සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වහාම පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග කියා සිටියේ, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයේ ඉවත්වීමට සූදානමින් සිටින හෙයින් ඊට ප්‍රථම ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.
නායකත්වය විවේචනය කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉවත් කිරීමට සමගි ජන බලවේගයට පූර්ණ බලය පවතින බවද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් පක්ෂයේ තවත් සමහර නායකයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රකාශ කර ඇතැයි පැවසෙන්නේ ඔහු පක්ෂයෙන් ඉවත්ව යන්නේ නම් එසේ යෑමට ඔහුට ඉඩ දිය යුතු බවය.
ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිර්දය ලෙස විවේචනය කළ අතර ඔහු ළඟදීම ආණ්ඩුවට සම්බන්ධ වන බවට මේ දිනවල ආරංචි පැතිරෙමින් පවතී.
Lanka Newsweek © 2024