මාළිමාවේ නොහොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ විශ්‍රාමික පොලිස් නිලධාරින් සමූහයේ රැස්වීමට සහභාගි වූ සියලුම විශ්‍රාමික පොලිස් නිලධාරින් පොලිස් දෙපාර්තමේන්තුවටත් තම සහෝදර පොලිස් නිලධාරින්ටත් කරනු ලැබුවේ මහත් අවමානයක්.
මේ සිද්ධිය පිළිකුලෙන් හෙළා දැකිය යුතු පහත් ක්‍රියාවක්. මමත් පොලිස් නිලධාරියෙක් ලෙස 88-89 වර්ෂවලදි ජනතා විමුක්ති පෙරමුණේ. කීර්ති විජයභාහුගේ මරණ තර්ජනවලට මුහුණ දුන් නිලධාරියෙක්. මාව පොලිස් සේවයෙන් ඉවත් කර නොගත හොත් පවුලම වෙඩි තබා මරා දමන බවට මාගේ දෙමව්පියන්ට තර්ජනය කළා. ඔවුන් ගම් බිම් සහ ගේ දොර අතහැර ගොස් සැඟ වී ජීවත් වුණා. භීතියට පත් ඔවුන් සේවයෙන් ඉවත් වන තුරු නිවසට නොපැමිණෙන ලෙසට මට බැගැපත් වුණා. මට භීෂණය අවසන් වන තුරු වසර කීපයක් මගේ පවුල අමතක කරන්න සිද්ධ වුණා. මා වගේම මගේ සහෝදර නිලධාරින් දස දහස් ගණනක් මෙම ඉරණමට මුහුණ දුන්නා.
1988 මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදි පැවති මහා පොළ උත්සවයේදි ජනතා විමුක්ති පෙරමුණේ අත් බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වූවත්, අදටත් ජීවත්වීමේ වාසනාව උදා වුණා. මම තනතුර අතහැර නොයන්න අදිටන් කර ගතිමි. මම තීරණය කළා භීෂණයට එරෙහිව සටන් කරන්න.
ඒත් අවාසනාවකට වගේ උතුරේ භිෂණයට එරෙහි ක්‍රියා කළ ආරක්ෂක අංශ සාමාජිකයින් රණ විරුවන් වුණා. දකුණේ භීෂණයට එරෙහිව සටන් කළ ආරක්ෂක අංශ නිලධාරින් මිනී මරුවන් වුණා.
ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ කාලයේදී පොලිස් නිලධාරින් කොපමණ පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉතාම අමානුෂික ලෙස ඝාතනය කළා ද..? ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කොපමණ ඝාතනය කළා ද..? තවත් කෙතරම් පිරිසකට මරණය තර්ජන එල්ල කළාද..? ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ සාමාජිකයින් කොපමණ පිරිසක් අමු අමුවේ තිරිසන් ලෙස මරා දැම්මද..? ඔවුන්ගේ නිවාස ඇතුළු දේපොළ කොපමණ ගිනි තබා විනාශ කළා ද..? මෙම පැන්ෂන් ගිය පොලිස්කාරයින්ට මේ සිද්ධි අමතක කරන්න පුඵවන්ද..? මේ අමානුෂිකත්වය අමතක කරන්න තරම් පහත් සිතිවිලි පහළ වුණේ ඇයි..?
රවි සෙනවිරත්න ඇතුඵ නඩය ඒ සියල්ලම අමතක කර පොලිස් දෙපාර්තමේන්තුවටම කලු පැල්ලමක් එක් කරමින් තම පුද්ගලික වාසිය තකා පොලිස් දෙපාර්තමේන්තුව පාවා දීම මහා පිළිකුල් සහගත ක්‍රියාවක් බව කිව යුතුයි. රවි සෙනවිරත්න බීමතින් වාහන පදවා රිමාන්ඩ් කළ නිසා ඔහුට ඇත්තේ වෛරයක්. වෛරය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ගේ ප්‍රධාන ලක්ෂණයක් බව කිව යුතුයි.
ඒ සමගම කියන්න තියෙන්නේ සහරන්ගේ පාස්කු ප්‍රහාරයටත් මෙම නිලධාරින් සම්බන්ධ බවට දැන් සැකයක් මතු වී තිබෙන බවයි. විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ භාරව සිටි ඉහළ නිලධාරීන් සහරාන්ට සහයෝගය ලබා දෙමින් කටයුතු කර ඇති බවට දැන් පැහැදිලිව සැක මතුව තිබෙනවා. එසේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එදා සිටි, අද විශ්‍රාම ගෙන සිටින මෙම නිලධාරින් සම්පූර්ණයෙන්ම මෙම ප්‍රහාරයට වග කිව යුතු ද කියා මට සැකයක් ඇති වෙනවා.
පාස්කු ඉරිදා මරා ගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පියා වන මොහොමඩ් යූසුෆ් ඊබ්‍රහිම්, 2015 දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටි බව පැහැදිලිය. "ඔහු 2015 අපේ ජාතික ලැයිස්තුවේ හිටියා. ඔහු ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට සම්බන්ධ කෙනෙක් නම් ශ්‍රී ලංකා බුද්ධි අංශ සහ සේවා ඒ ගැන සොයා බැලුවේ නැත්තේ ඇයි" යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස එදා ප්‍රශ්න කර තිබුණා. අපට අද එම ප්‍රශ්නයම අහන්න සිදුව තිබෙනවා.
කොළඹ බෝම්බ පුපුරා ගෙන මිය ගිය ඊබ්‍රහයිම් සහෝදරයෝ සමග සම්බන්ධතා පැවැත් වූ පිරිසක් එම පරීක්ෂණය සිදු කිරීම මගින් කර ඇත්තේ රටට විශාල හානියක්. මුළු රටම නැවතත් මේ ගැන අවධියෙන් සලකා බැලිය යුතු කරුණක් වන අතර මෙම දුෂඨ ලැජ්ජා නැති ක්‍රියාව මා පිළිකුලෙන් හෙළා දකිනවා. ත්‍රස්ත විමර්ශන අංශය සිදු කළ පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නොගත්තා නම් සහ එහි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාව සැලසුම් සහගත ලෙස සිර ගත නොකර සිටියා නම් පාස්කු දින ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබුණා.
පොලිස් දෙපාර්තමේන්තුවට සිදු කළ කැළල වෙනුවෙන් සමාව අය දින ලෙසට ජාතික ජන බලවේගයේ දේශපාලන රැස්වීමට සහභාගි වූ සියලුම විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගෙන් අප කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තමන්ගේ වාසිය තකා තමන් සේවය කළ දෙපාර්තමේන්තුව පාවා දීම කොතරම් නින්දිත ක්‍රියාවක්ද කියලා හිතන්න කියලා නැවත වරක් මතක් කර සිටිනවා.
Lanka Newsweek © 2024