පසුගිය 10 වෙනිදා මම ලියපු කොලමෙන් හැදෙන සන්ධාන බොහෝමයක් බැසිල් භීතිකාවෙන් පෙළෙන්නේ ඇයි..? කියන කාරණය ගැන කථා කළා. ඒකට හේතුව මේ දවස්වල මෝස්තරයක් විදිහට හැදෙන එවැනි සන්ධාන තුළට දුසිම් ගණනින් දේශපාලන අනාතයන් ගාල් වෙන්න ඉඩ කඩ නිර්මාණය වෙලා. ඒ වගේම ඒ අයට Physically (ජන පදනමක් නැති නිසා) Challenge කරන්න බැරි නිසා Digitally හරි පෙනී සිටීමට උත්සහ කරනවා.
එහෙම ගාල් වුණු කණ්ඩායමක් 69 ලක්ෂයේ ජන වරම ආරක්ෂා කර ගැනීම සදහා ඊයේ පෙරේදා දවසක හැන්දැවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළමහන් රගහල භූමියට ඇවිත් තියෙනවා. තමන් වෙනුවෙන් පිරිසක් ඉන්නවා කියල හිතන් ආපු සන්ධානයේ සමහර නායකයෝ (සේරම පක්ෂ නායකයෝනේ) තමන්ට එහෙමම පිරිසක් නෑ කියල දැන ගත්තට පස්සේ විකාරෙන් වගේ ජනතාව ආමන්ත්‍රණය කරපු බව තමා අපිට වැටහුනෙ. විමල් වීරවංස කිව්වලු තමන්ගේ පිරිස තමා එතන වැඩි කියල, ඒ හින්දා ඒ අයට මම කථා කළා කියල කථා කරල. කථාව ගැන අපේ මිත්‍ර එරන්ද ගිනිගේ කියල තියෙන නිසා මම මොකුත් කියන්නේ නැ.
උදය ගම්මන්පිලගේ මූණ ඒකට ඇඹුල් වෙලා තියෙනවා දැක්කා ඒ හින්දා “මම නම් ඉතින් Digitally මේ රැළිය සමග සම්බන්ධවූ පිරිසට ආමන්ත්‍රණය කරා කියලා කීවලු”. ඒක හොද වැඩක් හෙතුව එහෙමට පිරිසක් එයා අමතන කොට රැස්වීම් බිමේ හිටියේ නැනේ.
වෛද්‍ය චන්න ජයසුමන තමාගේ ජනතාව නුවර කලාවියේ සිටින නිසා Physical Presence එකක් කිරීම Very Costly කීවලු. කොහොමටත් ඉතින් එකම තැටිය නැවත වාදනය කළා ලු. ට්‍රැක් පැනලා වගේ තමා අහ ගෙන ඉන්න කොට හිතුනේ. Intellect කෙනෙක් කථා කරන විදිහ නම් එයාගෙන් කථාවෙන් ඉගෙන ගන්න බැරි බවයි එයා පෙන්නුවේ. කොහොමටත් වෙදකමට වඩා වෙන වෙන දේවල්නේ ඒ අය හැම දාම කළේ.
මට හිතෙන්නේ කොහොම උනත් මෙතෙන්දි දිළිත් ජයවීර හිතුපු විදිහ හරි. තමන්ටම කියල එහෙමට පිරිසක් තවම තමන් වෙනුවෙන් ගෙන්න ගන්න බැරි බව තේරුම් අර ගෙන බැසිල්ට ගහන්න තීන්දු කළා ලු. එහෙම කළේ අඩු ගානේ SLPP එකේ සෙට් එකෙන් හරි බැනුමක් බලා ගෙන සභාව ඇමතීම වටිනවා කියල හිතලලු. මරු කථාව. මාතෘකාව විදිහට “69 ලක්ෂය රැක ගැනීමට නම් බැසිල්ට පහර දිය යුතුයි” කියල තීන්දු කරල කොල්ලෙකුට කියල Script එක ගහගත්තාලු. ඒ කරල විමල් වීරවංස අමතනවා වගේ අමතල දැම්මලු.
මම එදා කීව වගේ මේ විදිහට සන්ධාන ගත වන අය බැසිල්ට බයයි. බැසිල් කියන්නේ නිකම්ම නිකං තනි පුද්ගලයෙක් නෙමේ වැඩ පිළිවෙළක් කියල ඒ අය දැන් දන්නවා. ඒකයි තව පිරිසක් මේ දවස්වල අපිවත් පෙරලා ගෙන නෙලුම් මාවතට එමින් ඉන්නේ.
මට නම් හිතෙන්නේ මේ අයට ඕනි “බැසිල්ට තමන් ඉන්න බව” යම් විදිහට ඒත්තු ගන්වන්න. පෙන්වන්න. දැනුවත් කරන්න. ඒ වැඩේ තවම සාර්ථකවුණේ නැ. ඒ හින්දා Physically ඉද ගෙන වැඩේ කරන එක අවුල් නිසා Digitally පෙන්න ගන්න උත්සාහ කරනවා. ඒකට හේතුව ඒ අය දන්නවා බැසිල්ට ඕනි නම් ගෝල් ෆේස් එක වුණත් පුරුවන්න පුලුවන් කියල. ඒකනේ දිළිත් ජයවීර ජාතියෙන් සමාව ගත්තේ.
