නොාබා්දා අවසන් වූ මැයි රැළිය සඳහා පාක්ෂික ජනතාවගේ සහභාගීත්වය පිළිබඳ සෑම දේශපාලන පක්ෂයක් විසින්ම පමණ ඉක්මවා අදහස් ලබා දී තිබූ බව ජන සහභාගීත්ව විශ්ලේෂණයේදී පෙනීයයි. මෙම පසුබිම හමුවේ එජාප මැයි රැළිය කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වැදගත් වේ.
ආර්ථික වශයෙන් බිඳ වැටුණු රට යම් ස්ථාවර තත්ත්වයකට පත්කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලබා දුන් නායකත්වය උදෙසා ඔහුට පෙරළා කෘත ගුණ දැක්වීම සඳහා රට පුරා විසිරී සිටින ජනතාව එජාප මැයි රැළියට සහභාගී වීම මගින් පෙනීයයි. මෙම අදහස මතු කිරීමට ප්‍රධාන හේතුව වන්නේ තවමත් බිම් මට්ටමේ එජාප යාන්ත්‍රණය ශක්තිමත් පදනමක සංවිධානය හා ක්‍රියාත්මක නොවීමේ පසුබිම තුළ බිම් මට්ටමේ එජාප හෝ රනිල් වික්‍රමසිංහට හිතවාදී පිරිස පෙර නොතිබූ තත්වයක් තුළ රනිල් නම් වූ පුද්ගල කැරිස්මාව වෙත ආකර්ෂණය වීමක් විද්‍යමාන වන බැවිනිි.
රනිල්ට එම කැරිස්මාව කේනද්‍ර ගත වීමට ප්‍රධාන හේතුව ආර්ථිකයේ සාධනීය පරිවර්තනයක සංක්‍රාන්තික කඩඉමට ප්රවේශවීමට ලබා දුන් නායකත්වය බව පැහැදිලිය. මෙය වූ කලී පුද්ගල කැරිස්මාවේ ජීව ගුණය ශක්තිමත් කිරීමට අදාළ විශ්වාසය නැමැති ගුණාංගය මගින් රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීමට ජනතා විශ්වාසය තමා කෙරෙහි ගොඩනැගීමට සමත් වීමකි. රට වැටී තිබූ තත්ත්වය හා ඉදිරියේ ඇති අභියෝගය වැල්පාලමේ ගමනකින් ඉක්බිතිව එය වංකගිරියක දුෂ්කර ගමනක් බවට සිදු කළ ප්‍රකාශය පරිණත දේශපාලන නායකයෙකුගේ සත්‍යතාව සහ දැක්ම ප්‍රකාශ කිරීමකි. තම අත්දැකීම් පදනම් කර ගෙන එම දුෂ්කර අභියෝගය ජය ගැනීමට විවිධ සමාජ සන්දර්භයන් වෙත නම්‍යශීලි වෙමින් තම අභිමතාර්ථය ජය ගැනීමට ඇති උවමනාව ප්‍රකාශ කොට ජනතාව එයට හුරු කොට අනුගමනය කිරීමේ ප්‍රවේශය ගොඩනැගීම රනිල්ගේ පරිණත බව හොඳින් ප්‍රකාශ කිරීමකි.
එජාප මැයි රැළියට පාක්ෂිකයින්ට ආරාධනා කිරීමට පෙර සිටම එජාප ඉදිරි පෙළ නායකයින්, සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම වෘත්තීයවේදීන් ද ප්‍රකාශ කොට තිබුණේ රනිල් ජාතික නායකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවයි. එම අදහස සඳහා ප්රබලවම බලපෑ සාධකය වූයේද රනිල්ගේ කැරිස්මාව තුළ කේන්ද්‍ර ගතව ඇති ආර්ථිකය ස්ථාවර කිරීමට ඔහු දැක්වූ නිපුණතාවයි. එජාප පාක්ෂිකයින් විසින් ද මෙවර මැයි රැළියේ දී තහවුරු කර ඇත්තේ රට වෙනුවෙන් රනිල් ජාතික නායකයා ලෙස ආර්ථික ජයග්‍රහණය ඔස්සේ සාධනීය පරිවර්තනයක් ඇති කළ යුතු බවයි.
එජාප මැයි රැළියේ විශාල ජන සහභාගිත්වය විශද කරන විශේෂ කරුණක් වන්නේ එජාපය විනාශ කළ නොහැකි දේශපාලන පක්ෂයක් බවයි. 2020 දී එජාපයේ පිරිසක් පක්ෂයෙන් වෙන්වී සජබ ගොඩනැගීමත් සමග එජාප දේශපාලනය අවසන් බවට අදහස් ඉදිරිපත් කෙරුණි. එම අවස්ථාවේදී එජාපය එක් මන්ත්‍රී ධුරයකට සීමා වුවද එජාපය ක්‍රමානුකූලව ඉදිරියට පැමිණ ඇති බව එජාප මැයි රැළිය සනාථ කරයි. 2020 මහ මැතිවරණයේදී මිලියන දෙකකට ආසන්න එජාප පාක්ෂිකයින් ඡන්ද පොළට නොපැමිණියේ සැබැවින්ම එජාපය කඩා බිඳ දමනවාට තිබූ අකැමැත්ත නිසාය. 2020 දී එජාපය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය හා සැසඳීමේදී මෙවර මැයි රැළිය සඳහා එදා ඡන්ද පොළට නොපැමිණි එජාප පිරිස් නැවත එජාපය හා සම්බන්ධ වී ඇති බව පැහැදිලි වේ.
