පහුගිය දවසක රූපවාහිනී සංවාදයකට ආපු ජවිපෙ නීති උපදේෂක නීතිඥ සුනිල් වටගල ඒ සංවාදයේ හිටපු අනිත් අයට අභියෝගයක් කළා.ඒ තමයි 1994 න් පස්සේ ජවිපෙ කරපු එක දේශපාලන වැරැද්දක් කියන්න කියලා.ඒ විවාදයේ හිටපු අයට ඒ ප්‍රශ්නයට නිවැරදි පැහැදිලි උත්තරයක් දෙන්න බැරිවුනා.ඒක නිසා ඒ ප්‍රශ්නයටත් උත්තර දෙන්න රටේ රාළ සිද්ධවෙලා.
වටගල ඇත්තටම දැම්මේ මහ මෝඩ තර්කයක් බව ඉස්සෙල්ලාම කියන්න ඕනි.94 න් පස්සේ ජවිපෙ කරපු එක දේශපාලන වැරැද්දක් කියන්න කිව්වම 94 ට ඉස්සෙල්ලා දේශපාලන වැරදි ගොඩක් කළා කියලා නිකම්ම ඔප්පු වෙනවා. ඇත්තටම ගත්තොත් 88/89 සන්නද්ධ අරගලය ඇතුලේ ගොඩක් දේශපාලන වැරදි සිද්ධවුනා. සන්නද්ධ අරගලයක් කියන්නේ ඉතාම සංකීර්ණ තත්වයක්. හැමදේටම වැඩිය තුවක්කුව බලවත් වෙන වෙලාවක් එනවා.
හැබැයි සන්නද්ධ අරගලයකින් සමූලඝාතන උන ව්‍යාපාරයක් ආයෙත් නැගිටිගන්න පුළුවන් විදියට කේන්ද්‍රීය සාධක එකක් දෙකක් හරි ඉතිර කරගන්න එදා ජවිපෙට පුළුවන් වුනා.94 පස්සේ අද වෙනකොට ජවිපෙ කරපු දේශපාලන වැරදිවලින් ජවිපෙ නැමති දේශපාලන පක්ෂය තව ඉතා කෙටිකාලයකින් මෙලොවින් තුරන්වීමට නියමිතයි.ඉදිරියේදී වැඩිම උනොත් ජවිපෙ කියලා බෝඩ්ලැල්ලක් එල්ල ගත්ත ටිල්වින් වගේ දේශපාලන මහල්ලෙක් දෙන්නෙක් ඉතිරි වෙයි. සාමාන්‍යයෙන් ලිබරල් ක්‍රමය ඇතුලේ නායකයන් පුම්බනවා.ඒ වගේම පුම්බපු නායකයා උස්සලා පොලොවේ ගහනවා.
අපේ රටේ දේශපාලනඥයින් ගොඩක් දෙනෙකුට එහෙම වෙනවා ඔයලා දකින්න ඇති.ඒ කියන්නේ දේශපාලන ඇතුලේ නායකයෙක් උපරිම පීක් එකට එනකොට එයා විසින් කරන්න ඕනි වැඩකොටසක් තියනවා.ඒ තමයි තමන් නියෝජනය කරන දේශපාලන මතවාදය ඉදිරියට ගෙනියන්න පුළුවන් මතවාදී පෙරමුණක් සහ ඒක බලාත්මක කරන්න පුළුවන් සංවිධාන පෙරමුණක් හදන්න ඕනි. ඊට අමතරව නිවැරදී බහුජන පෙරමුණක් බවට තමන්ගේ සංවිධාන පත්කර ගන්න ඕනි.
ඒක කරන්න බැරිවුන හැම දේශපාලන නායකයාම පුම්බලා ඉවර වෙලා පොලොවේ ගැහුවා. විමල් වීරවංශට වුනේ ඒක නෙවෙයිද?විමල් කොච්චර පිම්බුවත් ඇතුල සම්පුර්ණයෙන්ම හිස්.රාජපක්ෂලා එක පාරෙන් විමල්ව පොලවේ ගහලා ඉවර කළා. අද විමල්ව කවුරුත් ගණන් ගන්නේ නෑ.විමල් කොච්චර හයියෙන් කෑගෑහුවත් විමල්ගේ කතා අහන්න කවුරුත් එන්නේ නෑ.විමල්ගෙන් පස්සේ ඒ ඉරණම උරුම වෙන්න නියමිත අනුරට.
අනුර දැන් ඉන්නේ පිම්බෙන සහ පුම්බන කාලේ.අනුර පොලොවේ ගහන හෝ පිපිරී යන කාලය වැඩි ඈතක නෙවෙයි.ඒකට හේතුව 94 න් පස්සේ අනුරලා කරපු දේශපාලන වැරදි.94 පස්සේ ජවිපෙ ගත්ත දේශපාලන තීරණ ගොඩක් නිවැරදියි.ඒ සෝමවංශ අමරසිංහගේ නායකත්වය යටතේ ගත්ත තීරණ.94 න් පස්සේ ජවිපෙ වැරදි දේශපාලන තීන්දු පැත්තට යොමුවෙන්නේ හතර දෙනාගේ කල්ලිය බලවත්වීමෙන් පස්සේ.
හතර දෙනාගේ කල්ලිය ඉස්සෙල්ලාම කළේ ජවිපෙ ගත්ත නිවැරදි දේශපාලන තීරණ කඩාකප්පල් කිරීමයි.ඔයාලට මතක ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජවිපෙ බුලත් කොළය ලකුණෙන් ඡන්දය ඉල්ලපු 2004 මැතිවරණ.පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 41 සහ පලාත් සභා මැතිවරණයේදී ආසන 81 ක් දිනා ගත්තා.ඒ මැතිවරණයේදී ජවිපෙ පෙනී හිටියේ මහින්ද චින්තනය වෙනුවෙන්.
විමල්ලාට,අනුරලාට,ටිල්වින්ලාට ඒ දවස්වල මහින්ද චින්තනය හරියට බුද්ධ භාෂිතයක් වගේ.ඒ මැතිවරණයේදී ශ්‍රිලනිප ඡන්දදායකයා තමන්ගේ අපේක්ෂකයින්ට මනාප නොදී ජවිපෙ අපේක්ෂකයින්ට මනාප දුන්නා.බොහෝ දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තුවට සහ පලාත් සභාවට වැඩිම මනාපයෙන් ආවේ ජවිපෙ අපේක්ෂකයන්,ඒ මැතිවරණවලදී ජවිපෙ අපේක්ෂකයින් බහුතරයක් ජයග්‍රහණය කළා.
ඇත්තටම ශ්‍රිලනිප ඡන්දදායකයා බලාපොරොත්තු උනේ ජවිපෙ මූලිකත්වයෙන් ජනතාවාදී ආණ්ඩුවක් හදන්න.මහින්දත් ජනාධිපති උන ගමන් නිසා එහෙම ජනතාවාදී ස්වරූපයේ ආණ්ඩුවක් හදන්න සැලකියුතු ඉඩකුත් තිබුණා. ඒ වෙනුවෙන් ජවිපෙ ගත්ත හැම උත්සාහයක්ම හතර දෙනාගේ කල්ලිය කඩාකප්පල් කළා.තමන්ව මහා ඉහළින් ඔසවා තැබූ ශ්‍රිලනිප ඡන්දදායකයා බලාපොරොත්තුවට ජවිපෙ පයින් ගැහුවා.එදත් ජවිපෙ ජනතාව බාරදුන්න වගකීම ගන්නේ නැතිව පැනලා ගියා.
ජවිපෙ බලපෑම නිවැරදිව තිබුණා නම් ඒ ආණ්ඩුවට ඉස්සරහට යන්න තිබුණා.ජවිපෙ ශ්‍රිලනිප ඡන්දදායකයාගේ මනාපය මංකොල්ල කාගෙන වගකීමෙන් පැනලා ගියා.ජවිපෙට කරන්න තිබුණේ ඒ ආණ්ඩුවේ වගකීම් බරගෙන ජනතාව තමන්ට බාරදුන්න වගකීම ඉෂ්ඨ කරලා පෙන්නන එකයි.ඒක එයාලත් එක්ක කරන්න බැරිනං ඊළඟ මැතිවරණයේදී ජනතාවට කියලා ඇවිත් තනියෙන් තරඟ කිරීමයි.
ඒක නොකර තමන්ට ඡන්දය දුන්න ඡන්දදායකයාට පිටුපෑම ජවිපෙ ගත්ත පලවෙනි වැරදි දේශපාලන තීන්දුවයි.ඒ ආණ්ඩුවත් එක්ක ඉදිරියට යන්න ජවිපෙ දේශපාලන මණ්ඩල තීරණයකට කරලා තියෙද්දී ටිල්වින්,අනුර,විජිත,ප්‍රේම කුමර ඇතුළු පිරිසක් කුමන්ත්‍රණයක් මගින් ඒ මතය මධ්‍ය කාරක සභාවේදී කනපිට හැරෙව්වා.එදා ලාල් කාන්තත් හිටියේ ටිල්වින්ලාගේ මතයට විරුද්ධව.
ඒ දේශපාලන වැරැද්දෙන් පස්සේ ජවිපෙ කරපු ඊළඟ ලොකුම දේශපාලන වැරැද්ද තමයි ජවිපෙට සමාන්තරව මාලිමාව කියලා තවත් දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම.ජනාධිපතිවරණයකදී අනුගමනය කරන උපක්‍රමය ජනාධිපතිවරණයෙන් පස්සේ පැත්තකින් තියන්නේ නැතිව අදත් ජවිපෙ මාලිමාව කර තියාගෙන යනවා.මේකෙන් වෙලා තියෙන්නේ මාලිමාව නැමති කල්ලතෝනින්ගේ ග්‍රහණයට ජවිපෙ පත්වෙලා.
ඊළඟට ජවිපෙ කරපු අනිත් ලොකුම වැරැද්දක් තමයි තමන්ගේ ඉතිහාසයට පස්ස හැරවීම.ඒක වෙන්නෙත් හතර දෙනාගේ කල්ලිය ජවිපෙ ඇතුලේ බල තහවුරු කරගත්තට පස්සේ.ජවිපෙ ඉතිහාසය කියන්නේ අසූදාහකට කිට්ටු පක්ෂ සාමාජිකයන්ගේ ජීවිත වලින් වන්දි ගෙවපු පක්ෂයක්.ඒ දස දහස් සංඛ්‍යාත සාමාජිකයන් දිවි පිදුවේ පොදු අරමුණක් වෙනුවෙන්. බොහෝ දෙනා දිවි පුදද්දී තමන්ගෙන් ගිලිහුණ වගකීම පක්ෂය විසින් ඉෂ්ඨ කරයි කියලා හිතාගෙනන මරණය වැළද ගත්තා. එහෙම දස දහස් ගණනක් ඉන්නවා.
මරා දමන මොහොතේ ප්‍රේමවති මනම්පේරී,කමල බන්දු,රෝහණ විජේවීර,ශාන්ත බණ්ඩාර,ෆැන්සිස්, කළුතර කරූ වගේ තවත් දහස් ගනනක් සාමාජිකයන්ගේ අවසන් වචනවලින් හතුරා පවා බලවත් කම්පනයකට පත්කළා.ඒකෙන් රටේ රාළ කියන්නේ සන්නද්ධ අරගලය ඉස්සරහට ගෙනියන්න කියලා නෙවෙයි.ඉස්සරහට ගෙනියන්න ඕනි ඒ ආධ්‍යාත්මය.රට හදන වැඩේට එකතු කරගන්න ඕනි ඒ ආධ්‍යාත්මයයි.අද ඒ ආධ්‍යාත්මය ජවිපෙ විසින් ඉතිහාසය පිටින්ම වලලලා.
අද ජවිපෙ නායකයෝ කියන්නේ ඉතිහාසයේ විවිධ පාවාදීම් කරපු සහ බරපතල දේශපාලන වැරදි කරපු අය.88 ටිල්වින් කරපු ගොන් වැඩවලින් කීදෙනෙක්ගේ ජීවිත නැතිවුනාද?අන්තිමට ටිල්වින් යටත් වෙලා සියල්ල පාවාදීලා ආරක්ෂිතව බන්ධනාගාර ගතවුනා.අනුර එදා කවුරෙන් පැනලා ගියා.පක්ෂ සාමාජිකයා පාවා දෙන්න බිල්ලාට ගිය නිවටයෝ රැලක් තමයි අද ජවිපෙ නායකයෝ වෙලා ඉන්නේ.
මාලිමාව කියන්නේ එයාලට මුටි කාසි එකතු කරන තැනක්.මහා විප්ලවවාදී පක්ෂයකට අනුරලා කරපු අපරාධය තමයි ඔය.ඒත් අපේ රටේ ඉන්න රැලි පස්සේ දුවන මෝඩයෝ රැලක් තවමත් ඉන්නවා.
හරි එහෙනම් ගිහින් එන්නම්,
ජයවේවා..!
මීට
රටේ රාළ.
Lanka Newsweek © 2024