Thursday 18th of June 2026

English Tamil
Advertiesment


පුනරුද රතගාය


2025-02-05 15100

මීට කලින් මන්ත්‍රිලට දෙන වාහන පර්මිට් වලට සෑහෙන්න ලොකු විරෝධයක් තිබ්බා. කෙසේ වෙතත් 2019 ආපු ගෝටාබයගෙ ආණ්ඩුව පර්මිට් දෙන එක නැවැත්තුවා. රනිල් පවා අවුරුදු 2 ම මන්ත්‍රීලට දෙන්නං කාසි පෙන්නුවා ඇරෙන්න දුන්නෙ නැහැ. ඒ අනුව 2019- 2024 පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලගෙ වරප්‍රසාද වලට කොච්චර බැන්නත් ඒ පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලට වාහන පර්මිට් වලට රටේ ජනතාව වැය දැරුවෙ නැහැ. ඒ ඇවිල්ලා සල්ලි වලට පෙරේත, වාහන වලට පෙරේත, රථගායෙන් පෙලෙන දූෂීත දේශපාලකයන් 225ක් හිටපු පාර්ලිමේන්තුව.

ඉන් පස්සෙ 2024 අන්තිම ආවා 'ජනතා සේවයක්' කරන්න කියලා ආපු, අදූෂිත, සල්ලි වලට පෙරේත නැති, පඩියක් වත් ගන්නැතුව ස්වේච්ඡාවෙන් වැඩ කරන පාර්ලිමේන්තුව. මාර වැඩේ කියන්නෙ මේ පාර්ලිමේන්තුවට පර්මිට් වලට එහා ගිහින් වාහනේම ගෙනත් ඕනලු. පඩි ගන්නැතුව ජනතා සේවයක් කරන්න ආපු මන්ත්‍රීලට වෙනස් කිලෝමීටර් ගනන් පැදපු වාහන දුන්නම හිත් රිද්දගන්නවලු, අපි නෙවෙයි විජිත හේරත් කියන්නෙ.

මීට කලින් පර්මිට් එක දුන්නම මන්ත්‍රි අතින් සල්ලි දාලා වාහනේ ගත්තා. දැන් ඒ සියලුම පිරිවැය දරන්නෙ ජනතාව වෙච්ච අපි.

අපිට එන පිරිවැයේ ගාන මෙහෙම හදමු,

2015 පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් - පර්මිට් (ලක්ෂ 100)

2019 පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් - 0

2024 පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් - වාහනේම (ලක්ෂ 200)

මේ තමයි ජනතාව මත යොදන බර අඩු කරන්න කියලා ගෙනාපු, ජනතා සේවයක් කරන්න, පඩි නැතුව ගරු සේවයක් කරන්න කියලා ආපු මන්ත්‍රීලට ඕන කියන විදිහ. දැන් මේක තනුක කරන්න මරු කතාවක් කියනවා, වසර 5 අවසානයේ වාහනය ආපහු දෙන්න ඕන ** හැබැයි ** මන්ත්‍රී කැමති නම් ** ක්ෂය කල වටිනාකම ** ගෙවලා වාහනේ අරන් යන්නත් පුලුවන් කියලා.

අපි නිකමට අවුරුදු 5ට 15% වාර්ශිකව ක්ෂය කරලා බලමු

1 17,000,000

2 14,450,000

3 12,282,500

4 10,440,125

5 8,874,106

එතකොට වසර 5 අවසානයේ තක්සේරුව ලක්ෂ 88යි. හැබැයි ලංකාවෙ කවදාවත් වාහන ගනන් අඩු වෙලා නැහැ, අවුරුදු 5 වෙද්දි ලක්ෂ 200 ට ගත්ත වාහනේ ලක්ෂ 250ක් වත් වෙයි. මාකට් එකේ ලක්ෂ 250 ක් වෙන වාහනේ අර මන්ත්‍රීට ලක්ෂ 88 ට දෙනවා. මන්ත්‍රීට ඒක අරන් මාකට් වැලිව් එකට වික්කොත් ලක්ෂ 162ක් ලාභයි!

කොහොමද ගේම?

මෙයාලගෙ ඇත්තම ප්‍රශ්නෙ පර්මිට් දුන්නට වාහනයක් ගන්න මූලික පිරිවැය දාන්න මන්ත්‍රීලා අතේ ** දැන් ** සල්ලි නෑ! ඒකට තමයි මේ වාහන දීලා අවුරුදු 5න් ගන්න විකල්ප අදහසක් විජිත හේරත් කියන්නෙ.

හැබැයි මේ ක්‍රමේට අන්තිමට පර්මිට් එකෙන් හම්බෙනවට වඩා ගානකුත් අතට අරන්, මන්ත්‍රීකම දරන කාලෙ ජනතා මුදලින්ම වාහනේකුත් අරන් පාවිච්චිත් කරලා. ඇත්තටම කලින් හිටියෙ නූගත් අට පාස් උන්නෙ, උන් ගේමක් වත් ස්මාට් විදිහට ගහන්න දන්නෑ, මුන් ගහන්නෙ අවුරුදු 76ම ඇරියස් අවුරුදු 5න් කවර් කරන ගේමක්!

මං කියන්නෙ අවුරුදු 5 ඉවර වෙලා වාහනේ වෙන්දේසි කරන්න, මන්ත්‍රීටත් ඕන නම් වෙන්දේසියෙන් ගන්න බැරියැ. මොකද පඩිත් ගන්නැති ගරු සේවයක් කරන්න ආපු උන්ට මොනාටද සාමාන්‍ය මිනිස්සුන්ට එහා විශේෂ මිලකට වාහන දෙන්නෙ?

 

(හිමාල් රිසගෝ)

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment