විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ගැන යෝජනා සම්මත කරගැනීමට අදාල විවාදයක් ජූලි 2 සහ 3 පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.යෝජනාවට අදාළ ඡන්ද විමසීම ජූලි 03 වෙනිදා හවස තියනවා." ජූනි අවසන් සතියේ රනිල්ගේ ජනප්‍රියත්වය 10% කින් ඉහලට " ලිපියෙන් රටේ රාළ කිව්වේ ජූනි අවසානය වෙනකොට රනිල්,සජිත් සහ අනුර එකම තලයකට එයි කියලයි.
පොඩි පොඩි වෙනස්කම් සහිතව උනත් දැන් අශ්වයෝ තුන්දෙනාම ඉන්නේ එකම බන්ච් එකේ. දැන් තුන්දෙනාම ඉන්නේ 20% ට උඩින් සහ 25% ට පහලින්.තවමත් පොඩි සංඛාවකින් සජිත් ඉස්සරහින් ඇති.අනුර සහ රනිල් ඉන්නේ ගොඩක් දුරට එක ළඟ.දැනටමත් රනිල් අනුර අභිබවා ගිහින් වෙන්නත් පුළුවන්.මාලිමාවේ රැල්ල දැන් අනිත් පැත්ත හැරිලා.
රටේ රාළ දිගටම කිව්වේ අනුරට එයාගේ ජනප්‍රියත්වය දිගටම රැකගන්න බෑ කියලයි.ඒක දැන් අනුරලාටත් තේරිලා ඇති.ආයෙත් වටයකින් අනුරලා කැම්පේන් එක උස්සන්න දරපු උත්සාහයත් අසාර්ථකයි.ජවිපෙ ආයෙත් විනාශකාරී වෘත්තීය සමිති ක්‍රියාවලියට බරවෙලා තියෙන්නේ මාලිමාවේ කඩා වැටීම එයාලටත් දැනෙන හින්දා වෙන්න ඕනි.ජවිපෙ කියන්නේ පරාජය ඉස්සරහා විනාශකාරී ක්‍රියාමාර්ගවලට යොමුවෙන පක්ෂයක්..?
හරිනිගේ පැත්තෙන් මාලිමාව උස්සන්න ලොකු ට්‍රයි එකක් දෙනවා.ඒකෙන් හරිනි චරිතයක් විදිහට උඩට ඉස්සුනත් හරිනිට මාලිමාව ගොඩදාන්න කීයටවත් බෑ.හදුනෙත්තිලා කට අරින පාරක් ගානේ මාලිමාවට ලොකු ඩැමේජ් එකක් වෙනවා.සජිත්ට තවදුරටත් රේස් එකේ ඉස්සරහින් ඉන්න පුළුවන්ද කියන එක ජූලි මුල් සතිය ඇතුලත තීරණය වෙයි.මොකද අනුර කඩා වැටුනට රනිල් උඩට එමින් තියනවා.
සජිත්ට රාජපක්ෂලාගේ සහය අභයන්තරිකව හම්බ වෙනවා ඇති කියන සැකය රටේ රාළට නං බරපතල විදිහට තියනවා.රාජපක්ෂලාගේ B ප්ලෑන් එක වෙන්නේ සජිත් ජනාධිපති කරවලා නාමල් විපක්ෂ නායකයා කරගන්න වෙන්නත් පුළුවන්.රනිල්ගෙන් අගමැතිකම ගන්න රාජපක්ෂලා තවමත් උත්සාහ කරමින් ඉන්නවා. ඒක පුස්සක් උනොත් රාජපක්ෂලාත් ජවිපෙ වගේ විනාශකාරී මෙහෙයුමකට යන්න පුළුවන්.මොකද දැන් නාමල්ට වඩා ලන්සා - ශ්‍රිලනිප සන්ධානය අගමැතිකමට කිට්ටුයි.
අපේක්ෂකයෝ තුන්දෙනා එකම තලයකට ඒමෙන් වැඩි වාසිය තියෙන්නේ රනිල්ට.හැබැයි මේ තැන රනිල්ටත් තීරණාත්මකයි.මොකද මේ වගේ සීරියස් තැනකට ආවට පස්සේ අපේක්ෂකයෝ තුන්දෙනාම අවුල් වෙන්න පුළුවන්.සජිත් තවමත් රේස් එක අල්ලගෙන ඉන්නවා.අනුර දැනටමත් අවුල්වෙලා.අනුර අවුල්වීමෙන් සජිත් උඩට එනවා.දැන් සජිත් උඩට ඇවිත් තියෙන්නේ ඒකෙන්.ඒක නිසා රනිල්ට මේ වෙලාවේ තියන එකම විකල්පය සජිත් වැට්ටවීමයි.අනුරලා තමන්ගේ වෘත්තීය සමිති බටෑලියන් එක කැඳවීමෙන් එයාලගේ අවුල පේනවා.
රනිල් මේ තත්වය ගැන අවබෝධයකින් ගේම් එක haddle කරන බව පේනවා.මෙතනින් ඉස්සරහට රනිල් සතියෙන් සතිය නෙවෙයි දවසින් දවසේ ගේම් එක ප්ලෑන් කරන්න වෙයි.තුන්දෙනාම සමාන තත්වයට ආව ගමන් රනිල් ඉස්සෙල්ලාම අත තියන්න ඕනි සජබයට.26 වෙනිදා රනිල් ජාතිය අමතලා ණය ප්‍රතිව්‍යුහගතකරණ ගැන කිව්වා.අනුර සහ සජිත් ඊට සතියකට උඩදී ඉදන් රනිල් කරන්නේ බොරුවක් කියලයි කියමින් හිටියේ.
හර්ෂ,මරික්කාර්,හදුන්නෙත්ති එයාලා දන්න ආර්ථික විද්‍යාවේ කෑලි දදා රනිල්ට ගැහුවා. කොහොම හරි විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක බව දැන් කාටත් තේරිලා.ඇමරිකාව, ඉන්දියාව,ප්‍රංශය,ජපානය,චීනය වගේ රටවල් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙල අගය කරමින් කතා කළා.IMF එකත් ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් තමන් පිළිගන්නා බවත් නිවේදනය කළා.
ඇත්තටම ඒ ක්‍රියාවලිය ඇතුලේ සහන ප්‍රමාණයක් රටක් විදිහට අපට තියනවා.නාමල් කියන විදිහට ණය ගෙවීම 2028 දක්වා දීර්ඝ වෙලා විතරක් නෙවෙයි රට ආයෙත් සංවර්ධන ක්‍රියාවලියකට යොමු කරගන්නත් දොරටු කීපයක් ඇරිලා තියනවා.දැන් රනිල් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලලා තියනවා.ඒක තමයි ජුලි 2 සහ 3 දවස් දෙකේ තියෙන්නේ.
මෙතනදී රනිල් එක ගලෙන් කුරුල්ලෝ කීප දෙනෙක් බිම දාන්න හදන බව පේනවා.ඇත්තටම මේ වගේ තත්වයක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් ගන්න එක පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පැත්තෙන් හොඳයි.IMF වැඩපිලිවෙල ගැන සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ සම්බන්ධව රනිල් දිගටම පාර්ලිමේන්තුවත් එක්ක සාකච්ඡාවක හිටියා.මේ සංවාදයටත් රනිල් සෘජුවම සම්බන්ධ වෙයි.ප්‍රශ්නවලටත් උත්තර දෙයි.මෙතනදී රනිල් බලාපොරොත්තු වෙනවා ඇත්තේ රටේ ආර්ථික ගොඩනැගීමේ හැකියාව තියෙන්නේ තමන් අතේ බවට මතවාදී තහවුරුවක් ගන්න.
ඒ මතවාදීම බලය මේ වෙලාවේ රනිල්ට වැදගත්.එහෙම මතයක් හැදුවොත් විතරයි රනිල්ට පොලොවේ ඡන්ද හැදෙන්නේ.ඒ වගේම රනිල් මෙතනදී සජබය ඇතුලටත් මුට්ටිය දාන බව පේනවා.මීට කලින් සජබෙ අය එනවා එනවා කිව්වත් කවුරුත් ආවේ නෑ.හැබැයි මේ ප්ලෑන් එක රනිල්ගේම වෙන්න ඕනි.ඒක නිසා සජබයට මෙතන අනතුරක් තියනවා.
සමහරවිට සජබ කීපදෙනෙක් විපක්ෂය පැත්තෙන් ආණ්ඩු පක්ෂය පැත්තට එයි.දැනට එන කීපදෙනෙක් ගැන ආරංචියක් තිබුණත් ඒක කියන එක හරි නෑ.කොහොම උනත් එනවා කියලා හිතපු අයට වඩා වෙනස් කණ්ඩායමක් එන්න පුළුවන්. එනවා කියන අය ඉතින් කොහොමත් එනවා. මෙතනදී රනිල් දන්නවා සජිත් වට්ට ගහන්න එන හොඳම අවස්ථාව මේක බව.
තවදුරටත් සජිත්ට රේස් එකේ ඉස්සරහින් යන්න දීම අවධානම් බව රනිල් දන්නවා ඇති.රේස් එකේ ඉස්සරහහින් සජිත් දිගටම හිටියොත් ඉස්සරහින් යන කෙනා වටේට බලවේග පෙල ගැහෙන එක නතර කරන්න බෑ.ඒක නිසා රනිල් දැන් ඉස්සරහට පනින්නම ඕනි.ඒ පිම්ම රනිල්ට තීරණාත්මකයි. අනික තමයි 2,3 විවාදයෙන් රාජපක්ෂලාත් අර්බුදයට යනවා.පැහැදිලිව පොහොට්ටුව දෙකට බෙදෙනවා.ඒක එලියට පේන එක වලක්වා ගන්න රාජපක්ෂලා පොහොට්ටුව ඇතුලේම හැංගෙන්න උත්සහ කරයි.නාමල් කියන විදිහට පොහොට්ටුව හැසිරෙයිද කියලා තුන්වෙනිදාට බලා ගන්න පුළුවන්. පොහොටුවේ බහුතරය රනිල් එක්ක ඉන්න බව තුන්වෙනිදාට ඔප්පු වෙයි.
Lanka Newsweek © 2024