රටේ විශේෂ අවශ්‍යතා සහිත දූ දරුවන් ඇතුළු පුද්ගලයන් සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් යැයි "United Youth" සංවිධානයේ සභාපති සහ එහි නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මහතා පැවසීය.
විශේෂ අවශ්‍යතා සහිත දූ දරුවන් ඇතුළු පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිදු රජයක් එදා සිට මේ දක්වා කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද, මේ තත්ත්වය අතිශය කණගාටුවට කරුණක් බව ද සුදත් චන්ද්‍රසේකර මහතා පෙන්වා දුන්නේය.
"United Youth" සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර මහතා මේ බව කියා සිටියේ, විශේෂ අවශ්‍යතා සහිත පාසල් දරු දැරියන් සඳහා පාසල් උපකරණය බෙදා දීම වෙනුවෙන් මොරටුව සොයිසා මහා විද්‍යාලයේ දී "United Youth" සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් අර්ජුන කමලනාත් මහතා සහ මොරටුව හිටපු නාගරික මන්ත්‍රී අරුණසිරි මහතා විසින් සංවිධානය කර උත්සව අවස්ථාවට එක් වෙමිනි.
මොවුන් සම්බන්ධයෙන් ඇති නීතිරීති සහ අණ පණත් ආදිය ඉතා පැරැණි තත්ත්වයේ පවතින බවත්, වර්තමානයට ගැළපෙන ආකාරයට ඒ සියල්ල යාවත් කාලීන කළ යුතු බවත් පැවසූ සුදත් චන්ද්‍රසේකර මහතා එවැනි දරුවකු සිටින ඒ පවුල්වල සාමාජිකයින්ගේ මානසික තත්ත්වය සමාජයක් ලෙස අප තේරුම් ගත යුතු බවත් එම තත්ත්වය ඉතාමත් ඛේදනීය බවත් මුඵ පවුලම දැඩි මානසික පීඩනයකින් දුක් කරදර මැද ජීවත් වන බවත් අවධාරණය කළේය.
අද දෙපා අහිමි රණවිරුවෙකුට වත් තනියම බස් රථයක හෝ දුම්රියක හෝ පොදු ස්ථානයක හෝ ගමන් කිරීමට අවශ්‍ය පහසුකමක් නැතැයි ද, ලෝකයේ අනෙකුත් රටවල වගේ ශ්‍රී ලංකාවේ ආබාධිත පුද්ගලයන් සඳහා පොදු ප්‍රවාහන සේවයක් නැතැයි ද පෙන්වා දුන් සුදත් චන්ද්‍රසේකර මහතා ඔවුන්ට විශේෂිත වූ දුම්රිය සහ බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන පහසුකම් ඇති කළ යුතු යැයි ද, පොදු ස්ථානවලට, රජයේ කාර්යාලවලට සහ බැංකුවලට ඔවුන්ට පහසුවෙන් යාමට ඇති පහසුකම් හැකි ඉක්මනින් සලසා දිය යුතු යැයි ද සඳහන් කළේය.
සෑම රජයක් ම සිය වැඩපිළිවෙළට සහ අයවැය ලේඛණය මගින් ප්‍රතිපාදන ලබා දීමට වග බලා ගැනීම ඔවුන් වෙනුවෙන් කරන මහඟු ජාතික මෙහෙවරක් පමණක් නොව මහා විශාල පුණ්‍ය කර්මයක් වනවා නොඅණුමාන යැයි ද සුදත් චන්ද්‍රසේකර මහතා එහිදී පෙන්වා දුන්නේය.
"United Youth" විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ එකමුතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීනා සේරම් මහත්මිය ඇතුඵ කණ්ඩායම විසින් මේ සම්බන්ධව සකස් කර ඇති කෙටුම්පත් වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
Lanka Newsweek © 2024