අවස්ථාවාදී බොරු පොරොන්දු දේශපාලනයට තිත තබා ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ රට දියුණු සංවර්ධිත රටක් අපේ අනාගත පරපුරට උරුම කර දීම සඳහා ජාති-ආගම් සහ දේශපාලන භේදයෙන් තොරව සියලු පාර්ශවයන් එකට ඒකරාශී විය යුතු යැයි "United Youth" වෛද්‍ය එකමුතුවේ අධ්යක්ෂ ජනරාල් හෘද රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂණ සමරසිංහ මහතා අවධාරණය කළේය.
හෘද රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂණ සමරසිංහ මහතා මේ බව කියා සිටියේ, "United Youth" සංවිධානය මගින් අනුරාධපුර දිස්ත්‍රික්කය ආවරණ වන පරිදි ක්‍රියාත්මක කරන සාමාජික ප්‍රවර්ධන වැඩ සටහනට එක් වෙමින් වන අතර ඊට සමගාමීව "United Youth" සංචාරක එකමුතු මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යපාරික හමුවක්ද අනුරාධපුර අශොක් හෝටලයේදි සංවිධානය කෙරිණ.
ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කරමින් සාර්ථකව මෙම සාමාජික ප්‍රවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක වූයේ "United Youth" සභාපති සුදත් චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ "United Youth" වෛද්‍ය එකමුතුවේ අධ්යක්ෂ ජනරාල් හෘද රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂණ සමරසිංහ මහතා මෙසේ ද පැවසීය.
රටක්-ජනතාවක්ඡ වගේමන්ද දායකයින් ලෙස අප සියලු අලුතින් සිතිය යුතු කාලය එළැඹ තිබෙනවා. ශ්‍රී ලංකාව බංකොලොත් වූ රටක් කියා ලෝකයටම ප්‍රකාශ කළා. ඒ කෙසේ නමුත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රධාන රජය යටතේ මේ වන විට ක්‍රම ක්‍රමයෙන් රටක් ලෙස අප ඒ බංකොළොත් භාවයෙන් ගොඩ එමින් ආර්ථික වශයෙන් ප්‍රගතියක් ලබා ගනිමින් සිටිනවා.
එසේ නම් අප ජාතියක් ලෙස මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි. අප අපේ රට-ජනතාව සහ අපේ දූ දරුවන්ගේ අනාගතය ගැන සිතිය යුතුයි. ඒ කියන්නේ අප තව දුරටත් පරණ ක්‍රමයට කල්පනා කර තීන්දු තීරණ නොගත යුතුයි. අලුත් ක්‍රමයක් ගැන අලුතින් සිතන්න ඔබට සිදුව තිබෙනවා.
වෘත්තීයවේදීන් ලෙස අප මේ තීරණාත්මක අවස්ථාවේ දී සිතන්නේ, මේ රට දියුණු කිරීමට නම් අනිවාර්යෙන්ම ජාතික ප්‍රථිපත්තියකට යොමු වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. ඒ සදහා අපට ජාතාක සැලැස්මක් අවශ්යිය. ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව රටක් දියුණු කරනු බැහැ. රටක් දියුනු කරන්න ජාතික ප්‍රතිපත්තියක් වගේම විනයක්, මූල්‍ය විනයක්, සෑම ගනුදෙනුවකම විනිවිද භාවයක්, සංවර්ධ ව්‍යපෘති තිබිය යුතු විය යුතුයි. ඒ වගේම අල්ලස, දූෂණය, නාස්තිය පිටු දැකිය යුතුයි.
ඒ සඳහා අප මුලින්ම කළ යුතු වන්නේ ජාතික ප්රතිපත්තියකට යොමු වීමයි. එනම් සෑම දේශපාලන පක්ෂයක්ම ඉදිරි ජනාධිපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී බොරු පොරොන්දු සහ බොරු මැතිවරණ ප්‍රකාශන ලබා දෙනවාට වඩා රට සංවර්ධනය කළ හැකි ජාතික ප්‍රථිපත්ති සහ සැලසුම් ඉදිරිපත් කළ යුතුයි.
වෘත්තීයවේදීන්, උගතුන්, බුද්ධිමතුන් පමණක් නොව ශ්‍රී ලංකාවේ වාසය කරන සෑම ජන කොටසක්ම මේ සඳහා තමාගේ අදහස් යොමු කළ යුතුයි. රටට ගැළපෙන කුමන රජයක් බලයට පත් වූවත් නොවෙනස් ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට අපට හැකි වන්නේ එවිටයි.
ඒ නිසා ඒ වෙනුවෙන් කැප වී බුද්ධිමත්ව සහ උත්සාහයෙන් යුතුව ක්‍රියා කරන්නැයි මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. සියලුම වෘත්තීයවේදීන් ද මේ ගැන සැළකිලිමත් විය යුතුයි. මේ ජාතික වගකීම, යුතුකම සහ කාර්ය භාරය වෙනුවෙන් අප සමග එකට ඒකරාශී වන්නැයි සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා.
අවස්ථාවාදී බොරු පොරොන්දු දේශපාලනයට තිත තබා ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ රට දියුණු සංවර්ධිත රටක් අපේ අනාගත පරපුරට උරුම කර දීම සඳහා ජාති-ආගම් සහ දේශපාලන භේදයෙන් තොරව සියලු පාර්ශවයන් එකට ඒකරාශී විය යුතුයි.
Lanka Newsweek © 2024