එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති සාගල රත්නායක මහතා එම පක්ෂයේ සියලු දේශපාලන කටයුතු, ක්‍රියාකාරකම් සහ සංවිධාන කටයුතුවලින් බැහැරව මේ වන විට මාතරට වී හුදෙකලාව සිටියි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජනවාරි මස 21 වැනිදා "සිරිකොත" මූලස්ථානයේ පැවැති එම පක්ෂයේ නව නිලධාරී මණ්ඩලයේ වැඩ භාර ගැනීමේ උත්සවයට සේම, 2021 පෙබරවාරි මස 04 වැනිදා එම මූලස්ථානයේම පැවැති ජාතික නිදහස් දින උත්සවයට ද සාගල රත්නායක මහතා සහභාගී නොවිණි.
මේ අතර කොළඹ වාරයේ වාරයේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන තත්ත්වයට අදාළව හිටපු වරයා සහ නාවික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය සේම යහ පාලන ආණ්ඩුව එම ජැටිය සම්බන්ධයෙන් එදා අනුගමනය කළ වැඩ පිළිවෙළ පිළිබඳව රට-ජනතාව දැනුම්වත් කරන ලෙසට නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ද සාගල රත්නායක මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ සියලු දේශපාලන කටයුතු, ක්‍රියාකාරකම් සහ සංවිධාන කටයුතුවලින් බැහැරව සාගල රත්නායක මහතා මෙසේ හුදෙකලා වී සිටින්නේ වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, පාලිත රංගේ බණ්ඩාර සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට පක්ෂයේ ඉහළම තනතුරු ලබා දීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා ගත් ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමිනි.
සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් ධූරය, සභාපති ධූරය හෝ උප නායක ධූරය බලාපොරොත්තුවෙන් සිටී අතර මේ දිනවල රනිල් වික්‍රමසිංහ මහතාගේ හිත දිනා ගෙන ඔහුගේ ප්රියතමයා වී ළඟින්ම සිටින්නේ අකිල විරාජ් කාරියවසම් මහතා බව රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙක් "lankanewsweek" සමග පැවැසීය.
මේ අතර මාතර දිස්ත්‍රික්කය අත හැර කොළඹ දිස්ත්‍රික්කයෙන් සිය දේශපාලන කටයුතු අලුත් ආරකින් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක් සාගල රත්නායක මහතාට තිබෙන නමුත් ඊට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් සුභවාදී පිළිතුරක් දී නොමැති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
Lanka Newsweek © 2024