බැංකුවක සේප්පුවක තැන්පත් කර තිබිය දී වේයෝ කා විනාශ වුණු හිටපු ජනපති අපේක්ෂකයෙකුගේ රුපියල් කෝටි 25ක් වටිනා ඇමරිකානු ඩොලර් තොගය වෙනුවට අලුත් ඩොලර් නෝට්ටු නිකුත් කිරීමට ප්රබලයෙකු මෑතක දී ක්‍රියා කර ඇතැයි ඉහළම පෙළේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
හිටපු ජනපති අපේක්ෂකයාගේ ඉල්ලීම මත අදාළ ප්‍රබලයා මේ අලුත් ඩොලර් නෝට්ටු නිකුත් කිරීමට පියවර ගෙන ඇත්තේ ඔහු හමු වී අදාළ හිටපු ජනපති අපේක්ෂකයා කළ ඉල්ලීමකට අනුව වන අතර ඒ ජනාධිපතිවරණයේ දී එම අපේක්ෂකයාගේ සහය ලබා ගැනීමේ අරමුණින් බව කියති.
ජනාධිපතිවරණ හිටපු අපේක්ෂකයාට මීට පෙර පැවැති ජනාධිපතිවරණයකදී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 25 කට ආසන්න වටිනාකමකින් යුතු මෙම ඇමෙරිකානු ඩොලර් තොගය රජයට ගෙන බැංකුවක සේප්පුවක තැන්පත් කෙරුණේ අධිකරණ ක්‍රියාදාමයක් යටතේය.
හිටපු ජනපති අපේක්ෂකයා ඒ සම්බන්ධයෙන් ගත් අධිකරණ ක්‍රියාමාර්ග මත මෑතක දී එම විදේශ මුදල් තොගය යළි ඔහුට ලබා දිය යුතු බවට තීන්දු කෙරුණු අතර එම අධිකරණ තීන්දුවට අනුව අදාළ හිටපු ජනපති අපේක්ෂකයා බැංකුවට ගොස් සේප්පුව විවෘත්ත කර බලද්දී එහි තිබූ විදේශ මුදල් තොගය වේයෝ කා විනාශ කර තිබෙනු දක්නට ලැබී ඇත.
අදාළ හිටපු ජනපති අපේක්ෂකයා අදාළ ප්‍රබලයා හමු වී විනාශ වී ගිය එම ඩොලර් වෙනුවට අලුත් ඩොලර් නෝට්ටු නිකුත් කර දෙන ලෙස ඉල්ලා ඇත්තේ ඒ අනුව වන අතර අදාළ ප්‍රබලයා ඔහුට උදව් කර ඇත්තේ ඒ ඉල්ලීම අනුවය.
Lanka Newsweek © 2024