Monday 14th of October 2024
English
Tamil
Toggle navigation
English
Tamil
Home
World
Economics
Sports
Arts
Videos & Interviews
Investigation
More
Legend
Health
Law
Women
Agriculture
Archaeology
Astrology
Religion
Traveling & Nature
Interviews
CHARACTERS
Politics
News
About Us
යුග දිවියට මිහිර ගෙනෙන පිංවත් සහකරුවා ඔබ ද..?
2019-07-02
14393
ජීවිතයේ සුන්දරම වූ පේ‍්‍රමය ඉන් ඔබ්බට ගිය විවාහය ගැන කථා කිරිමේදී ලොකුම වගකීම ගොඩනැගෙන්නේ විවාහකාරකයාටය. කාන්තාවන් විසින් සිහින දකින යහපත් වූ පුරුෂයා සොයා ගත හැකි ආකාරය ජ්‍යෙතිෂයේ අපූරුවට සදහන් කර ඇත.
යම් කාන්තාවකට ලැබෙන සහකාරයා ගැන පරීක්ෂා කිරීමේදී ඇයගේ ජන්ම පත්‍රයේ හත් වැන්න අධිපතියාවද ඔහු සිටින නවාංශකය ද හත් වන්නේ සිටින වෙනත් ග්‍රහයෝද හත් වැන්නට දෘෂ්ටි හෙලන ග්‍රහයන්ද ගැන බැලිය යුතුයි. සිකිරු විවාහ කාරක ග්‍රහයාය. කුජ පුරුෂ කාරක ග්‍රහයාය සිත පාලනය කරන්නේ සදුය. එම නිසා කාන්තාවකගේ කේන්ද්‍රයේ සඳු, සිකුරු, කුජ, යන ග්‍රහයන්ගේ බල දුබලතා විශේෂයෙන්ම පරික්ෂා කළ යුතු වේ. කුජ ග්‍රහයා ලබන පුරුෂයා නිවේදනය කරන බැවින්, ඔහුගේ එඩිතර ක්‍රියා ශූරත්වයත් කුජ ස්වකේෂත්රව හෝ උච්චව සිටීම පෙන්වා දෙයි.
කුජ මූඩව හෝ නීචව පෙන්වා ඇති කෙන්ද්‍ර වල ඔහුට අන්‍ය ශුභ දෘෂ්ටි ද වැටී නැත්නම් ඇය ට පුරුෂයා දුර්වල අයෙකු වන්නේය. සිකුරු උච්ච්ව ඇති ජන්ම පත්‍ර හිමි කාන්තාවන්ට විනෝදයක් හා ප්‍රිතීයෙන් යුතුව කාලය ගත කිරීමට හැකින් යහපත් ගුණ ගරුක ස්වාමි පුරුෂයකු ලබා ගත හක. සිකුරු නීචව සිටියහොත් ස්වාමි සැපය අඩුවන බවද පෙනවයි. කුජ සිකුරු 7 වන්නේ සංයෝගව සිට්ය හොත් ඇය ස්වාමියාට ඉතා තදින් ආලය කරයි. මීට ශනිගේ දෘෂ්ටිය වැටුනහොත් පුරුෂ මාරක යෝගයක් වෙයි. එසේම අනාචාරශීලීව කාලය ගත කරන වනිතාවක් විය හැකිය.
යම් ස්ත්‍රියක් කෙන්ද්‍රයේ හත් වන්නාධිපති එහිම සිට සුභ ග්‍රහයන්ගේ දෘෂ්ටිය ලබයිද ඇය පින්වත් ස්වාමියෙක් ලබයි. 7 වන්නේ කුජ සිටින විට ජන්ම පත්‍ර හිමි කාන්තාවෝ පුරුෂයා කෙරෙහි තදින් බැදෙයි. එහෙත් කුජ හතේ සිටීම හා කුජට ව් හත පෙනීම වෙධව්ය යෝගයක් බවට සදහන් වේ. එහෙත් ඒ ගැන බිය යුතු නොවේ.
විවාහ පේක්ෂක පුරුෂයාගේ කෙන්ද්‍රයේ 7 වැන්නේ සිටින කුජගෙන් හෝ රාහූ, ශනි, වැනි පව්ටු ග්‍රහයන්ගෙන් එකී අරිටු දෝෂය මකා දැමිය හක. හතේ කුජ සිටින ස්ත්‍රී ,පුරුෂ දෙපක්ෂයම විවාහයෙන් පසු ප්‍රීතියෙන් කාලය ගත කරමින් සමාජයේ දියුණු තත්වයකට පතවේ. මෙසේ පැවසිය හැක්කේ හොදින් සීහුම් පරික්ෂා කර බලා විවාහ සහකාරිය තෝරාගත හොත් පමණි.
