"ආරංචිය සුබයි" එක් රැයකින් ඇල වුණු පෝස්ටරයෙන් දේශපාලන ලෝකය නන්නපෝල් විය. සිදු වන්නේ කුමක්දැයි තේරුම්ගත නොහැකිව විපක්ෂය කරකවා අතහැරියේය. මාළිමාව එම වචන දෙකට බිය වී හතර අතේ නෙලුවේ අග මුල නොදැනය.සජබ ඹළුව කූල් බව පෙන්නුව ද ඇතුළේ ගිණි බව පෙණින.
රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රටවල් 17 කින් යුතු පැරිස් සමාජය හා චීනය ගිවිසුම්වලට අත්සන් තැබුවෝය. ඒ තුළ ඩොලර් බිලියන 10 ක එනම් සමස්ත ණයෙන් 27% ක් ප්‍රතිව්‍යුහගත විය. කාර්තු 6 ක් බංකොලොත්ව සිට 79% උද්ධමනය තනි ඉලක්කමට ආසන්න කර මාස ගණනක් පුරා කපටි නරියා ලෝකය සමග පොර බදා මේ සුබවාදී බව ලබා ගත්තේය.
එය රටට එළි කරන කටයුත්ත දේශපාලන කැබිනට්ටුවේ මාධ්‍ය අනුකමිටුවට පැවරිණ. රට කැළඔූ පෝස්ටරය නිර්මාණය වූයේ පූර්ව ප්‍රචාරයක් ලෙසිනි. එදින ජාතිය ඇමතීම ජනපතිවරණයේ ආරම්භය බවට අදහස් ආවද එය හා ණය පටලවා නොගත යුතු බවට තීන්දු කෙරිණ. එම තීන්දු නොදත් රවී ජනපති අපේක්ෂකත්වය ද එදින ප්‍රකාශයට පත් කරන බවට ප්රවෘත්ති සාකච්ඡා තබා කිව්වේය. "සමහරු ප්ලෑන් අමුවෙන්ම කාල දානවා" සමහරු කීවේ එහෙමය.
මඩකලපු ගිය රනිල් බෝම්බ පිපිරුණු සියොන් පල්ලියට ද ගියේය. මුදල් වෙන් කළ ද 2019 ආණ්ඩු මාරුව සමග ප්‍රතිසංස්කරණ අඩාලවීම රනිල්ට ඇල්ලුවේ නැත. "මුස්ලිම් ප්‍රදේශ ගැන ඒ ආණ්ඩු කාලයේ බැලුව මදි.පාස්කු බෝම්බෙ ගැනත් සැකයි" බොහෝ අය කීවේ එහෙමය. "ජනපති අරමුදලෙන් පල්ලිය හදන්න. හමුදා සහාය ගන්න" ජනපති සාගලට කීය.
උරුමය ඔප්පු බෙදූ ජනපති ඇමති වියලේන්ද්රගේ ගෙදර ගියේය. දෙමළ සන්ධානයෙන් ආ ඔහු දැන් පක්ෂ නායකයෙකි. ඔහු දක්ෂ ටියුෂන්කාරයෙකු බව එළි වුයේ තේ බොන අතරේය. "සති අන්තෙ මම තාම ටියුෂන් කරනවා" ඔහු කීවේය.ජනපති පිල්ලෙයාන්ගේ කාර්යාලයට ද ගියේය. "අපි ඔබ දිනවනවා" පිල්ලෙයාන් කීවේය.
පසුදා කාත්තන්කුඩි පල්ලි යන විට පොදි කන සෙනග දැක ඔවුන් සමග කතා බහ කරන්නට වාහනයෙන් බැසීමට කපටි නරියා දෙවරක් හිතුවේ නැත. මන්ත්‍රී අලි සහිර් මවුලානා ද ආවේය. පසුදා කොළඔ ඒමට මඩකලපු ගුවන්තොටට ගිය ජනපතිට ඔහුට හැමදා පහර දෙන මන්ත්‍රී රාසමානික්කම් හමු විය. ප්‍රදේශයේ ප්‍රශ්න හා දේශපාලනය ගැන දෙදෙනා කතාබහ කළහ.
සදුදා කාර්යාලයට ගිය විට පෝස්ටරය ගැන හුග දෙනෙක් කීවෝය. නරියා ඔළුව වනමින් අසා සිටියේය."ඕක කාගෙ වැඩක්ද" නරියා ඇසුවේ කොක්හඬලමිනි. එය මනූෂගේ වැඩක් බවත් ජවිපෙ පරදවා එක රැයෙන් පෝස්ටර ඇලවීමේ මනූෂලාගේ හැකියාව ද අගැයිණ. පෝස්ටරය නැගලා ගිය තරම කිව හොත් ඊට නව අර්ථ කථන දී පෝස්ටර් අලවා තිබිණ. මාළිමා කාඩර්වරු පෝස්ටරයට බයවී මඩ ගසද්දී "සුබ ආරංචියක් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්" නමින් ද රටපුරා ඇල වුණේය.
