Tuesday 13th of May 2025

English Tamil
Advertiesment


අඳුරට ශාප නොකර රට වෙනුවෙන් සියලු දෙනා එක් විය යුතුයි 


2024-06-29 14387

 

ජන ජීවිතය පහසු නැහැ-හැබැයි රට ඉදිරියට යනවා 

 

වර්තමානයේ ජන ජීවිතය ඒ තරම් පහසු නැතත් එදා තිබුණු තත්වයට වඩා අද රට ඉදිරියට ගමන් කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. 

ඒ නිසා අඳුරට ශාප නොකර රට-ජනතාව වෙනුවෙන් සියලු දෙනා එකට එක්ව ක්‍රියා කළ යුතු යැයි ද එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ‌ලේකම් රවී කරුණානායක මහතා පෙන්වා දෙයි. 

ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩි දුරටත් මෙසේ ද පවසයි. 

"මේ අය කිව්වා ඩොලරය රුපියල් 500ට යනව කියල. ඒ වගේම රටට ඩොලර් ගෙන එන්න මේ ඉඩ නොදෙන බව ද මේ අවස්ථාවාදීන් එදා කියා සිටියා. ඒ විතරක් නොව මේ රටට එන්න එපා කියා සුද්දන්ට පවා කිව්වා. මේ රට ප්‍රතිසංස්කරණය කළ යුතු බව ද කියා සිටියා.

කෙසේ නමුත් අවසානයේ මේ සියලු අභියෝහ භාර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කළා. ඒ හේතුවෙන් අද ඩොලරය රුපියල් 300ට අඩු වෙලා. අද සුද්දො එනවා. රටට බෙහෙත්, කෑම සහ තෙල් ඇතුළු සියල්ල එනවා. පැය 24 පුරාවටම විදුලිය ලැබෙනවා. පෝලිම් යුගය අවසන් වෙලා. 

එහෙත් තවමත් ජන ජීවිතය පහසු නැහැ. මම ඒක පිළි ගන්නවා. හැබැයි  එදා තිබුණු තත්වයට වඩා රට ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා අඳුරට ශාප නොකර රට-ජනතාව වෙනුවෙන් අප සියලු දෙනා එකට එක්ව සමගියෙන් යුතුව ක්‍රියා කළ යුතුයි.  අඳුරට ශාප නොකර එක පහනක් හෝ දැල්විය යුතුයි."
 

Advertiesment