න්ද කල්දාන මුට්ටිවලට කුඩු වෙන්න මිසයිල වදින අතරේ කපටි නරිය එජාප කෘත්‍යාධිකාරිය රැස් කළේය. මැතිවරණ ඉලක්ක කරමින් තනතුරු රැසක් ඇති කෙරිණ. එජාප සාමාජිකත්වය අත්හිටවා තිබූ රංජිත් මද්දුමබණ්ඩාර සාමාජිකත්වයේ යළි පිහිටවීම ද සිදු කෙරිණ.එජාප දේශපාලන සහයෝගීතාව පිළිබද කමිටුවට ද ඔහු විසින් පත් කෙරිණ.
ජාතික මැතිවරණ සංවිධායක හරීන් ය. එහි ලේකම් රවිය. නියෝජ්‍ය ලේකම් රොනල්ඩ් පෙරේරාය. භාණ්ඩාගාරික මිස්බා සතාර් හා එජාප නියෝජ්‍ය මහ ලේකම් ක්‍රිෂාන් තියඩෝර් ය. ස්මාට් වැඩ්ඩා හෙවත් කපටි නරියා තනතුරු කූට්ටම ඇනුවේ එසේය.
වැස්සෙන් ඇතිවූ ආපදා නිල ලෙස ජනපතිට කීවේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් දිනිත් ය. සාගලට හා ඇමති ප්රමිතට කතා කළ ජනපති අවශ්‍ය උපදෙස් දුන්නේ ඒ තුළය. සාගල මාතර, සීතාවක, කොළොන්නාව ඇතුළු ස්ථානවලට ගියේය. ජනතාව විපතට පත්වූ විට සජබ මරික්කාර් පොහොට්ටුවේ දොළවත්ත ද එක්වුව ද ජවිපෙ පැමිණියේ නැත.
"ජනතාව අසරණ වූ තැනක දී පවා සාමූහිකව වැඩ කරන්න ජවිපෙට අවශ්යනෑ" හුග දෙනෙකු කීවෝය. වැඩේ දෙල් වූ බව දැනුන නිසාදෝ මාළිමා රෙදි සෝදන යූටියුබ්කරුවෙකු ලවා දුන් ගේම ද නෑවේය. "ගං වතුර පිට දා ගෙන හරි උන් එකතු වෙනවා" යුටියුබ්කරු කී විට ජනතාවට යකා නැග්ග බව සමාජ මාධ්‍යවල ප්‍රතිචාර කියා පෑවේය.
මාළිමා ඉන්ජිනේරුවන් බවට පිරිසක් රැස් කොට මාළිමාව ලොකු සද්දයක් දැම්මේය. ඊට ප්‍රතිචාර ලෙස බුකියේ තිබුණේ අපූරු කතාවකි. "එකම සෙට් එකට අමුඩ ගස්සල ගොවියො කරන්නත් සිවුරු අන්දල හිමිවරු කරන්නත් ටයිකෝට් අන්දල ඉන්ජිනේරුවො කරන්නත් පුළුවන් එකම පක්ෂයකට විතරයි" යනුවෙන් කිය වුණේ අසාමාන්‍ය උපහාසයක් සමගිනි.
ලොව ප්‍රමුඛම ඉලෝන් මස්ක්ට "ආර්ථික ඝාතකයෙකු කියා මාළිමා සිහින මුදල් ඇමති හදුනෙත්ති ඇද ගෙන නෑවේය. ඊට මාළිමාව තුළින්ම ප්‍රහාර ආ නිසා මස්ක්ගෙන් ඔහු සමාව අයදුව ද වැඩේ ලැවි ගිණි මෙන් පැතිර ගියේය. ඒ ගැන ටියුෂන් ගුරෙකු මාළිමාවට දුන් ටියුෂන් ප්‍රහාරය නැගලාම ගියේ මාළිමාවට ඇඩ්රස් නැති කරමිනි. "මාළිමාව නැගපු කාලය ඉවරයි දැන් එයාලම බස්ස ගන්නවා" මහාචාර්ය ආශු කීවේ සිනා මැදය.