මේ සේරම බැසිල්ගේ ඇමරිකානු ද්විත්ව පුරවැසිකම නිසා තමා වුණේ කියල දිළිත් බැන අඩගැහුවේ ඇයි කියල අපි නම් දන්වා. දිළිත් ගෝඨාභය රාජපක්ෂ ළඟ බැසිල් කෙනෙක් වෙන්න ගියා. ඒක එහෙම බෑ, ලේසී නෑ කියල දැන ගත්තාම බැසිල් විරෝධියෙක් වීම සාධාරණයි. නාත දෙයියන්ගේම පිහිටයි.
මේ හුගක් අයට අමතකයි එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බැසිල්ට මුදල් ඇමතික දීල යන්න කියද්දි ගොඩාක් ප්‍රශ්නවලට එයා උත්තර හොයල දීල තමා ගෙදර ගියේ. එරන්ද ගිනිගේ මේ ගැන හොද රචනාවක් පහුගිය දවසක ලියල තිබුණා. ඒක කියවන කොට තමා දැනුනේ කුමන්ත්‍රණ කාරයෝ ගෝඨාභය සමගමයි ඉදල තියෙන්නේ. ඒ අය එදත් අදත් රාජපක්ෂලාට පට්ට බයයි. ඒකයි රාජපක්ෂලා නැති සන්ධාන හදමු කියන්නේ.
මම පොරක් වෙනවාය කියල හිතන මේ අයට Physically ජනතාව ඉදිරියට යන්න බැරි නිසා දන්න අදුනන You tube නාලිකාවකට කියල තමන් Digitally Presence කර ගන්න මහන්සි වෙනවා. ඒක සාධාරණයි. පක්ෂ හැදුවට මිනිස්සු නෑ නේ. මේ අය මං පොරක් කියල වැඩ කරන සජිත් මහතාටත් වඩා ලොකු විහිලු කාරයෝ විදිහටයි පෙනෙන්නේ. විමල් වි තමන්ගේ නෙමේරුම්කම සහ කට වාචාල කමට තමන්ට වැවැළදී ඇති අර ලිංගික ආතතිය නුගේගොඩදී යහම්පත් නෝනත් ඉන්න තැන ප්‍රසිද්ධියේ කිව්වේ මිනිස්සුන්ගේ අවධානය දිනා ගන්න. දැන් එහෙම මිනිස්සු නෑ.
උදයට ගම්මන්පිලට එහෙම අවධානයක් ලැබුණේ නෑ. කොහොමටත් එයා දන්නවා දැන් රුපියල් 100 යේ ජන්ද Campaign එකක් ආය කරන්න බැරි බව. එක පාරයි කෙනෙකුට ඒ වාගෙ වීරයෙක් වෙන්න පුලුවන්. අනිත් පක්ෂ නායකයින්ට තැනක් ඒ වේදිකාවේ තිබුණේ නැ. පව් කියලත් හිතෙනවා.
මේ ගොල්ලන්ගේ මේ වැඩේ හරියට යුනිලීවර් කොම්පැණිය සන්ලයිට් සබන් මාර්කට් එක අල්ල ගෙන ඉන්න කොට අලුත් සබන් කාරයෙක් ඇවිත් අපේ සබන් හොදයි කියල කරන “නුගුණ Campaign” එකක් කරනවා වගේ. ඒක මුලින් ඔලුවට ගහනවා වගේ පෙනුනට මාස 5ක් යන කොට කොම්පැනියත් නැ මාර්කට් කරපු සබනුත් නැ. සන්ලයිට් නම් මිනිස්සු අතර එදාටත් වඩා හොදට අදත් තියෙනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හදන කොට ඒකට එකතු කරපු වටිනාකම මේ බිම්මල් වීරයන් ගොන්නට මකන්න බැ. ඒ තුළ තියෙන්නේ ප්‍රයෝගික වැඩ පිළිවෙළක්. ප්‍රශ්නවලට උත්තර හොයලා දෙන ක්‍රමයක්. ඒ පක්ෂය හදපු මිනිහා පට්ට ගහල ගොඩ යන්න බැ. ඒ වැඩ පිළිවෙළ අදටත් මේ රටේ මිනිස්සුන්ට දැනුණු එක තේරුම් ගිය එක. මම ආයෙත් කියනවා ඔහොම බැණ අඩ ගහල බැසිල්ව මකන්න බෑ. බලයට එන්න ඕනි නම් බලවත් වෙන්න ඕනි නම් ඉක්මනට නෙලුම් මාවතට එන්න. ඒ සදහා වන සම්මා දිට්ඨිය මේ බිමිමල් වීරයන්ට ඉකිමනින් පහළ වේවා..!
Lanka Newsweek © 2024