Thursday 18th of June 2026

English Tamil
Advertiesment


දිලිනි රට හැර යයි


2024-08-27 14938

 

මේ සටහන ඔබ දකින විටදිත් ඇය ඔබට මට සමු දී අවසන්. කවුද මේ. දැනටමත් ඔබ විමසිලිමත් බව අප දන්නවා. අය පුංචි තිරයේ දිගු වරලසකට හිමිකම් කියන අවිහිංසකාවියයි. දිලිනි ලක්මාලි යන නම තරමටම දිගු වරලසක් ඇති නිළිය කියූ පමණින් බොහෝ දෙනා ඇය හඳුනනවා. 

 
දිලිනි හදිසියේම ඇයි රට හැර යන්නෙ

 

මේක හදිසියේ ගත්ත තීරණයක් නෙවෙයි. කලාවට එන්න පෙරම මගේ හිතේ අධිෂ්ඨානයක් තිබුණා කවදාක හෝ මා විවාහ වූ දිනක මම ජීවිතයේ මුල්තැන විවාහ දිවියට දෙනවා කියන හැඟීම. ඉතින් මම පසුගිය වසරේ විවාහ වුණා. මගේ සැමියා රැකියාව කරන්නේ නවසීලන්තයේ. ඒ නිසා යෙදී තියෙන කරුණු කාරණා අනුව ඔහුට රැකියාව අතහැර ලංකාවට ඇවිත් ගත කරන්න අපහසුයි. නමුත් මට ඒ රටට ගිහින් ඔහුත් සමග ගත කරන එක ඊට වඩා පහසුයි. ඒ නිසා මම තීරණය කළා ඔහු ඉන්න රටට යන්න. මේ ලිපිය පළ වන විට මම ලංකාවෙන් ගිහින්.

 
දිලිනි ලංකාවෙන් යන්නෙ කලාවට සමුදීලද

 

මම කලාවට සමුදීලා නැහැ. අවුරුදු දාසයක් මම කලාවේ රැඳී උන්නා. කලාවට ආදරය කරන කලාකාරිනියක් විදිහට කලාවෙන් ඈත්වෙන එක පහසු නැහැ. ඒත් කාන්තාවක්, බිරිඳක් විදිහට ජීවිතයේ සාර්ථකත්වයක් දකින්න දෙතැනක ජීවත් වෙලා බැහැ. ඒ නිසා මම ඔහු ජීවත් වෙන රටට යනවා. අපි ලංකාවට ආව අවස්ථාවක හෝ මට ඇවිත් කරලා යන්න පුළුවන් හෝ කලා නිර්මාණයක් ලැබුණොත් මම ඒ නිර්මාණය පවතින වාතාවරණය අනුව භාරගනියි.

 

 

Advertiesment