තම මවගේ ගම සේදවත්කට ගිය ජනපති ගංවතුර ගැන සොයා බලා කොළොන්නාවට ද ගියේය. අනවසර ඉදිකිරීම් හා පහත් බිම් ගොඩ කිරීම නවතන කැබිනට් පත්‍රිකාවක් වහාම සැකසීය. කැබිනට් එකෙන් පසු දේශපාලන කැබිනට්ටුව ද පසුව ආණ්ඩුවේ කණ්ඩායම් රැස්වීම ද පැවති අතර ඒ හැම තැනම උපන් දින කේක් බහුල විය. ඒ ඇමති ටිරාන් වෙනුවෙනි. "දෙමළ නළුවට ඇදලා පිස්සු කෙළපු තොණ්ඩමන්ගෙ ආරක්ෂකයින් කොළඹ කැදවල එයාගෙ කරටිය කරකවල දාපු එක දගලන හැමෝටම පාඩමක්" කවුරුත් කීවේ ටිරාන්ට සුබ පතමිනි.
රුවන්වැල්ලේ ඔප්පු දීමට ගිය කපටි නරියා ගින්දර කතාවක් කළේය. "සමෘද්ධිය වගේ තුන් ගුණයක් අස්වැසුම දෙනවා.ඉඩම් ඔප්පු සහ නිවාස පැවරීම සිදු කළා. හාල් දුන්නා. වැටුප 10,000ක් දුන්නා. ඉන්දන, ගෑස්, පොහොර, ඖෂධ දැන් තියෙනවා. සමහරු ට්‍රැක් සපත්තු සොයද්දි මම සෙරෙප්පු දා ගෙන වැඩේ කළා. ගේ ගිණි තියපු නිසා මට ඇදුමක් ඉතිරි වුණේ නෑ. වැට් වැඩි කරන අමාරු තීන්දු ගත්තා. බැනුම් මැද රට ගොඩ දාපු මට බනිනවා. දැන් ආර්ථික ඝාතකයා කියා ඉලෝන් මස්ක්ටත් බනිනවා. උස නම් කැබිනට් කොට නම් නියෝජ්‍ය ද නොබලා නිර්දේශපාලනික රජයක් මම ගෙනියන්නෙ" ඔහු කීවේය.
සුප්‍රකට අයිරාංගනී සේරසිංහගේ ද මහ ගෙදර වන මීදෙනිය වළව්වට ද ජනපති ගියේ නෑකම් පොලිෂ් කිරීමට ය. ගංවතුරෙන් අනාථ වූ පිරිස් ගැන ද ඔහු අවධානය දැක්වීය. හෙලිකොප්ටරයෙන් දුටු දසුන් දැක සහන ගැන උපදෙස් දුන්නේය. රවීන්ද්‍ර රන්දෙනියගේ සිනමා දිවියේ වසර 50 සැමරුමට ගිය ජනපති කැළණියේ රස කතා කිහිපයක්ම කීවේය. ඉන්දීය ඡන්ද ප්‍රතිළුල ගැන අවධානයෙන් සිට මෝදි ගේ ජය තහවුරු වූ සැනින් ඔහු ඇමතීය.
"ශ්‍රී නේරුගෙන් පසු තුන්පාරක් දිනපු කෙනා ඔබයි" රනිල් කීය. "ඒව දැන් ඉන්දියානුවන්ටත් අමතකයි. ඔබ මගේ දිවුරුමට එන්න" මෝදි කීවේ කපටි නරියාට තවත් රට සවාරියකට පොට පාදමිනි. අර්නස්ට් ද සිල්වා මාවතේ එජාප දේශපාලන මෙහෙයුම් මැදිරිය විවෘත කෙරිණ."ආරම්භය - The Start" එය නම් කොට තිබිණ.
"කෙනෙකුට අත්සන් දෙකක් බෑ. ඒත් මේ තේමාව නිසා මම භාෂා දෙකෙන්ම අත්සන් කළා" ජනපති කීය. අගමැති,නිමල්, රමේෂ්, වජිර, ලන්සා ආදී පිරිසක් පැමිණ තිබිණ. "75 සාපය ගැන කියන අයට උත්තර දෙන්න ඕනෑ" එහිදී කියවිණ. "එහෙම සාපයක් තියේ නම් ජවිපෙයි කොටියි ඊට වග කියන්න ඔිනෑ. වසර 02 ට අපි කරපු වැඩ කිව්වම 75 කතා ඉවරයි" කපටි කරියා ස්මාට් ලෙස වැඩ දමමින් කීවේ මැතිවරණ උපායක් ලීක් කරමිනි. "ඡන්ද කල්දාන්න කතා කරන ගමන් ඡන්ද මෙහෙයුම් මැදිරිත් අරින එක හිතා ගන්න බෑ.මුලින් මහ ඡන්දෙද" ඇමති මනුෂ කීය. "බලන් ඉන්න, බලන් ඉන්න" කපටි නරියා කීවේ එහෙමය.
