Thursday 30th of April 2026

English Tamil
Advertiesment


පුළුවන් ශ්‍රී ලංකා පස් අවුරුදු සැලැස්ම එළිදකී 


2024-08-29 14897

 

නැවත රට කඩා නොවැටෙන, ඉදිරි පස් අවුරුද්දේ ශක්තිමත් රටක් ගොඩ නගන ජනාධිපතිතුමාගේ පුළුවන් ශ්‍රී ලංකා පස් අවුරුදු සැලසුම සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදක්වනව

 

 

 

නැවත රට කඩා නොවැටෙන ලෙස ඉදිරි පස් වසර තුළදී රට ශක්තිමත්ව ගොඩ නගන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුළුවන් ශ්‍රී ලංකා පස් අවුරුදු සැලසුම සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය  අද දිනයේදී එළිදක්වන බව කම්කරු සහ විදේශ රැකියා කටයුතු පිළිබද ජනාධිපති උපදේශක මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

අගෝස්තු (29වැනිදා දින එලි දක්වන ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මේ බව සදහන් කළ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද සදහන් කළේය.


පුළුවන් ශ්‍රී ලංකා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පස් අවුරුදු වැඩ පිළිවෙල සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය  අද දිනයේදී එළි දක්වනවා. සමාජ, ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රීය වශයෙන් කඩා වැටුණ රට වසර දෙකක් ඇතුළදී ගොඩ නගලා, නැවත රට කඩා නොවැටෙන ලෙස  ඉදිරි අවුරුදු පහේදී ගොඩ නගන සැලසුම තමයි අද දිනයේදී ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරලා තියෙන්නේ.

සුරංගනා කතා නොවන, ආර්ථිකය, ජනතාවගේ ජීවන තත්වය ගොඩ නගන මෙහෙයුම තමයි ඉදිරිපත් කරන්නේ. රට ගොඩ නගන ඉදිරි පස් අවුරුදු මෙහෙයුම තමයි මේ ඉදිරිපත් කරන්නේ.

 

 

 

 

Advertiesment