2023 අයවැය යෝජනාවලියට ඇතුළත් කර තිබූ වටිනාකමෙන් වැඩිම වියදම් සහිත යෝජනා 25 ට ප්රතිපාදන ලෙස ඇස්තමේන්තු කර තිබූ රුපියල් බිලියන 49.3 න් රුපියල් බිලියන 43.8 ක් වටිනා අයවැය යෝජනාවලට අදාළ ප්රගතිය ගැන තොරතුරු ලබා දීමට රජය අපොහොසත් වී ඇතැයි "Verité Research" ආයතනය කියා සිටියි.
එම පොරොන්දු 25න් 18 ක ප්රගතිය මැනීමට ප්රමාණවත් තොරතුරු තිබුණත් ඒ සඳහා ඇස්තමේන්තු කර තිබූ ප්රතිපාදනවල වටිනාකම රුපියල් බිලියන 5.4 ක් බවත් එම ප්රමාණය සමස්ත මුදලින් 11%ක් වැනි සුළු ප්රතිශතයක් බවත් "Verité Research" පෙන්වා දෙයි.
එම පොරොන්දු 25න් සම්පූර්ණයෙන් ක්රියාත්මක කර ඇත්තේ පොරොන්දු හතරක් පමණක් බවත් එම තත්ත්වය ප්රතිශතයක් ලෙස 16%ක් බවත් පෙන්වා දෙන "Verité Research" ආයතනය ගෙවුණු වසර දෙකක කාලයේ දී අයවැය මගින් වැඩිම මුදලක් ඇස්තමේන්තු ගත කර තිබූ සමාජ ආරක්ෂණ වැඩ සටහන් සම්බන්ධයෙන් ලබා ගත හැකි තොරතුරු ප්රමාණය ඉතාමත් අඩු මට්ටමක පවතින බවත් එම ආයතනය නිවේදනය කර සිටියි.
සමාජ ආරක්ෂණ වැඩ සටහන් සඳහා 2022 වසරේදී රුපියල් බිලියන 26.8 ක්ද, 2023 වසරේදී රුපියල් බිලියන 43ක්ද ඇස්තමේන්තු ගත කර තිබූ බවත් එසේ විශාල මුදලක් වෙන් කර තිබුණත් එම පොරොන්දුවල ප්රගතිය සම්බන්ධයෙන් තොරතුරු ප්රසිද්ධ කිරීමට වසර දෙකේදීම රජය අපොහොසත් වී ඇති බවත් "Verité Research" ආයතනය වැඩි දුරටත් හෙළි කර සිටියි.
Lanka Newsweek © 2024