Friday 1st of May 2026

English Tamil
Advertiesment


සාගරගේ ලිපියට පියල්ගෙන් පිළිතුරු 


2024-08-03 14887

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තීරණවලට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තරාතිරම නොබලා අහෝසි කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් පක්ෂ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට ගිය මන්ත්‍රීවරුන්ට ලිපියක් යවා ඇත.

එසේ ගිය මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇතැයිද එම ලිපියෙන් දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසන්නේ  සාගර කාරියවසම්ලා මොන තීරණ ගත්තත්  රට ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගත් තීරණය වෙනස් නොවන බවයි.

Advertiesment