මේ මොහොත වන විට රට තුළ ප්රචණ්ඩත්වය, භීෂණය, ම්ලේච්ඡත්වය හිස ඔසවමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (13) දෙබරවැව පැවති ජන රැලියක් අමතමින් පැවසීය. එයට ආසන්නතම සිදුවීම ලෙස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ප්රචණ්ඩත්වය හා භීෂණය නිසා වසා දමා ඇති බවත් තවත් බහුජන සංවිධාන සාකච්ඡා පවත්වත විට ම්ලේච්ඡ මැර ප්‍රහාර එල්ල වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස බවත් විපක්ෂ නායකවරයා රැලිය අමතමින් ප්‍රකාශ කර සිටියේය.
එහිදී තව දුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රනිල් - අනුර සන්ධානය පරාජය කල යුතු බවයි. එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ප්‍රකාශ කර සිටියේය.
‘‘මේ රටේ: කතා කරන්න, තමන් කැමති දේශපාලනයක් කරන්න අයිතියක් තියෙනවා. මේ නිර්මාණය වන වියරු පැසිස්ට් වාදයට, භීෂණයට ම්ලේච්ඡත්වයට රටේ ජනතාව ආශිර්වාදය දෙනවද කියල මම ප්‍රශ්න කරවා. සැකයක් නැතිව මෙවර පොදුජන යුගය වෙනුවෙන් සමගි ජන බලවේගයට හයිය ලබා දෙන්න. අද වන විට රට ගිනිබත් කළ කණ්ඩායම සහ රට බංකොලොත් කළ අය ආරක්ෂා කරන අය එකට එකතු වෙලා. රනිල් සහ අනුර දේශපාලන දීගයක් ගොස් මධුසමය ගත කරනවා. අපි මේ මධුසමය අවසන් කළ යුතු යි.
සමගි ජන බලවේගය වගා ණය කපන නිසා අනුර රනිල් ඒකට විරුද්ධව එකතු වෙලා. මෙයාලා මෙහෙම එකතු වෙලා තියෙන්නෙ: පොහොර අඩුවට දෙනවට, ගෙවල් දෙනවට, ඉන්ධන සහනාධාරය ලබා දෙනවාට විරුද්ධ නිසා. ඒ වගේ ම රට හදනවාට විරුද්ධ අනුර රනිල් එකට එකතු වෙලා. මොක ද... ඔවුන් කැමති ජනතාවට හැමදාම පීඩාවට පත්ව සිටිනවාට; හේන් ගොවියා, කිරි ගොවියා රකිනවාට මේ අය විරුද්ධ යි. එබැවින් මේ අනුර රනිල් කූට සන්ධානය පරාජය කරන්න කටයුතු කළ යුතු යි. ජනතාව වෙනුවෙන් කැපවෙන සමගි ජන බලවේගයේ පොදුජන යුගයට හයිය ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. පන්ති, පක්ෂ, කුල, ජාති, ආගම් භේද පසෙකලා සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවන්න එක්වන ලෙස මම ඉල්ලා සිටිනවා.’’
Lanka Newsweek © 2024