Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


ජනාධිපතිවරණය සහ මත විමසුම


2024-03-20 14329

 

(ටෙරාන් කරන්නාගොඩ)

 

ඉදිරියේ දි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ මත විමසුම් වාර්තාවක් නිකුත් වි ඇති බව කියවෙි.ඉන් සමගි ජනබලවේගය 39% ක මහජන විශ්වාසයක් දිනා ඇති බවත්, ජාතික ජනබලවේගයට 20%ක් ආදි වශයෙන් ප්‍රසිද්ධ කර ඇත.

එම මත විමසුම සමගි ජන බලවේගයේ කථාකරුවෝ උජාරුවෙන් වනති.එපමණක් නොව සමාජ මාධ්‍යයේ දුවවති.සිරිලක මහා ජනවරම තමන් සතු බව ඒ හරහා හඟවති.

ජනාධිපතිවරණයකට ඉදිරිපත්වන්නේ අපේක්ෂකයින්ය. ඔවුන් දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් සන්ධාන ගත වන ආකාරය අනුව සලකුණ වෙනස් විය හැකිය. උදාහරණයක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 දී ඉදිරිපත් වුයේ 'හංසයා' ලකුණෙනි. එහෙත් ඔහු නියෝජනය කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලකුණ 'අත' ය. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වුයේ ද 'හංසයා' ගෙනි.එවකට ඔහුගේ දේශපාලන පක්ෂයේ ලකුණ 'අලියා' ය. 

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවෙි හෝ දේශපාලන පක්ෂයක නමක් සඳහන් නොවේ. එහි සඳහන් වන්නේ අපේක්ෂකයාගේ නමත්, සළකුණත් පමණි. නම භාෂා තුනෙන්ම මූද්‍රණය කර තිබේ. කෙළවර ඡන්දදායකයාට හිමි තීරුවය. එහි එක් කතිරක් හෝ 1 2 3 ආදි ලෙස අංක සටහන් කර තම කැමැත්තේ පිළිවෙළ ප්‍රකාශ කිරිමට අවකාශ ඇත. ඉදිරිපත් වන අපේක්ෂක සංඛ්‍යාව අනුව අංක යෙදුම් වෙනස් විය හැකිය.

දැන් යථෝක්ත මත විමසුමේ (ඉදිරි ජනාධිපතිවරණයට අදාළ) ප්‍රතිඵල ප්‍රසිද්ධ කර ඇත්තේ දේශපාලන පක්ෂ අනුවය. නමුත් නිශ්චිතව තවම ප්‍රධාන දේශපාලන පක්ෂ සිය ජනපති අපේක්ෂකයා හෝ තීරණය කර නැත. සෙසු දේශපාලන ව්‍යාපාරවල සහය හරි හැටි පළ කර නැත.එසේ තිබියදි ජනාාධිපතිවරණ ජය ගැන සිදු කළ බව කියන මත විමසුම සිදු කළේ කෙසේද..?

ජනාධිපතිවරණයකදී සහ මහා මැතිවරණයකදී ඡන්දදායක හැසිරිිම වෙනස් ය. යථෝක්ත මත විමසුම මහ මැතිවරණය පිළිබඳව නම් එම ප්‍රතිඵල සමඟ එකඟ විය හැකිය. නමුත් ජනපතිවරණය හෝ එය ඉලක්ක කර කළ මත විමසුමක් සේ ගැනිය නොහැක. එකී මත විමසුමට යොදා ගත් නියැදිය කවරක් වුව ඉදරිපත් කළ අපේක්ෂක ලේඛනය හෝ ප්‍රසිද්ධ කිරීමට මත විමසූවන්ට හැකියාව පවතීද..? මත විමසුම හොඳය. එහි විශ්වසනීයත්වය සුරැකිම හොඳටම හොඳය. මෙම ලිපියෙහි අඩුපාඩු ඇත්නම් එය තර්කානුකූලව පෙන්වාදීම අගයමි.

Advertiesment