Monday 4th of May 2026

English Tamil
Advertiesment


ජපාන ආරක්ෂක ඇමති දිවයිනට


2018-08-21 14872

ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරි ඔනොඩේරා මහතා දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමියේ ය.

කටුනායක බනඩාරනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකරු සඳහන් කළේ, ඊයේ රාත්‍රි 10.10ට ඉන්දියාවේ දිල්ලි සිට පැමිණි ශ්‍රි ලංකන් ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි බවයි.

ජපාන ආරක්ෂක අමාත්‍යවරයා සමග 19 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මෙම සංචාරය තුළදී ජපාන ආරක්ෂක අමාත්‍යවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

Advertiesment