Monday 20th of January 2025

English Tamil
Advertiesment


පකිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩක සමාන්ගෙන් අලුත් වාර්තාවක්..!


2019-07-03 14357

(නිලන්ති චන්ද්‍රසේන)

පකිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩක ෆක්හර් සමාන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක විය.

සමාන් මෙම වාර්තාව පිහිටුවීමට ඉනිම 21 තරඟ කර ඇත.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති පස්වැනි එක්දින ක්‍රිකට් තරගයේදී ෆක්හර් සමාන් මෙම වාර්තාව පිහිටුවීමට සමත් විය. ඔහු එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 85ක් වන අතර  සමාන් මෙම තරගාවලියේදී ලකුණු 515ක් රැස් කළේ ය.

ඒ අනුව එක් රටකට එරෙහිව පැවැති එක්දින තරගාවලියකදී දෙවැනියට වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු ඔහු වන අතර පළමුවෙනිය වන්නේ ඉන්දීය නායක විරාත් කෝලිය.

බුලවායෝහිදී පැවති මෙම තරයේදී  පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය කඩුලු 4කට ලකුණු 364 ලබා ගත් අතර  සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50 අවසන් වන විට  කඩුලු 4කට ලකුණු 233ක් රැස් කරගෙන සිටියේ ය. ඒ අනුව ඊයේ පැවැති පස්වැනි තරගය ලකුණු 131කින් ජය ගැනීමට පකිස්ථානය සමත් විය.

මේ අතර සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය තරග 5ට 0ක් ලෙස ජය ගැනීමට පකිස්ථානය සමත් වී ඇත.

   

 
Advertiesment