"lankanewsweek" වෙබ් අඩවිය අඟහරුවාදා (02) දැඩි "DDoS" ජාල ප්‍රහාරයකට ලක් වූ අතර ඒ හේතුවෙන් බදාදා (03) මධ්‍යම රාත්‍රිය දක්වා වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වී තිබිණ.
මේ හේතුවෙන් "lankanewsweek" පාඨකයින් පත් වූ දැඩි අපහසුතාවය ගැන අපි අපගේ සාතිශය සංවේගය පළ කර සිටින අතර "සත්‍යයේ අවධානය පිණිස" යන තේමාව යටතේ ජනමාධ්‍යකරණයේ යෙදී සිටින "lankanewsweek" සමග අඛණ්ඩව රැදී සිටින ලෙස ඉල්ලා සිටිමු.
මෙම "DDoS" ජාල ප්‍රහාරය සම්බන්ධයෙන් "lankanewsweek" මේ වන විටත් නීතිමය පියවර ගනිමින් සහ මේ පිටුපස සිටින අය සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින අතර ඒ සම්බන්ධ තොරතුරු ඉදිරියේ දී හෙළි කර සිටින්නෙමු.
"lankanewsweek" වෙබ් අඩවිය මෙවැනි දැඩි ජාල ප්‍රහාරයකට ලක් වූයේ සිව් වැනි වතාවට වන අතර මෙවැනි බියගුළු නරි ප්‍රහාර මගින් "lankanewsweek" ගමනට කිසිදු බලවේගයකට බාධා එල්ල කළ නොහැකි බව අපි තරයේ සහ වගකීමකින් යුතුව කියා සිටින්නෙමු.
ශ්‍රී ලාංකික ජන සමාජයේ තොරතුරු සාක්ෂරතාවය, (Information literacy) ඩිජිටල් සහ ජනමාධ්‍ය සාක්ෂරතාවය, (Digital and media literacy) බහු සංස්කෘතික සාක්ෂරතාවය, (Multicultural literacy) ප්‍රජා සාක්ෂරතාවය, (Civic literacy) දේශපාලන සාක්ෂරතාවය, (Political literacy) සහා සමාජ සාක්ෂරතාවය, (Social literacy) වර්ධනය වන අයුරින් දත්ත මාධ්‍යකරණයේ යෙදීම, “lankanewsweek” හී පොදු අරමුණ වේ.
Lanka Newsweek © 2024