"ඒක ෆේක් මඩ පෝස්ටරයක්" මහින්දානන්ද කීවේ පොහොට්ටුවට කොචොක් එකටදැයි පැහැදිලි නැත."රට බංකොලොත්කමෙන් මිදෙනවා කියලා ඔබතුමා නෙවෙයි ණය හිමියනුයි කියන්න ඕනෑ කියල විපක්ෂය කියනවා" අයෙක් ගුග්ලියක් දැම්මේය. "මගේ කතාව මමනේ දන්නේ.රට බංකොලොත්කමෙන් මිදෙනවට විපක්ෂය අකමැතිද" නරියා අත දිගහැර වැනුවේය.
"පැරිස්වල ගිවිසුම අත්සන් කරන්නෙ ලංකාවෙ වෙලාවෙන් දවල් 02ට. අප්ඩේට් එකත් බලල රෑ 08 ට ජාතිය අමතමු" ප්රවෘත්ති අධ්යක්ෂ දිනිත්ගේ අදහසට අනුමැතිය ලැබිණ. 26 රෑ 08 ට ජනපතිට කාලය වෙන් කරන ලෙස ඉල්ලා දිනිත් මාධ්‍ය ආයතනවලට ලිපි යැවීය. එම අයිතිය ඉල්ලා වෙබ්, යුටියුබ් හා විශාල පිරිසක් දිනිත් ඇමතීය. සියල්ලන්ට ඉඩ ලැබීමෙන් ජනපති කතාවකට මෙපමණ ආවරණයක් ලැබුණු මුල්ම අවස්ථාව මෙය විය.
නීතිපතිට මාස 06 ක් දීමේ මුල්ම නරි හූව මෙන්ම දෙවන හූව ද වැරදුණේය.එහෙත් ජූලි 02 පාර්ලිමේන්තුව කැදවා අත්සන් කළ ගිවිසුම් සභාගත කිරීමට ජනපති තීන්දු කළේය.මහාචාර්ය ආශු මාරසිංහට තවත් වැඩ වැඩි වුණේ එහෙමය. "තනියම ගේම දීපු තනි අලියා" ආශු තවත් ඔටුන්නක් නරි ඔළුවේ පැළදු වේය. එය අගනා ශීර්ෂයක් ලෙස ද විග්රහ විය.
"මාළිමාවෙ ඇද වැටීම දරුවොයි රටයි පිටිනුයි යවලා පරණ විදියට ස්ට්‍රයික් රැල්ලක් ගේන්න හදනවා. ගුරුවරු හා රාජ්‍ය සේවකයො බිල්ලට දීල ස්ට්‍රයික් කළාට තමන් බලයට ආවොත් පඩි වැඩි කරන හැටි මාළිමාව නොකියන්නේ ඇයි" එහිදී ප්‍රශ්න කෙරිණ.
ඔප්පු බෙදීම කපටි නරියාගේ නොම්මර එකේ වැඩේ ය. අම්පාරේ ගියේද ඒකටය. එහි කකුලෙන් අදින නිලධාරීන් ට කපටි නරියා සත්තමක් දැම්මේ මළ පැනලාය. "සුබ ආරංචිය කියන වෙලාවෙ සතුට සමරන්න පාක්ෂිකයින් ඉල්ලනවා" රංගෙ කී විට ඊට ද එකගත්වය ලැබිණ.
ජාතිය ඇමතීමේ සටහන සාගල හා සමන් ඒකනායකගේ අධීක්ෂණය යටතේ සැකසිණ. ප්‍රංශ තොරතුරු දුන්නේ ඇමති ෂෙහාන් හා දිනිත් ය. චීන තානාපති අංශ සෙසු වගකීම් ඉටු කළහ. ජනපති මහා නාහිමිවරුද බැහැදුටුවේය.
"සුබ ආරංචියදාම ගුරුවරු ස්ට්‍රයික්. අපි පාසැල් 10,000 ම වැහුවා කියල ජවිපෙ උදම් ඇනුවා" එහිදී කියවිණ. "කාගෙවත් පඩි දැන් වැඩි කරන්න බෑ. මහ බැංකුව වැඩි කර ගත් පඩිත් නැවැත්තුවා. අයවැයෙන් දුන් 10,000 එක්ක අන්තිම වසර දෙකට ගුරුවරුන්ට රු 13,000 සිට 27,000 දක්වා වැඩි කළා. ගුරුකම අත්‍යවශ්‍ය සේවයක් කරල හරි දරුවන්ට උගන්නනවා" නරි ස්ථාවරය ආවේ ආවේගයෙනි. "ගුරුවරු හෝ රජයේ සේවකයන් ස්ට්‍රයික් කරවලා දේශපාලන ගේම් ගහන්න ආවොත් තදින් ඉන්න" නුවරදී ආ යෝජනාවට කපටි නරියා "හූම්" ගෑවා පමණි.
ඇමෙරිකාවේ ලාංකිකයන් සමඟ නිතර ගැවසෙන ඇමෙරිකන් මහින්ද පසුගියදා නිව් ජර්සි ගියේ ලංකාවේ පාසල් ක්‍රිකට් සැනකෙළියට ය. පැමිණ සිටි ලාංකිකයන් සමග පිළිසඳරේ යෙදීමට ඔහු දැක්වූ උනන්දුව කාගේත් පැසසුමට ලක්විය.
Lanka Newsweek © 2024