ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික, ජාතික සහ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර ඒ කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බදාදා (26) ජාතිය අමතතද්දී පැහැදිළි ප්‍රකාශයක් කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
ජාතිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සැලසුම්, වැඩ පිළිවෙළ සහ ඉලක්ක ගැන රට දැනුම්වත් කරන බවද රවී කරුණානායක මහතා සඳහන් කළේය.
රට මේ වන විට බංකොලොත් භාවයෙන් එළියට පැමිණ තිබෙන බව සියලු දෙනාටම පැහැදිලි වී තිබෙන්නේ යැයි ද, ඒ අනුව රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකය සමඟ ගනුදෙනු කරන්න අවස්ථාව උදා වී තිබෙන්නේ යැයි ද රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේය.
ඊට හොඳම උදාහරණය වන්නේ "Paris Club", ඉන්දියාව සහ චීනය ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබා දෙන ආයතන සහ රටවල් ශ්‍රී ලංකාව යළි ණය නොවන රටක් ලෙස සලකන බවට පිළි ගෙන තිබීම යැයි ද එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.
Lanka Newsweek © 2025