2020 දී සජබ ඉදිරි පෙළ ක්‍රියාකාරීන් ප්‍රකාශ කළේ ඔවුන්ගේ ඊළග අරමුණ එජාපය හා සිරිකොත අල්ලා ගැනීම බවය. මෙවර එජාප මැයි රැළිය දැකීමෙන් කලබලයට පත් වූ එම පිරිසම එජාපය අල්ලනවා යැයි නැවත වතාවක් පැවසීමෙන් ප්‍රකට කෙරෙනුයේ සජබ දේශපාලන ව්‍යාජය පරාජය කිරීමට ජනතාව ඉදිරියට පැමිණ ඇති බවයි. එජාපය කඩිනමින් දැන් සිදු කළ යුත්තේ මැතිවරණ බලප්‍රදේශ ඉලක්ක ගත කොට සබඳතා ගොඩනැගීමේ ගෙයින් ගෙට යෑමේ ප්රචාරක වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමයි.
අප රට දුෂ්කර අවස්ථාවේ සිට පසුගිය අවුරුදු දෙකක ලබා ගත් ආර්ථිකයේ ඉදිරි ගමන් මාර්ගයේ කිසිදු ප්‍රගතියක් නොදකින විපක්ෂ දේශපාලනය වෙනුවට සාධනීය ජයග්‍රහණ අගය කරන දේශපාලන රාමුවක් ගොඩනැගීමේ ප්‍රවේශය සකස් කර ගැනීම ලාංකීය දේශපාලනයට අවශ්‍ය බව ජනතා අරගලයෙන් පෙන්නුම් කර ඇත. පසුගිය අවුරුදු දෙකක කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආර්ථික වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාමේ ප්‍රතිපත්තිය විපක්ෂයේ විවේචනයට ලක්විය. එහෙත් සිදු වූයේ කුමක්ද..? ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සාර්ථකව සාකච්ඡා මෙහෙය වමින් පවතී.
බදු ආදායම ඉහළ නැංවීම නිසා ඔවුන් තාවකාලිකව අසීරුතාවයට පත් වී ඇති නමුදු එමගින් දිළිඳු බවින් අසරණභාවයට පත් වූ පවුල් වෙනුවෙන් සමාජ සුබ සාධන වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටියි.
ජර්මානු දාර්ශනිකයෙකවූ ෆෙඩ්රික් නීට්ෂේ පැවසූ පරිදි සම්ප්‍රදායට අභියෝග කරමින් රැඩිකල් වෙනස්කම් වැළඳ ගැනීමේ අභියෝගය ලාංකීය සමාජයට අවශ්‍ය වේ. දුරදක්නා නුවණින් රනිල් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණ ක්‍රියාවලියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ භූමිකාව සජබ-ජවිපෙ මුල්ම අවදියේ විවේචනය කළද රනිල්ගේ ආර්ථික මොඩලය හැර වෙනත් විකල්පයක් නොමැතිබව මේ වන විට ඔවුන්ගේ දේශපාලන සංවාද තුළින් මනාව පිළිඹිඹු වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සංශෝධන ඉදිරිපත් කිරීම පිළිබඳ ඉදිරිපත් කරන අදහස හුදු බලය ලබා ගැනීමට සිදු කරන ව්‍යාජ දේශපාලන භාවිතාවක් විනා රටේ ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමක් සඳහා නොවන ප්‍රවේශයක් බව පැහැදිලිය.
රනිල් කල්තියාම ආර්ථිකය ගොඩනැගීමේ දුෂ්කර බව හුණුවටයේ කථාවේ වැල්පාලමෙන් එතෙර වීමේ දුෂ්කර අවස්ථාවට උපමා කළේ ඒ නිසාය. අද අපට අවශ්‍ය වන්නේ සිතිජයට එහා ගිය දැක්මක් සතුව ඇති නායකයෙකි. 17 වන සියවසේ දී බ්‍රිතාන්‍යයේ විසූ දේශපාලන දාර්ශනිකයෙකු වූ තෝමස් හොබ්ස් පැවසූ පරිදි රටක නායකයා ස්ථායිතාව සහතික කරමින් ව්‍යාකූලතාව වැළැක්වීමට කටයුතු කරන කෙනෙකු විය යුතුය. ජනාධිපතිවරණයට ඉතා කෙටි කාලයක් ඉතිරිව තිබියදී අනුර කුමාර දිසානායකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම හා වැල්පාලමේ සංකල්පය හැර වෙනත් විකල්පයක් නොමැති බව පිළි ගැනීමට සිදු වී ඇත. එය වූ කලී රනිල් නම් ජාතික නායකයාට සමාජ, දේශපාලන හා ආර්ථික භූ දර්ශනය පිළිබඳ පුළුල් දසුනක් ඇති නමුදු අන් අය ආසන්න බිම් පෙදෙස පමණක් දැකීමට සිදු කරන උත්සහයක් බව තහවුරු කිරීමකි.
Lanka Newsweek © 2024