Thursday 18th of June 2026

English Tamil
Advertiesment


පොලිස් සාජන්ට වැඩ වරදී 


2024-08-03 14889

වත්තල, මාබෝල ප්‍රදේශයේ බහාලුම් අංගනයකට යාම සඳහා පැමිණි ලොරි රථයක් රියදුරු නොමැතිව මාර්ගයේ නවතා තැබීම හේතුවෙන් රථවාහන රාජකාරියේ නිරත පොලිස් සාජන්වරයෙකු එහි ඉදිරිපස රෝදයේ හුළං යවන රූපරාමු පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

එම පොලිස් නිලධාරියා එහිදී පවසන්නේ මාර්ගයේ ගමනාගමනයට බාධාවීම හේතුවෙන් එලෙස හුළං යැවූ බවය. සිද්ධිය සම්බන්ධයෙන් ඒ මොහොතේ එම ස්ථානයේ සිටි පිරිසකගෙන් ද විරෝධයක් එල්ල වී තිබුණි..

කෙසේ වෙතත් අදාළ ස්ථානයට පැමිණෙන ලොරි රථයේ රියදුරු පවසා ඇත්තේ, ලියකියවිලි භාරදීම සඳහා තමන් බහාලුම් අංගනයට ගිය බවය. මෙම පොලිස් නිලධාරියා ලොරි රථයේ රියදුරුට දඩ කොළයක් ලබාදී එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පවසන්නේ  අදාළ පොලිස් සාජන්වරයා සිදුකරන ලද එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම අනීතික ක්‍රියාවක් බවත් මෙවැනි වරදක් සඳහා දඩ මුදලක් පමණක් පැනවිය හැකි බවත්ය. 

මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත්වන බැවින් ඔහුට විරුද්ධව දැඩි විනය පියවර ගැනීමට නියමිත බවත් පොලීසිය පැවසීය.

ඒ අනුව අදාළ නිලධාරියාව විනය පරීක්ෂණයක් සඳහා අද දිනයේදී පොලිස් රථ වාහන කොට්ඨාසයට කැඳවා ඇතැයිද වාර්තා වෙයි.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment