Thursday 18th of June 2026

English Tamil
Advertiesment


රට පුරා සිදු වන ඝාතන රැල්ල වහා නවතනු  


2025-02-22 14892

 

රට පුරා රැල්ලට සිදු වන ඝාතන සංස්කෘතිය හේතුවෙන් ජනතාවගේ සහ මහ ජන නියෝජිතයන්ගේ ජීවිතත සම්බන්ධයෙන් අනාරක්ෂිත තත්ත්වයක් මතුව ඇති බවත් මේ මේ නිසා ජන සමාජයේ සියලු දෙනා දැඩි පීඩනයට සහ අසහනයට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. 

මේ අතිශය භයානක තත්ත්වය හමුවේ නිසා නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් රට-ජනතාව හමුවේ වහාම  ප්‍රකාශයක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන් අතර ඔහු මේ බව කියා සිටියේ,  පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමිනි. 

රටේ දූ දරු පරපුරේ සහ ජන සමාජයේ ආරක්ෂාව තහවුරු වන විධිමත් සැලසුමක් ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවන්ගේ සහ නීතිඥවරුන්ගේ පවා ආරක්ෂාවට බලපැම් එල්ල වී ඇති නිසා මේ ගැන අවධානය යොමු කරණ ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියේය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment