Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව හිටපු ජනපති කියයි 


2024-07-02 14333

 

"ජනපති එක්ක අපේ තරහක් නැහැ-අපි එතුමාගේ බූදලය ගන්න යන්නේ නැහැනේ"

 

"අපි දේශපාලන වශයෙන් මත දෙකක ඉන්නේ"

 

"අපිත් එක්ක වැඩ කරන්න පුළුවන් එක්කෙනෙකුට අපි සහය දෙනවා"


ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ, සිය චීන නිල සංචාරය නිමවා යළි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.

"අපි අපේක්ෂකයෙක් දානවා. පක්ෂය තවම තීන්දුක් ගෙන නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවවාදියිනේ...සියලු දෙනා එක්ක කතා කරලා තමයි වැඩක් කරන්නේ. ජනාධිපතිතුමා එක්ක අමනාප වෙන්න හේතුවක් නැහැනේ. අපි දේශපාලන වශයෙන් මත දෙකක ඉන්නවා. මොකද එතුමා එක්ක අමනාප වෙන්න එතුමාගේ බූදලය ගන්න යනවා යැයි අපි. අපිත් එක්ක වැඩ කරන්න පුළුවන් එක්කෙනුකුට එපැයි අපි දෙන්න. එයාට අපි සහයෝගය දෙනවා. අපි තාම තෝර ගෙන නැහැ. ජනතාවගෙන් මතු වෙන්න ඕන. නායකයෝ මතු වෙන්නේ ජනතාවගෙන්. තව වෙලාව තියෙනවා."

Advertiesment