විදෙස් රාජ්‍ය නියෝජිතයන් හමුවී, අතට-අත දී ඡායාරූප ලබා ගැනීමෙන් පමණක් එම කටයුතු අවසන් නොවේ. අපගේ සාකච්ඡා ඔස්සේ රටට ප්‍රතිලාභයක් අත්විය යුතුය. ඊට භාෂාව, ආර්ථික දැනුම, ගෝලීය දේශපාලනික දැනුම, ඉදිරි දැක්ම සහ පුද්ගල සබඳතා වර්ධනය කර ගැනීමේ හැකියාව ආදී කරුණු රාශියක් බලපායි.
ලොව කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වන London School of Economics (LSE) හී ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනයට පා තැබූ මා මගේ උපාධිය සම්පූර්ණ කළේ මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් වන අතර (University of London) ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිධාරියෙකු ලෙස මම නැවත මව්බිමට පැමිණියේ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ලෝකය ඉදිරියට ගොස් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කිරීමේ හැකියාව ඇතිව ය. බ්‍රිතාන්‍යයේදී මා හට හමුවූ බොහෝ මිතුරු මිතුරියන් මේ වන විට විවිධ රාජ්‍යයන්හි වැදගත් තනතුරු දරන්නන් වීමත් අමතර වාසියකි.
2024 වසර ආරම්භයේදී, ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැක ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නැංවීම පිණිස ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබා ගැනීමට මුල් වුණේ එම ජාත්‍යන්තර සබඳතා ය. ඒ සඳහා මම එකදු හෝ විදෙස් සංචාරයකට සහභාගී නොවී රාජ්‍ය මුදල් ඉතිරි කළ බවද නිහතමානීව සිහි කරමි.
එමෙන්ම, බංකොලොත් රටේ ආර්ථිකය යළි නැංවීම වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) දායකත්වය ඉවතලිය නොහැකි මොහොතක, මහා ජනතාවට වහසි බස් දොඩමින් නොසිට, මා විසින් එහි ශ්‍රී ලංකාව භාර ප්‍රධානී පීටර් බෲවර් මහතාවද හමුවී අවශ්‍ය සහාය ලබා ගැනීමට අවශ්‍ය මාවත සකසන ලදී.
ජපන් විදේශ අමාත්‍යවරිය වන යොකෝ කමිකාවා මැතිණිය හමුවී ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නැංවීමට අවශ්‍ය සාකච්ඡා සිදු කරන ලද්දේ මීට මාස කිහිපයකට උඩදී ය. මාගේ පියාණන් වූ, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට ජපානය සමග තිබූ ශක්තිමත් සබඳතාත්, ජපානය සහ එහි සමාජය සේම සංස්කෘතිය පිළිබඳ කුඩා කල සිට මා ලබා තිබූ අත්දැකීමුත්, එහිදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීමට ඉවහල් විය.
2023 වසරේදී චීන නියෝජ්‍ය විදෙස් ඇමති සුන් වෙයිඩොංග් මැතිතුමාව හමුවී ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගත් අතර එම වසරේ ජුලි මාසයේදී විශේෂ චීන දූත පිරිසක් ද, මීට දෙමසකට පෙර චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ද හමු වුණෙමි. අසල්වාසී ඉන්දියාවේ මුදල් ඇමති සහ විදේශ ඇමතිවරයා ද හමු වන්නට කාලය වෙන් කළෙමි. ඉන්දීය ආර්ථික පිබිදීම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ මොන්ටෙක් සිං වැනි විද්වතුන් සමග අදහස් හුවමාරු කර ගත්තෙමි.
පසුගිය දා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්රොත් මැතිතුමාව විපක්ෂ නායක කාර්යාලයේ දී හමුවූ මොහොතේ අප විසින් සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවේ මහා ජනතාවට වැදගත් වන ආර්ථික, සාමාජීය සහ දේශපාලනික කරුණු ය.
ලෝක බලවතුන් සමග අදහස් බෙදා ගනිමින්, ඔවුන්ට අපගේ යෝජනා ද ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කර ගෙන, ලෝකයේ බැබළෙන රාජ්‍යයක් ලෙස අපගේ මාතෘ භූමිය ගොඩ නගන්නට නුඹට පොරොන්දු වෙමි. එම කර්තව්‍යය සඳහා අධ්‍යාපනිකවත්, ප්‍රායෝගිකවත් මා හට ඇති සූදානම මෙසේ ඔබ හමුවේ තබමි.
Lanka Newsweek © 2024