Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


රට අතුරු පාරවල්වලින් ප්‍රධාන මාර්ගයට පිවිසිලා 


2024-07-09 14367

 

ජනපති රටට සුභ ආරංචියක් දී තිබිය දී ද්‍රෝහීන් රට ගිනි තබනවා 

 

ජනපති කිසිදු මැතිවරණයක් මඟ හරින්නේ නැහැ 

 

එජාපය ජනපතිවරණයට සූදානම් 

 

ජනපති සටනට එන්නේ සියලු පාර්ශව එකට ඒකරාශී කර ගෙන නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙසයි 

 

රටේ ප්‍රශ්න ක්‍රම ක්‍රමයෙන් විසඳෙමින් තිබෙන අතර රට අතුරු පාරවල්වලින් රට මහා පාරට එමින් පවතිනවා යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටට-ජනතාවට සුභ ආරංචියක් දී තිබිය දී කිසිදු දර්ශනයක්, වැඩ පිළිවෙළක් සහ ඉලක්කයක් නොමැති බල ලෝභී, පටු සහ අවස්ථාවාදී විපක්ෂය බොරු බිල්ලන් මවා ජනතාව නොමඟ යවමින් රටේ ගමන ආපසු හැරවීමට කුමන්ත්‍රණය කරන්නේ යැයි ද රවී කරුණානායක මහතා චෝදනා කළේය.

එක්සත් ජාතික පක්ෂ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාරයාලයේ පැවති උත්සවයකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

ජනාධිපතිවරණය ඇතළු කිසිදු මැතිවරණයක් කල් දැමීමට හෝ මඟ හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත් සූදානම් නැහැ. ජනාධිපතිවරයා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ අප ජනාධිපතිවරණයට සූදානමින් සිටින අතර අප නියත ලෙස ජය ගන්නවා.

සමහරුන් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරමින් සිටිද්දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන අප අපේ හැකියාවන් ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්නුවා. රටේ ප්‍රශ්න ක්‍රම ක්‍රමයෙන් විසඳෙමින් තිබෙන අතර රට අතුරු පාරවල්වලින් රට මහා පාරට එමින් පවතිනවා.

පළමුවෙන්ම පැවැත් වෙන්නේ, ජනාධිපතිවරණය ම තමයි. සියලු දෙනාටම පෙර ජනාධිපතිවරණයට සූදානමින් සිටින්නේ ජනාධිපතිවරයා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයයි. රට බංකොල්ලොත් වූ අවස්ථාවේ දී කිසිවෙකුත් රට භාර ගත්තේ නැහැ. සියලු නායකයින් රට-ජනතාව ගැන නොබලා පැන දිව්වා. ඒ අවස්ථාවේ දී අභියෝගවලට බිය නොවී රට භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමා මේ වන විට රට ස්ථාවර කර ජනතාවට නව බලාපොරොත්තු ඇති කර තිබෙන අතර කිසිවෙකුට කිසිදු චෝදනාවක් එල්ල කළ නොහැකියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටට-ජනතාවට සුභ ආරංචියක් දී තිබිය දී කිසිදු දර්ශනයක්, වැඩ පිළිවෙළක් සහ ඉලක්කයක් නොමැති බල ලෝභී, පටු සහ අවස්ථාවාදී විපක්ෂය බොරු බිල්ලන් මවා ජනතාව නොමඟ යවමින් රටේ ගමන ආපසු හැරවීමට කුමන්ත්‍රණය කරනවා. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඕනෑම දේශපාලන වේදිකාවකට යන්න හැකියාව තිබෙනවා. එතුමා අපේ සහ රටේ නිර්පාක්ෂික, පොදු සහ ජාතික අපේක්ෂකයා කියා අප කියන්නේ ඒ නිසයි. එතුමා රට-ජනතාව වෙනුවෙන් මේ ගමන යන්නේ සියලු දේශපාලන පක්ෂ සහ නායකයින් එකට ඒකරාශී කර ගෙනයි. 

Advertiesment