Tuesday 21st of April 2026

English Tamil
Advertiesment


සජිත්ගේ කකුලෙන් අදින්න එපා-ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම ගන්න


2024-08-28 14881

ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ සමගි ජන සන්දානයේ නායක  සජිත් ප්‍රේමදාස බවත් ඔහුට  බාධා නොකර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම සුදුසු බවත්  සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

නිකුත්ව ඇති  සමීක්ෂණ වාර්තා අනුව සජිත් ප්‍රේමදාස තම නායකයාගේ ජන්ද පදනම වැඩි වී තිබෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

“සියලුම දත්ත අරන් බැලුවහම සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වෙද්දී ඒ කියන්නේ පහුගිය සති කිහිපය තුළ 46%ඉදන් 48% දක්වා වර්ධනයක් පෙන්නුම් කරනවා.

ඉතා වගකීමෙන් කියන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත්, ජනතා විමුක්ති පෙරමුණත් මේ දෙගොල්ලොම කරන්නේ එකම දේ. ඒ දෙගොල්ලන්ටම වුවමනාව තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට බාධා කරන්න.

ඇත්තමට මේක පැරදෙනවා කියල දැන දැනනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජන්දේ ඉල්ලන්නේ. පැරදෙනවා කියලත් දැන දැනම ජන්දේ ඉල්ලන්නේ මොකටද වුවමනාව තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කකුලෙන් අදින්න. වෙන මොනවත් නෙවෙයි නැත්නම් එතුමාට ඉල්ලන්න කිසිම හේතුවක් නැහැ. එතුමාට ගෞරවනීය ලෙස විශ්‍රාම යන්නයි දැන් තියෙන්නේ. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා තුන්වෙනි වතාවට ජන්දේ ඉල්ලන්නේ නැතුව විශ්‍රාම ගියා නම් මම හිතන්නේ එතුමාට ලොකු ගෞරවයක් ඇති වෙනවා. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට යම් ගෞරවයක් රැකගන්න නම් විශ්‍රාම යන්න ඕනේ. එහෙම නැත්නම් මේ ජයග්‍රහණය කරන අපේක්ෂකයාට බාධා කරන එක ලොකු අපරාධයක්.” 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment