උමා ඔය බහුකාර්ය ජල යෝජනා ක්‍රමය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අතින් විවෘත වුනා.ඉරාන ජනාධිපති රයිසිට ආර්ධනා කරන්න ඇත්තේ උමා ඔය යෝජනා ක්රමයේ ඉදිකිරීම් කටයුතුවලට ඉරානයෙන් සහන පොලියට ණය මුදලක් අපට දුන්න හින්දා වෙන්න ඕනි.උමා ඔය ව්‍යාපෘතියයේ මුළු වියදම ඩොලර් මිලියන 514 ක්.මුලදී ඉරානය ඒ මුදලින් ඩොලර් මිලියන 450 ක් දෙන්න පොරොන්දු වෙලා හිටියත් ඉරානයට දෙන්න පුළුවන් වෙන්නේ ඩොලර් මිලියන 50ක් විතරයි.
ඇමරිකාව ප්රමුඛ බටහිර විසින් ඉරානයට පනවලා තියන දැඩි ආර්ථික සම්බාධක එක්ක ඉරානයට අපට දුන්න පොරොන්දුව ඉෂ්ඨ කරන්න බැරිවුණා. අන්තිමට උමා ඔය ව්‍යාපෘතියේ ඉතිරි සියලු වියදම දරන්න උනේ අපේ ආණ්ඩුවට.ඊයේ ආපු ඉරාන දූත පිරිසත් එක්ක ඉරාන - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ගිවිසුම් පහකටත් අත්සන් කරලා තිබුණා. කොහොම උනත් මෙතන විශේෂත්වය වෙන්නේ උමා ඔය ව්‍යාපෘතියයි.උමා ඔය බහුකාර්ය ජල යෝජනා ක්‍රමය සම්බන්ධව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කෘෂිකර්ම,පංශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග ඇමති අනුර කුමාර දිසානයක.
ඒ කියන්නේ වර්තමාන ජවිපෙ නායකයා.ඒ 2005 දී.අනුර දාපු කබිනට් පත්‍රිකාවේ උමා ඔය බහුකාර්ය යෝජනා ක්රමයේ අරමුණු ඉතාම පැහැදිලිව සදහන් කරලා තියනවා.උමා ඔය ජල යෝජනා ක්‍රමය යටතේ ජාතික විදුලි පද්ධතියට මෙගාවෙට් 120 ක් එකතු කිරීම එක අරමුණක්.ඊට අමතරව බණ්ඩාරවෙල,බදුල්ල සහ මොනරාගල ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ප්රශ්නය විසදීම සහ බදුල්ල,මොනරාගල ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු සදහා ජලය සැපයීමත් ප්‍රධාන අරමුණක්.
අලුතෙන් හෙක්ටයාර් 15000 ක් වගා කරන්න ඉළක්ක කරලා තියනවා.කැබිනට් අනුමැතිය ලැබිලා උමා ඔය ව්‍යාපෘතියේ වැඩ පටන් ගන්නකොට අනුරලා ආණ්ඩුවෙන් අයින් වෙලා. එතන ඉදන් අනුරලා කරන්නේ තමන් විසින්ම යෝජනා කරපු උමා ඔය ව්‍යාපෘතියට හතුරුකම් කිරීමයි.උමා ඔයට ව්‍යාපෘතියට එරෙහිව ජනතාව කුලප්පු කිරීමයි.එක්කෝ අනුර උමා ඔය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ ගැන මෙලෝ අවබෝධයක් නැතිව.
කවුරු හරි අනුරව ගොනාට අන්දලා ව්‍යාපෘතිය දුන්නා,අනුර මෙලෝ හතරක් දන්නේ නැතිව ගිහින් දැම්මා වෙන්නත් පුළුවන්.එහෙම ගොන් වැඩ අනුර මේ ළඟක් වෙනකම්ම කරලා තියනවා. එක පාරක් මෛත්‍රීගේ ජනාධිපති බලතල පාර්මේන්තුවේ බහුතර අනුමැතියෙන් රනිල්ට දෙන්න කියලා අනුර උසාවි ගියා.ඒ ජයම්පති දුන්න ලණුවක් කලා.හරි...අපි මෙහෙම හිතමු,අනුර උමා ඔය කැබිනට් පත්‍රිකාව දාන්නේ හොඳට අධ්‍යයනය කරලා කියලා.එහෙම නං අනුර කියන්නේ පට්ට දේශපාලන කුහකයෙක්.
අනුරලා ආණ්ඩුවෙන් අයින් උනාට පස්සේ තමන් දාපු හොඳ යෝජනාවවත් කරන්න නොදී කඩාකප්පල් කිරීම තමයි ඒ කුහකකම. 2014 වෙනකොට උමා ඔය සම්බන්ධව ජවිපෙ විරෝධතා උච්චතම අවස්ථාවට ආවා.උමා ඔයේ නල පද්ධතිය ඇතුලෙන් එක පාරට හිලක් මතුවුනා.කැලෑ මැරෙනවා කිව්වා.වතුර හිදෙනවා කිව්වා,නාය යනවා කිව්වා,තැන තැන ඉරි තලලා කිව්වා.මෙකී නොකි සියලු කතා කියමින් සමන්ත වේදිකා උඩ තප්පුලන්න පටන් ගත්තා.සමන්තලා දිගටම බල කළේ ව්‍යාපෘතිය නතර කරන්න.
ඒ අනුව උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධව නැවතත් වාර්තාවක් ගන්න තුරු ව්‍යාපෘතිය නතර කළා. අන්තිමට උමා ඔය සම්බන්ධ ජාත්‍යන්තර වාර්තාවක් කැදෙව්වා.වර්තාව ආවේ උමා ඔයට එරෙහිව මතු කරපු සියලු විරෝධතා බොරු බව ඔප්පු කරමින්.ඊට පස්සේ ජවිපෙ කට වහගෙන පැත්තකට වුනා.ආයෙත් උමා ඔය වැඩ ආරම්භ කළා.2015 දී ඉදිකිරිම් අවසන් කරන්න තිබුණ උමා ඔය ව්‍යාපෘතියේ වැඩ අවසන් කරන්න පුළුවන් වෙන්නේ 2024 දී.ඒ කියන්නේ ඊට අවුරුදු 09 කට පස්සේ.ජවිපෙ මේ රටට කරලා තියන එක විනාශයක් විතරයි.
විවෘත කරපු උමා ඔය සම්බන්ධව අදහස් දක්වමින් සමන්ත විද්‍යාරත්න කියලා තිබුණේ මාලිමාවේ ආණ්ඩුවක් යටතේ නැවතත් උමා ඔය සම්බන්ධව සමීක්ෂණයක් කරනවා කියලයි. රටේ රාළ කියන්නේ මාලිමා රජයක් යටතේ නෙවෙයි වහාම උමා ඔය ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමෙන් ජවිපෙ රටේ ජාතික ආර්ථිකයට කරපු අපරාධය සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ගක් ගන්න ඕනි කියලයි.
ඇත්තටම ඒ අපරාධයට දඬුවම් දෙන්න ඕනි. එයාලගෙන් ඒ පාඩුව අයකර ගන්න ඕනි.මහින්ද, ගෝඨාභය,බැසිල් ඇතුළු කණ්ඩායම රට බංකොලොත් කීරීමට වගකියන්න ඕනි නං උමා ඔය ව්‍යාපෘතිය අඩපන කරලා රටට ගන්න තිබුන ආර්ථික ප්රතිලාභ අවුරුදු 09 කින් ප්‍රමාද කීරීමේ වරදට අනුරලා,සමන්තලා වගකියන්න ඕනි.නිකං හිතන්නකෝ අවුරුදු 09 ක් මෙගාවොට් 120 ක් ජාතික විදුලි පද්ධතියට එකතු නොවීමෙන් කොච්චර පාඩුවක් වෙනවද කියලා?මේ රටේ නිර්මාණය උන විදුලි අර්බුදයට විසදුමක් විදිහට යොදාගන්න තිබුණ මෙගවොට් 120 ක විදුලි සැපයුමක් අවුරුදු 09 තිස්සේ නැති කළේ ජවිපෙ. රටේ රාළ අහන්නේ මේ පාඩුව ගණනය කරන්න ඕනි නැද්ද..?
විදුලි අර්බුදය හින්දා අපේ රටේ කර්මාන්ත කොච්චර කඩාගෙන වැටුනද?ඒ පාඩුව ගණනය කරන්න ඕනි නැද්ද?රටේ විදුලි පාරිභෝගිකයාගේ විදුලි උවමනාව සපුරන්න බැරිවීමට සහ විදුලි බිල ඉහල යෑමට ජවිපෙ වගකියන්න ඕනි නැද්ද?අවුරුදු 09 කට උඩදී මේ මෙගවොට් 120 ලැබුණා නම් අපි රටක් විදිහට තව අඩියක් හරි ඉස්සරහට ගිහින්.ජවිපෙ කරපු මේ පාඩුව ගණනය කරලා බැලුවොත් ඔයාලට තේරෙයි ඒක විදුලි බල මණ්ඩලයේ සමස්ථ පාඩුවට වඩා වැඩියි කියලා. ජවිපෙම කියන රාජපක්ෂලා කරපු හොරකම්වලට වඩා ශතයක් හරි වැඩියි.
මේ ව්‍යාපෘතියෙන් බණ්ඩාරවෙල,බදුල්ල, මොණරාගල දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල ප්‍රශ්නයට උත්තරයක් හැදෙනවා.ජලය කියන්නේ මිනිස්සුන්ගේ මූලික අවශතාවයක්. පිරිසිදු ජලය නැතිකමෙන් වකුගඩු රෝගය වගේ රෝගවලට මේ රටේ කිරිසප්පයොත් ගොදුරු වෙනවා.ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ මූලික අවශ්‍යතාවයක් අවුරුදු 09 ක් තිස්සේ අහුරාගෙන ඉන්න එක සාහසික අපරාධයක් නෙවෙයිද?ඒ මිනිස්සුන්ට ජල ඒකකයකට ගෙවන්න ඕනි මුදල වැඩි කළේ ජවිපෙ නෙවෙයිද?පහුගිය දවස්වල ජවිපෙම කෑගහපු මහා පරිමාණ බදු වංචාවලින් රටට අහිමි වුන මුදලයි,අවුරුදු 09 ක් තිස්සේ ජනතාවගේම ජල අවශයතා සැපයීමට නොහැකිවීමෙන් වෙලා තියන පාඩුවයි සංසන්ධනය කලොත් බදු අපරාධවලට වඩා මූල්‍ය අපරාධයක් ජවිපෙ කරලා තියනවා.
බදුල්ල සහ මොනරාගල ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතුවලට අවුරුදු 09 ක් තිස්සේ ජලය අහිමි කරලා.අලුතින් වගා කරන්න තිබුණ හෙක්ටයාර් 15000 ක ආදායමක් රටට අහිමි කරලා තියනවා. තියන වගාවන්ට විදිමත් ජල සැපයුමක් නැතිවීමෙන් වගාවන්ගේ පලදායීතාවය අඩුවෙලා. ඒ හරහා ගොවියාගේ මානසික පීඩනය වැඩිවෙලා.මේ සිදුවුන පාඩුවට ගෙවන්න උනොත් විවිධ කූට ක්‍රම හරහා එකතු කරගෙන තිරන කෝටි 900 ක් වෙන ජවිපෙ අරමුලත් මදිවෙනවා.
ඇත්තටම මේ සම්බන්ධව නිවැරදි ගණන් කිරීමක් කරන්න ඕනි.ඒ සම්බන්ධ තොරතුරු රටට කියන්න කියලා විෂය ප්‍රවීණයන්ගෙන් රටේ රාළ ඉල්ලනවා.අනුරලා කොච්චර අදූර දර්ශීද?කොච්චර නං දේශපාලන වශයෙන් කුහකද?ඔයාලා රටේ පාලනය දෙන්න හදන්නේ මේ වගේ දේශපාලන තක්කඩින්ටද?රටේ රාළ කියන්නේ රාජපක්ෂලා වගේම අනුර කුමාරලත්,සමන්ත විද්යාරත්නලත් ආර්ථික ඝාතකයෝ කියලා.ඒ අර්ථයෙන් හිතද්දී අනුරත් දේශද්‍රෝහියෙක්.
හරි එහෙනම් ගිහින් එන්නම්,
ජයවේවා,
මීට
රටේ රාළ.
Lanka Newsweek © 2024