Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ගැන සජබ e කොළම හඬ නගයි 


2024-04-05 14322

 

සජබයේ අභියෝග මධ්‍යයේ මාළිමාවටත් දිශානතිය වරදියි 

 

තමා සමග රටට-ජනතාවට තරඟයට වැඩ කරන්න එන්නැයි විපක්ෂ නායක සියලු නායකයින්ට අභියෝග කරයි 

 

සජබ e කොළම

 

 
(අශෝක ජයතුංග ඇමරිකාවේ සිට)

 

"දේශපාලන, සමාජ, ආර්ථික සහ ජාත්‍යන්තර කටයුතු ආදී ඕනෑම විෂයක් ගැන විවාදයකට ඕනෑම නායකයෙකු සමග ඕනෑම වෙලාවක මා සූදානම්" -විපක්ෂ නායක- 

"මාළිමාවේ ආර්ථික කමිටුව රට හදනවායි කට වචන කිව්වට වැඩ පිළිවෙළක් කියන්නෙ නෑ. ඒ නිසා රට හදන වැඩ පිළිවෙළක් තිබෙන අපේ සජබ ආර්ථික කමිටුව විසින් මාළිමාව ප්‍රායෝගිකව රට හදන හැටි ගැන වාද කරමුයි කිව්වම ඒකට බය වෙලා වෙන කතා කීමෙන්ම මාළිමාවට වැඩ පිළිවෙළක් නැති බව සනාථ වෙනවා. ජනතාව මේක තේරුම් ගන්න ඕනෑ . අපි හෙට වුණත් වාදෙට සූදානම්" කබීර්-හර්ෂ-ඉරාන් කියයි.

"විවාද අභියෝගය වගේම මා සමග තරඟෙට රටට වැඩ කරලා පෙන්නන අභියෝගයත් මම ඕනෑම පක්ෂ නායකයෙකුට කරනවා" -සජිත් ප්‍රේමදාස-

"මාළිමාව රටේ ආර්ථිකය ගොඩදානවා කිව්වට වැඩ පිළිවෙළක් නෑ කියල කිව්වෙ දිලිත් ජයවීරයි. වැඩ පිළිවෙළක් තියෙනවා නම් විවාද කරමුයි දිලිත් ජයවීර අනුර කුමාරටම අභියෝග කළාම ඔහු ප්‍රාදේශීය සභාවකවත් නැහැ කියලා ඇඟ බේර ගත්තෙ අනුර කුමාර සහ මාළිමාව බව ඔවුන්ට අමතක වුණාට රටට මතකයි" -සුජීව සේනසිංහ-

"මේ රට එක පවුලකට නොව රටේ ලක්ෂ 220ට ම අයිතියි. එකම පවුලකට මාරුවෙන් මාරුවට රට කන්න දෙන්න බෑ" -විපක්ෂ නායක-

උතුරේ ශ්‍රී නාග රාජ, මුලතිව් තන්නීරෝතු, වම් ඉවුර, වව්නියා සෙට්ටිකුලම සිවානන්ද සහ නැදුන්කේනි ඔලුමඩු යන මුස්ලිම් සහ දෙමළ විදුහල්වලටත් "සජිත්-ජලනි"ගෙන් මේ සතියේ "Smart" පංති කාමර පහක්. 

"ජනපති වෙලා මාස දෙකකින් ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කළ හැකි බලවත් කොමිසමක් පත් කර පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කරමින් වින්දිතයින්ට සාධාරණය ඉටු කරනවා. ස්කොට්ලන්ඩ්යාඩ් සහ එෆ්.බී.අයි සහායක් ගන්නවා" -විපක්ෂ නායක-

"ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දුන් පොළී අනුපාතිකය 15% සිට 08% ට අඩු කරලා. ඔවුන්ට වහාම සාධාරණය ඉටු කරනු" සජිත් ප්‍රේමදාස පාර්ලිමෙින්තුවේදී දැඩි හඬක් නගයි"

"රටේ සියලු ජාතීන්, ආගම්, සමාජ මට්ටම් සහ කුල ගෝත්‍රවලින් සැදුම්ලත් දැවැන්තම සමගි සන්ධානය සජබය බිහි කළා. සජිත් ප්‍රේමදාසගේ ජය නියතයි." -සජබ මහා ලේකම්" 