හත් වැනි භාවයේ අධිපතීව ගුරු එහිම සිට රවීගේ සුබ දෘෂ්ටිය ලැබුවහොත් ඇය විවාහයෙන් පසු ඉතාම දියුණුවට පත්වේ. යම් වනිතාවකගේ ජන්ම පත්‍රයේ ලග්නයේ සදුඳ, කටකයේ ගුරුද, සිව් වන්නේ සිකුරුද, දසවැන්නේ අගහරුද, සිටීනම් ඇය කෙතරම් දිළි`දු පවුලක උපත ලැබුවත් පති කුළයට ගිය පසු ස්වර්ණ මුක්තාදී වස්තු සමූහයක් ලබන උත්තම කාන්තාවක් වේ. ශනි හතේ සිටින කාන්තාවෝ දුක්බරව විවාහ ජීවිත ගත කරයි. එහෙත් සුභ දෘෂ්ටි වටීමෙන් එය වේනස්වේ. ඇයගේ සහකාරයාගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම අනුවද මෙය වෙනස් විය හැකිය. ශනි, රාහූ,කුජ,රවි, සඳු හත්වැන්නේ යෝග වී සිටීමද දෛව යෝගයකි. මෙයද වැලැක්විය හැක්කේ පුරුෂ කේන්ද්‍රයේ හත් වන්නේ සිටින පාප ග්‍රහයන්ගේ බල දුබලතා අනුවය.
යම් ස්ත්‍රී කේන්ද්‍රයක හත් වන්නාධිපති දෙවැන්නේනම් ඇයට ධනය ඇති සැමියෙකු ලැබේ. තුන් වන්නේනම් හොද සොහොයුරු පිරිසක් ඇති බලවත් ස්වාමියකු ලබයි. සිව්වැන්නේනම් ඉඩ කඩම් හා දේපල ඇති පුරුෂයකු ලැබිය හැක. පස් වැන්නේනම් උගත් සැමියකු ලැබිය හැක.
හය වැන්නේනම් රෝගී පුරුෂයකු වේ. හත් වැන්නේනම් තමාට හොඳ බැඳීමක් ඇති සැමියකු හමුවේ. හත්වැන්නාධිපති අටවැන්නේනම් ලැබෙන සැමියාට අපලයි. අටවැන්නාධිපතිගේ දශාව ලැබූ පසු ස්වාමියාගේ මරණය හෝ දික් කසාද වීම සිදුවිය හැකිය. නමවැන්නේනම් භාග්‍යවන්ත ගුණ යහපත් ස්වාමියකු ලබයි.
ඔහු ධාර්මික ගුණ ඇති අයෙකු වේ. හත් වැන්නාධිපති දහයේනම් දියුණු රැකියාවක් ඇති පින්වතෙකු ලැබේ. එකොලොස් වැන්නේනම් නිතර ආදායම් ලබන කෙනෙක් සහකරුවා ලෙස ලැබේ. හයවැන්නාධිපති දොලොස්වැන්නේනම් තමාට ලැබෙනේද තද වියදම්කාරයෙකි. එකී ස්ථාන හිමි ග්‍රහයන්ගේ දෘෂ්ටි ලබන කල්හිද මෙවැනිම පල විපාක ලැබෙන බව සැලකිය යුතුය.
තවද සිකුරු බලවත්නම් විනෝදකාමි කලා ළැදි පින්වත් සැමියකු ලබයි. බුධ බලවත්නම් ගණිත මිණිතාදියෙහි දක්ෂ වූ ණැනවත් ස්වාමියකු ලබයි. ගුරු බලවත් වීමේන් ණැනවත් ධනවත් සැමියකු ලැබිය හැකිය. ගුරු සිකුරු දෙදෙනාම බලවත් නම් සැලකිය යුතු වෙළඳ ව්‍යාපාරයක් කරන සැමියකුගේ අත ගැනීමට සිදු වේ.
විවාහපේක්ෂක තරණයා ජන්ම පත්‍රයේහි දහවෙනියා අධිපතිව සිටින නවාංශකයක හිමි ග්‍රහයා අනුව ලැබෙන ස්වාමියාගේ රැකියාව විමසා ගත හැකිය. ඊළග චරිත ලක්ෂණ ගැන විමසීමේදි සිව්වැන්නේ සිටින ග්‍රහයා හා චන්ද්‍රයාගේ තත්ත්වය බලා දැනගත යුතුය.ස්ත්‍රී කේන්ද්‍රයක හත් වැන්න අධිපතියා සිටින නවාංශකය මකර කුම්භ දෙකින් එකක් වී නම් ඈට ලැබෙන පුරුෂයා වෘද්ධයකි. හත් වැන්නේ මේෂ වෘශ්චික දෙකින් එකක් වී නම් දුටුවන් ප්‍රිය කරණ පුරුෂයකු ලැබේ.