සරත් වීරසේකරගේ චිත්‍රපටය නැරඔිමට ගිය සාගලට දිලිත් හමු විය. දෙදෙනාගේ දීර්ඝ කතාබහ ගැන පිරිස බැලුවේ විචිකිච්චාවෙනි. හොද ගමනක් පැමිණි දිලිත් ජාතිවාදීන්ගේ නරාවලට වැටීම ගැන සාගල ඇසුවාදැයි දන්නේ නැත. ජනපතිගේ මාතර රැළිය සංවිධානයට සාගල එහි ගොස් එජාප අය සමග සාකච්ඡාවක් කළේය. නුදුරින් එම රැළිය ගැනම ඇමති කාංචන කතාබහ කළේ පොහොට්ටු පිරිසක් සමගිනි. සාගල සිටි තැනට ආ කාංචන එම පිරිස ඇමතීය. පසුව සාගල කාංචන සමග ගොස් පොහොට්ටු පිරිස ඇමතීය. "ගං ඉවුරු දෙකේ හිටපු අපි රට ගොඩදැමූ ජනපති වෙනුවෙන් එකම අරමුණක යනවා" අයෙකු කීවේ හැගීම්බරවය.
ඇමෙරිකන් මහින්ද ලංකාවට වාසි ගේන විවිධ ව්‍යාපෘති කරයි. ඇමෙරිකානු විදේශ සේවා ජාත්‍යන්තරය ඔවුන්ගේ මුදලින් ශ්‍රී ලංකා තානාපති පරිශ්‍රයේ දී සංවිධානය කළ සැදෑවෙන් ලංකාවට ප්රචාරක වාසි රැසක් ලැබුණේ ය. එහිදී ඇමෙරිකන් මහින්දගේ කතාව පැසසුමට ලක්විය.
"ඇමෙරිකාවෙන් ආව ඕල්කට්තුමා ආනන්ද, මහින්ද, ධර්මරාජ, මියුසියස් ඇතුළු බෞද්ධ විදුහල්වල කොදු නාරටිය තැනුවා. බෞද්ධ කොඩිය නිර්මාණය කළා. ඇමෙරිකාවෙන් ආව ජෝන් එක්ස්ටර් ලංකාවෙ මහ බැංකු නීති හදල පළමු අධිපති වුණා. ලංකාවෙ හැතැප්ම 800 ක වෙරළක්, ලෝක උරුම 08 ක්, ජාතික වන උද්‍යාන 15 තියෙනවා. ලොව ලොකුම සත්වයන් දෙන්නා නිල් තල්මසා හා අලියාත් බලලා ලංකාවේ සුපිරි කෑම කමින් හරිත පරිසරය හා අපූරු සංස්කෘතිකාංග නරඔන්න ලංකාවට එන්න" මහින්ද ආරාධනා කළේ ඉහළ ප්‍රතිචාර මැදය.
බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් බෝගොල්ලාගමට මේ සතිය වාසනාවන්තය. ඒ අක්ත පත්‍ර දීමට චාල්ස් රජු හමුවීමට බකිංහැම් මාළිගයට යාම හා උත්සවයකදී අගමැති සුනක් හමුවීමය. දෙදෙනාටම ඔහු ලංකාවේ වත්මන් ගොඩයාම පැහැදිලි කළේය. ඕස්ට්‍රෙලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට බල ශක්ති අමාත්‍යාංශය හා ගිවිසුම් ගතවීමේ දෙවන පියවර ලෙස ඉන්දන බෙදා හැරීමට අදාළ ගිවිසුම BOI සභාපති දිනේෂ් වීරක්කොඩි සමඟ පසුගියදා අත්සන් කළහ.
Lanka Newsweek © 2024