Sunday 13th of October 2024

English Tamil
Advertiesment


ඇමෙරිකානු විදේශ සේවා සැදෑවෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක්


2024-06-06 14466

 

තානාපති මහින්ද සමරසිංහගේ කතාවට පැසසුම් ගලයි
 

 

 
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)

 

ඇමෙරිකානු විදේශ සේවා ජාත්‍යන්තර සංවිධානය ශ්‍රී ලංකා තානාපති පරිශ්‍රයේදී එම සාමාජිකයන් 150 ක පිරිසකට සූදානම් කළ සැදෑ සාදය ශ්‍රී ලංකාවට ඉහළ ප්‍රචාරක වාසියක් ගෙන ආ අවස්ථාවක් විය. ඒ සඳහා වන සියලු වියදම් එම සංවිධානය දැරීම ද විශේෂත්වයකි.

විශේෂයෙන් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා එහිදී කළ කතාව ඇමෙරිකානුවන්ගේ සහ එහි සිටින ලාංකිකයන්ගේ දැඩි ප්‍රසාදයට, ගෞරවයට සහ පිළි ගැනීමට ලක් විය. 

"ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික බැදීමට වසර 75ක් පිරීමේ සමරුව ගිය වසරේ වොෂින්ටන් සහ කොළඔදීත් ඉහළින් සැමරුවා. 1948 ශ්‍රී ලංකාවට ලැබුණු නිදහසින් පසු ඇමෙරිකාව සහ  සෙසු ප්‍රධාන රටවල් සමග සබදතා ඇරඔුවා. නමුත් ඊටත් පෙර බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඇමෙරිකානු මීෂනාරීන් ශ්‍රී ලංකාවට ගිහින් විශේෂයෙන් උතුරේ රෝහල්, පාසල් සහ විවිධ සමාජ සේවා කටයුතු සිදු කොට තිබෙනවා" මහින්ද සමරසිංහ මහතා කීවේය.

වැඩි දුරටත් කතා කළ මහින්ද සමරසිංහ මහතා ,"19 වන සියවසේ අවසානයේ  ඇමෙරිකානුවෙකු වන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ශ්‍රී  ලංකාවට පැමිණ පුමුඛ බෞද්ධ භික්ෂූන් සමග එක්ව බුදු දහමේ පෝෂණයට කැප වුණා. ලොව සුපතල බෞද්ධ කොඩිය නිර්මාණය කළා. ආනන්ද, මහින්ද, ධර්මරාජ, මියුසියස් ඇතුළු ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ කොඳු නාරටිය බඳු  පාසල් බිහි කළා. ඕල්කට් නාමයට අදත් ශ්‍රී ලංකාවේ ඉහළින් ගරු කෙරෙනවා"

ශ්‍රී ලංකාව "සිලෝන්" ලෙස හැදින් වූ යුගයේ මහ බැංකුවක් පිහිටවීමේ අත්දැකීම් නැති නිසා ඇමෙරිකාවේ භාණ්ඩාගාරය උදව් කළා. ජෝන් එක්ස්ටර් මහතා එවා අදාළ නීති පවා හැදුවා. ශ්‍රී ලංකාවේ පළමු මහ බැංකු අධිපති වුණෙත් ඔහුයි. ඇමෙරිකානු සහායෙන් බිහිවූ IMF අද ශ්‍රී ලංකාවටත් විශාල සහායක් ලබා දෙනවා. පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න අපට ඒ සහය ලොකු රුකුලක් වුණා. අද ධවල මන්දිරය, කැපිටල් හිල් භාණ්ඩාගාරය, ලෝක බැංකුව, IMF ගියාම ශ්‍රී ලංකාව කෙටි කලකින්  අර්බුදයෙන් මිදීමට කළ ප්‍රාතිහාර්ය ගැන අපට සුබ  පතනවා.

ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, ඉන්දියන් සාගරයේ මුතු ඇටය සහ මැණික ලෙසත් හදුන්වන්නේ ඒ තරමටම ලස්සන රටක් නිසයි. බටහිර වර්ජිනියා ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් සමානයි. සැතපුම් 800ක් දිග මනරම් වෙරළක්, යුනෙස්කෝව නම් කළ ලෝක උරුම 08 ක් , ජාතික වන උද්‍යාන 15 ක් ශ්‍රී ලංකාවෙ තියෙනවා. ජලයේ සහ ගොඩබිම වෙසෙන ලොකුම සත්වයන් දෙදෙනා නිල් තල්මසා සහ අලියා ශ්‍රී ලංකාවට එන අයට පහසුවෙන් බලන්න පුළුවනි. වී, තේ, පොල්, රබර්, කුරුදු ඇතුළු කුළුබඩු, එළවලු, පළතුරු සහ අල වර්ග රැසක් ශ්‍රී ලංකාවේ වැවෙනවා. ශ්‍රී ලංකාවට ආවොත් මෙිවා භුක්ති විදිය හැකියි

ශ්‍රී ලංකාවේ සමාජයේ ජාති, ආගම් සහ සංස්කෘතික විවිධත්වය පවතිනවා. පහත රට, උඩ රට, උතුර සහ දකුණ ආදී ප්‍රදේශවලට ආවේනික නනර්තන, බෙර වාදන, සංගීතාංග සහ සංස්කෘතික අංග බහුලයි. ඒවායේ වචන නොතේරුණත් ඔබට එහි ශ්‍රවණය ඔස්සේ පමණක් විශාල රස වින්දනයක් දැනේවි. ඒවා අසමින් නටන්න. ඒත් මෙතන තියෙන පොකුණට වැටෙන්න එපා. ඉහළ ආහාර සංස්කෘතියකුත් ශ්‍රී ලංකාවට තියෙනවා. අද ඒවාත් භුක්ති විදින්න ඔබට හැකියි.

මේ වසර අග 03% ක ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාවට ලැබෙනවා. ඩොලර් මිලියන 200 ක බංකොලොත් තැනකට අපි වැටුණා. ඊට වඩා 10-15 ගුණයක ධනවතුන් රැසක් ඇමෙරිකාවෙ ඉන්නවා. Covid-19 හේතුවෙන් අපනයන වැටීම, පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරකයන් නොපැමිණීම සහ වසර ගණනක් තිබූ වැරදි ආර්ථික කළමනාකරණය නිසා වැටුණු රට අද ගොඩ යමින් තිබෙනවා. 

ඩොලර් හිගය නිසා ඉන්දන, ගෑස්, ඖෂධ, පොහොර ගෙන්වීමට තිබූ නොහැකියාවෙන් රට දැන් මිදීලා. ලක්ෂ ගණන් සංචාරකයන් දැන් ශ්‍රී ලංකාවට එනවා. ලොව හොදම සංචාරක ගමනාන්තයක් ලෙසත් කාන්තාවන්ට තනියම යා හැකි හොදම රටක් ලෙසත් ශ්‍රී ලංකාව වර්ග වී තිබෙනවා. ඇමෙරිකානු සංචාරක සමාගම් රැසක් සමග තානාපති කාර්යාලය කටයුතු කරනවා. ගිය වසරට වඩා විශාල පිරිසක් ශ්‍රී ලංකාවට යැවීමට හැකි වෙන බව විශ්වාසයි" යැයි ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා එහිදී පැවසූ අතර ශ්‍රී ලාංකික සංගීතය, නර්තනය සහ සංස්කෘතිකාංග රැසකින් එම සැදෑව වර්ණවත් විය.

 

 

Advertiesment