මිථුන කන්‍යා දෙකෙන් එකක් වී නම් ඈට ලැබෙන්නේ පණ්ඩිතයෙකි. කටක නම් මොලොක් ගති ගුණ ඇති කාමාශා බහුල අයෙකි. ධනු මීන දෙකෙන් එකක් නම් කාමාශා බහුල අයෙකි. සිංහ වී නම් මොලොක් අදහස් ඇති අයෙකි. මෙය සාමාන්‍යයි, හත් වැන්නේ උදාවන රාශි අංකය අනුව විසඳා ගන්න. ශරීර ලක්ෂණ ගැන බැලීමේදී ලග්නාධිපති හා ඔහු සිටින නවාංශකය හිමි ග්‍රහයාද සඳු, සිකුරු යන ග්‍රහයන් ගැනද බැලිය යුතුය. විශේෂයෙන්ම ස්ත්‍රී කේන්ද්‍රයක කුජගේ බල දුබලතා අනුව විවාහ සහකාරයාගේ ස්වභාවය විමසා ගත යුතුය.
විවාහ සහකාරයා ලැබෙන්නේ කවර දෙයින්ද යන්න විමසීමේදී හත් වැන්න අධිපති ග්‍රහයා සිටින නවාංශකය හිමි ග්‍රහයා ගැන බලන්න. ඒ ග්‍රහයාට හිමි දිසාව සහකාරයා සිටින දිසාවයි. හත්වැන්නාධිපති සෙවීමේදි ලග්න රාශියෙන් හත් වැන්න හෝ සදු සිටින රාශියෙන් හත් වැන්න ගෙන එහි සිටින හෝ අධිපති ග්‍රහයාගේ නවාංශකය අනුව බැලිය යුතුය.
දිසා ගණන් ගැනීමේදි ගුරු, බුධ උතුරත්, ශනි දකුනත්, රවි කුජ බටහිරත්, සඳු, සිකුරු නැගෙනහිරටත් හිමි බව දත යුතුය. ඒ අනුව හත් වැන්න අධිපතියා ශනිගේ නවාංශකයක සිටීනම් දකුණු දෙසින් සහකරු ලැබෙන බව සිතා ගත යුතු වේ. හත් වැන්න අධිපතිව සිටින නවාංශකය හිමි ග්‍රහයාගේ අතුරු දශාවක් පැමිණ විට ගුරු එම නවාංශයේ ගමන් කිරීම හෝ එම නවාංශක රාශියට ත්‍රිකෝණව ගමන් කරන කාලය විවාහය සිදුවන වකවානුව බව සිතා ගත යුතුය. මෙහිදී ද හත් වැන්න ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් බලවත් වන ග්‍රහයා අනුව විමසා ගත යුතුය.
-දෛවඥ සුහද පලාපත්වල-
RELATED NEWS
උදෑසන ඇතිවෙන විළුඹේ වේදනාව
පුංචි පුංචි අනතුරු සඳහා සුලු ප්‍රතිකාර
රෝස හදවත් යා කරයි හද සුවපත් කරයි
යුග දිවියට මිහිර ගෙනෙන පිංවත් සහකරුවා ඔබ ද..?
රාජ්‍ය කාරක රවී රටම කළඹයි..!
“පාතාල” හෝරාවෙන් වැඩ අල්ලා ගනුදෙනු කරලා..!
“ලෝකයට පෙර රට හඳුනා ගත යුතුය”
අගමැතිගේ සඳු උච්ඡ වෙයි-විශ්වාස භංගය පුස්සක් වෙයි..!
හතර කේන්දරයම පාළු වෙලා..!
Resent Post
වැසි තත්වයේ වැඩිවීමක්
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ පළමු මැතිවරණ ශ්‍රව්‍ය පත්‍රිකාව
වජිර අබේවර්ධන ජාතික ලැයිස්තුවක් ඉල්ලා පරසක්වළ ගසයි
සෑම විටම රට වෙනුවෙන් පෙනී සිටින බව විපක්ෂ
රුවන් විජයවර්ධන හොඳටම කලකිරිලා
එජාපයේ ප්‍රබල නායකයින් දෙදෙනෙකු සජබයට
Lanka Newsweek © 2024