"ආර්ථිකය හදන හැටි ගැන ජවිපෙ සහ මාළිමාවට අභියෝග කළේ අපියි. ඒ අභියෝගය පිළි ගෙන තමාට වැඩ පිළිවෙළක් තිබේ නම් ඒ වැඩ පිළිවෙළ ගැන නොකියා අපට බොරු අභියෝග ඉදිරපත් කර ඇඟ බේරා ගැනීම මාළිමාවේ ලැජ්ජ නැති වැඩක්" -ආචාර්ය හර්ෂ ද සිල්වා- 

සජබ ආර්ථික කමිටුවේ අභියෝගය මාළිමාවේ සුනිල් හදුනෙත්ති සහ එම ආර්ථික කමිටුව භාර නොගෙන ඊට "සජිත්-අනුර" පටලැවීමම ඔවුන්ගෙ බංකොලොත්කමයි. විවාදයේ දී අපි අහන ප්‍රශ්නත් ඒ අයට අප මුලින් දී විවාදය පහසු කළා" -ඉරාන් වික්‍රමරත්න-  

ජනාධිපති ධූරය එපා කියා රට ගිණි තැබූ අය මේ වන විට එම තනතුර අහෝසි කරන කතාවක නැහැ. සජබය නම් සිටින්නේ විධායකය අහෝසි කරන ස්ථාවරයේමයි" -ඉරාන් වික්‍රමරත්න-

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් සමගි ජන බලවේගය සමග එක් වෙයි.

සජබයට එක්වූ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා වරාය, වරාය නගර සහ ඒ ආශ්‍රිත කර්මාන්ත පිළිබද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන උපදේශක ලෙස පත් කෙරේ.

"කබීර්-හර්ෂ-ඉරාන් සමඟ ආර්ථිකය හදන හැටි ගැන විවාදයකට හත් පාරක් කතා කළත් ජවිපෙ සහ මාළිමාව ගල් ගිලලා ඒ විවාදයට සජිත් ප්‍රේමදාසට එන්න කියලා බොරු ඉල්ලීම් කරලා විවාදය මඟ හරින්න උත්සහ කරන්නෙ විවාදයට ආවොත් තමන්ට වැඩ පිළිවෙළක් නැති බව ඔප්පු වෙන නිසයි. කිසිම වැඩ පිළිවෙළක් නොමැති මෙවැනි බොරු කාරයින්ට රටවල් ගොඩනගන්න නොහැකි බව ජනතාව තේරුම් ගනීවි"  -නලින් බණ්ඩර යළිත් අවධාරණය කරයි-

"මැයි දිනයට සජබය කොළඹට ගෙන එන ජන ගඟ දැක්කම ජනාධිපතිවරණය ඉල්ලන්න හිතා ගෙන සිටින බොහෝ නායකයින්ට බඩ යාවි. සමහරුන් ජනපතිවරණය නොඉල්ලීම නම් ෂුවර්ම ෂුවර්. රාජපක්ෂ අශුචි ගුබ්බෑයන්වලට සමහරු රිංගුවට අපට එහෙම අමාරුවක් නෑ" - එස් එම් මරික්කාර්-

"තරුණ තරුණියන් 60,000 ක් මරුණ බව පිළි ගෙන "සොරි" කියන, රටේ දේපොළ කෝටි ලක්ෂ ගණනක් වනසා රට පස්සට තල්ලු කළ වැඩ බැරි කයිවාරු විතරක් දන්න අයට රටවල් භාර දී පස්සෙ අඬන්න එපා" -රෝහිණී කවිරත්න-

"මේ ආණ්ඩුවට ජන වරමක් නැති බවට සජබය මීට වසර දෙකකට පෙර කී කතාව මේ වන විට පොහොට්ටු මන්ත්‍රීලත් කීමෙන් ඔවුන්ට වඩා සජබ කොච්චර ඉරියෙන්දැයි තේරුම් යනවා" -අර්ල් ගුණසේකර-

පාසල්වල කුඩා පංතිවලට කෑම දීම ඇරඹුවත් අවශ්‍ය පාසල් ගුරුවරු 5400 ක් වෙනුවට බඳවා ගෙන ඇත්තේ 2300 ක් පමණක් බවට සජබයෙන් චෝදනා.

"සමගි වනිතා බදුල්ල සමුළුවටත් හතර අතින් පැමිණි මහා කාන්තා ජන ගගක් ගැලුවා. කාන්තාව රටේ වගේම අනාගතය ගැන තීන්දු ගන්නා තැනකදීත් ඉතා තීරණාත්මක නිසා අපි කාන්තාවන්ට නිසි මග කියා දෙනවා" - සජබ නීතීඥ ලිහිණි ප්‍රනාන්දු-

Advertiesment