවා කිව්වත් අද ඒ කිසිවක් නොමැති බවත් මේ අය අදටත් මේවා අඩු කරන්න අපොහොසත් වී ඇති බවත් අදටත් අත්‍යාවශය ආහාරපානවලට අධික බදු බර පටවා ඇති බවත් කිරිපිටි මිල වැඩි වී ඇති බවත් එක පෑන් පාරින් විදුහල්පති ගුරු වැටුප් විෂමතා විසදනවා කිව්වත් ඒවා නොවූ බවත් නිල ඇදුමෙන් දේශපාලන රැස්වීම්වලට පැමිණි හෙද පරපුරට පුනරුදය උදා කරනවා කිව්වත් කිසිවක් නොවූ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

 
මේ අය දන්නේ වැඩ බැරිව කෙදිරි ගාන්න විතරයි

 

රටේ ජනතාව ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින විට ඒ හැම ප්‍රශ්නයක් ම රිලවුන්ට බල්ලන්ට පවරා රජය කෙදිරි ගාමින් සිටින බවත් අද රටේ නීතිය හා සාමය සහමුළින්ම කඩා වැටී ඇති බවත් රටේ ඇත්තේ තුවක්කුකරුවාගේ හා මිනිමරුවාගේ නීතිය බවත් මිලේච්ඡත්වය මුළු සමාජයම ගිලගෙන ඇති බවත් රටම හොයන පොලිස්පති එයාට කැමති වෙලාවේ කැමති ඇදුමින් සැරසී අධිකරණයට එනතුරු පොලිසිය හෝ රජය නොදන්නා බවත් ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති තියන්න පුළුවන් කියන ඇමතිවරුන්ට රටේ සිදුවන මිනිස් ඝාතන ජාතික ආරක්ෂාව ගැටලු‍වක් නොවන බවට ප්‍රකාශ කරමින් යන බවත් මේ අදූර්දර්ශී රජයට රටක් පාලනය කළ නොහැකි වැඩබැර අදක්ෂ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment