Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


BOC මහා කළමණාකරු ප්‍රධාන විධායකයා කර සේවා දිගුවක් දුන්නාට විරෝධය


2024-06-25 14389

 

අවුරුද්දක සේවා දිගුවක්-ලංකා බැංකු ඉතාහාසයේ කවදාවත් සිද්ධ වෙලා නැහැ 

 

ලංකා බැංකුව පුදගලීකරණය කිරීමේ සැලසුමක්..?

 

ප්‍රධාන විධායක නිලධාරී තනතුර හඳුන්වා දී ඇත්තේ ඒ නිසයි..?

 

තිරය පිටුපස සිටින්නේ සභාපති-මහා බැංකු අධිපති-මුල්‍ය මණ්ඩලය

 

ලංකා බැංකු සේවක සංගමය ඇතුළු වෘත්තියීය සමිති සහ සේවකයෝ විරෝධය පළ කරති

 

 

2024 අගෝස්තු මස 04 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිතව සිටින ලංකා බැංකු මහා කළමණාකරු ඩබ්ලිව්. පී. රසල් ෆොන්සේකා මහතා එම බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කර ඔහුට අවුරුද්දක සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් එම බැංකු පද්ධතියේ සේවක සේවිකාවෝ විරෝධය පළ කර සිටිති.

ලංකා බැංකු ඉතිහාසයේ එවැනි සිදු වීමක් කවදාවත් සිදුව නැතැයිද, මෙම තීන්දුව මගින් අනෙකුත් නිලධාරීන්ට විශාල අසාධාරණයක් සිදුව ඇතැයි ද, එමෙන්ම මෙම ක්‍රියාදාමය ගැන විශාල සැකයක් මතුව ඇතැයි ද, එම නිසා ලංකා බැංකු සභාපති කාවන් රත්නායක මහතා ප්‍රධාන බලධාරීන් ගෙන ඇති මෙම තීරණයට සිය ප්‍රතිපත්තිමය විරෝධය පළ කර සිටින බව ද එම සේවක සේවිකාවෝ පෙන්වා දෙති.


මේ අතර ලංකා බැංකු මහා කළමණාකරු යන තනතුර අහෝසි කර ඒ වෙනුවට ප්‍රධාන විධායක නිලධාරී යන නව තනතුර හඳුන්වා දී බැංකුවෙන් පරිබාහිර පුද්ගලයෙකු ලෙස ඩබ්ලිව්. පී. රසල් ෆොන්සේකා මහතා එම තනතුරට පත් කර ඔහුට අවුරද්දක සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්තිමය විරෝධය පළ කර සිටින බව පෙන්වා දෙන ලංකා බැංකු සේවක සංගමයේ මහා ලේකම් ධනංජය සිරිවර්ධන මහතා මේ ක්‍රියාදාමය හරහා ලංකා බැංකුව පුද්ගලීකරණය කිරීමට රජය උත්සහ කරන්නේ නම් ඊට ලංකා බැංකු සේවක සංගමය දැඩි විරෝධය පළ කරන්නේ යැයි ද අවධාරණය කර සිටියි.  

වාර්ෂිකව විශාල ලාභයක් උපයන ලංකා බැංකුව 2023 වර්ෂයේ දී පමණක් රුපියල් බිලියන 40ක ලාභයක් ඉපයූ බව ද ඒ තරම් විශාල ලාභයක් උපයන ලංකා බැංකුව පුද්ගලීකරණය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර ඊට ඉඩ නොතබන බව ද කියා සිටින ලංකා බැංකු සේවක සංගමයේ මහා ලේකම් ධනංජය සිරිවර්ධන මහතා රජයේ බෝර්ඩ් ලෑල්ලට පමණක් සීමා වී රජයට බරක් වී තිබෙන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් නම් මෙවැනි තීරණ ගත්තාට ප්‍රශ්නයක් නොමැති බව ද වැඩි දුරටත් පෙන්වා දුන්නේය. 

Advertiesment