Friday 21st of March 2025

English Tamil
Advertiesment


රැකියා විරහිත උපාධිධාරීන්ට රජය ලබා දෙන විසඳුම කුමක්ද..?


2024-07-09 14738

 

විපක්ෂ නායක රජයෙන් ප්‍රශ්න කරයි

 

තමා උතුරු-නැගෙනහිර පළාත්වල කළ සංචාරයේ දී උතුරේ සහ මඩකලපු දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් සිය දුක්ගැනවිලි තමා වෙත ඉදිරිපත් කළ බවත් උද්ඝෝෂණයේ නිරත මේ අය සමඟ සාකච්ඡා කරන විට මේ රැකියා විරහිත උපාධිධාරීන්ට රජය ලබා දෙන ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් ඔවුන් ප්‍රශ්න කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (09) පැවසීය.

මේ උපාධිධාරීන්ගේ සුදුසුකම්වලට අනුව රජයේ අත්‍යාවශ්‍යම පුරප්පාඩුවලට ඔවුන් බඳවා ගැනීම් සිදු නොකරන්නේ මන්දැයි කියා ප්‍රශ්න කරන බවත් උතුරු පළාතේ සහ මඩකලපු දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් සිදු කළ ඉල්ලීම් මේ අවස්ථාවේ සභා ගත කරන බවත් ඒවා බලා රජයේ ප්‍රතිපත්තිය පවසන ලෙස ඉල්ලා සිටින බවත් මේ වන විට 50,000කට ආසන්න රැකියා විරහිත උපාධිධාරීන් සිටින නිසා ඔවුන්ට සහන සැලසිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

Advertiesment