Thursday 18th of June 2026

English Tamil
Advertiesment


දේශබන්දු අනිද්දා බාර වෙයි..?


2025-03-04 14893

 

වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකටත් වරෙන්තු

 

වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් බොහෝ වීට අනිද්දා (06) අධීකරණය වෙත බාර වනු ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් ඔහු ඊයේ (03) දින මාතර කොටවිල පිහිටි ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බාර වනු ඇතැයි සිතා මාධ්‍යවේදීන් එම අවස්ථාව ආවරණය කිරීමට උදෑසන සිට අධිකරණය ඉදිරිපිට ප්‍රධාන දොරටුව අසලට වී සිටියේය. එහෙත් සවස් වන තෙක්ම එවැනි සිදුවීමක් වාර්තා නොවීය.

පොලිස්පතිවරයා අධීකරණයට බාර විය හැකි බවට බොහෝ දෙනකු අපේක්ෂා කර සිටියේය.

එහෙත් වැලිගම මූලස්ථාන පොලීසියේ නඩු දිනය ලබන බ්‍රහස්පතින්දා වන නිසාවෙන් ඔහු මෝසමක් මගින් එදින අධිකරණයට බාර වනු ඇති බවට සැක කරයි. 


වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකටත් වරෙන්තු

මේ අතර වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවු එම වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරීපත් කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ වරෙන්තු නිකුත් කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳව වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම වරෙන්තුව නිකුත් කරන ලදී.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වරෙන්තු පිටපත ද රැගෙන සැකකාර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලීසියට හා නිල නිවසට ගොස් තිබු අතර ඒ වන විටත් ඔහු  එම ස්ථානවලින් පිටව ගොස් තිබුණි.



(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
-ලංකාදීප-

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment