ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අරඹමින් අගෝස්තු (21 වැනිදා) වැනිදා ශ්‍රී ලංකාව සහ එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆෝර්ඩ් ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ වනු ඇත. මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරගයක් සඳහා සහභාගී වන්නේ 2014 වර්ෂයෙන් පසුව වන අතර මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක් සඳහා සහභාගී වන්නේ 2002 වර්ෂයෙන් පසුව වීමද විශේෂත්වයකි.
දෙරට අතර ටෙස්ට් තරග 36ක් මේ දක්වා පවත්වා තිබෙන අතර මින් තරග 8ක ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වී ඇත. තරග 17කදී ශ්‍රී ලංකාව පරාජය වී තිබෙන අතර තරග 11ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් වී ඇත. මින් තරග 18ක් එංගලන්තයේ පවත්වා තිබෙන අතර ශ්‍රී ලංකාව එංගලන්තයේ ජයගෙන ඇත්තේ තරග 3ක් පමණි. ශ්‍රී ලංකාව එංගලන්තයේදී ලබාගත් අවසන් ටෙස්ට් ජයග්‍රහණය 2014 වර්ෂයේදී වාර්තා වූ අතර අදාළ තරගාවලියේ ජයග්රහණයද තරග 1 - 0ක් වශයෙන් ශ්‍රී ලංකාවට හිමි විය. කෙසේවෙතත් ඉන් අනතුරුව පැවැති එක් තරගයක හෝ ජයග්‍රහණයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වූ අතර පැවැත්වූ තරග 8න් 7කදීම පරාජය වීමටද ශ්‍රී ලංකාවට සිදු විය.
තරගය පැවැත්වෙන දින 5 පුරාවටම සෙල්සියස් අංශක 18 නොඉක්මවූ ශීතල කාලගුණ තක්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවත් 22 සහ 23 දෙදින, එනම් තරගයේ දෙවන සහ තෙවන දෙදිනයන්හීදී වර්ෂාපතනයෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩක් තිබෙන බවටත් අනාවැකි පළ කර තිබේ.
ඕල්ඩ් ට්‍රැෆෝර්ඩ් ක්‍රීඩාංගණයේ මේ දක්වා ටෙස්ට් තරග 84ක් පවත්වා තිබෙන අතර මින් තරග 32ක ජය පළමුවෙන් පන්දුවට පහර දුන් කණ්ඩායමට හිමි වද්දී දෙවනුව පන්දුවට පහර දුන් කණ්ඩායම ජය ගෙන තිබෙන්නේ තරග 16ක් පමණි. මේ හේතුවෙන් එංගලන්ත කණ්ඩායම කාසියේ වාසිය හිමි කරගතහොත් පළමුවෙන් පන්දුවට පහර දීමේ ඉඩක් පැවතුණත් එංගලන්ත කාලගුණ සහ දේශගුණික තත්වයන් නුහුරු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යොමු කිරීමට වැඩි කැමැත්තක් පළකර ඇත.
Lanka Newsweek © 2024