2024 අවුරුද්ද පටන් ගන්නවත් එක්ක ව්‍යවස්ථානුකූලව පවත්වන්න නියමිත ජනාධිපතිවරණය සම්බන්ධ සාකච්ඡාව උඩට ආවා. ව්‍යවස්ථානුකූලව මේ අවුරුද්දේ නොවැම්බර් 17 වෙනිදට ඉස්සෙල්ලා ජනාධිපතිවරණය පවත්වලා නව ජනපතිවරයෙක් පත්කරගන්න ඕනි. මේ අවුරුද්ද පටන් ගන්නවත් එක්කම සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරූ ජයසුරිය ජනාධිපතිවරණ සටන්බිම මැද්දට දේශපාලන බෝම්බයක් අතෑරියා.
ජනාධිපතිවරණයට සුදානමි වෙන අපේක්ෂකයින්ගෙන් කරූ ඉල්ලා සිටියේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සම්බන්ධව තමන්ගේ ස්ථාවරය කියන්න කියලයි. ඇත්තටම ඒක කරූගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි.දශක කීපයක් තිස්සේ නොවිසදී තිබෙන මේ රටේ ජනතාවගේ ප්‍රශ්නයක්.කොහොම උනත් ඒ මොහොතේ ජනාධිපතිවරණයට සුදානම් වෙමින් හිටපු අපේක්ෂකයන් ඒ ප්‍රශ්නයට නිසි ප්‍රතිචාර දැක්වුවේ නෑ.
එයාලා ප්‍රශ්නයට හරි උත්තරයක් නොදී ප්රශ්නය යට වෙන්න ඇරියා. සමහරවිට විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න එයාලගේ තියෙන අකමැත්ත ප්‍රකාශ කරන්න එහෙම කළා වෙන්නත් පුළුවන්.බොහෝ අපේක්ෂකයින් එහෙම ලිස්සන සුළු ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නම් කරූට දැක්වුවේ ඉතා දරුණු ප්‍රතිචාරයක්.
සජිත් කිව්වේ ගෞරව නම්බු නාම ලබාගත් ඇතමුන් ජනමත විචාරණ උගුලක් හරහා වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය දික්කරන්න හදනවා කියලයි. එතනදී කෙලින්ම සජිත්ගේ ප්‍රහාරයට ලක්වුනේ කරූ බව ඕනිම කෙනෙකුට තේරෙනවා.ඇත්තටම සජිත් කරූට ගැහුවේ වලිගය පාගගෙන.කරූ ඇහුවේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධ අපේක්ෂකයන්ගේ ස්ථාවරය මිසක්, ජනමත විචාරණ තියලා ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න,එතකන් වර්තමාන ජනාධිපතිවරයාගේ කාලය දික්කරන්න කියලවත් නෙවෙයි.
සජිත්ගේ විධායක ජනාධිපති පට්ටම ඩැහැගැනීමට තියන අසීමිත ආසාව හින්දා සරල ප්‍රශ්නයක්වත් තේරුම් ගන්න බැරි තරමට උන්නතිකාමයෙන් අන්ධවෙලා.දැන් මේ අවුරුද්දේ තුන්වෙනි මාසය තමයි යමින් තියෙන්නේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ සහ එයාලා නියෝජනය කරන කදවුරු ආරම්භයේදී තිබුණාට වඩා නිශ්චිත වෙලා.ජනාධිපතිවරණය ප්‍රකාශය කරන්න තවත් මාස කීපයක් තිබුණත් දවසින් දවස ජනාධිපතිවරණ සටනේ උණුසුම වැඩි වෙනවා.
ඒ වගේම ජනාධිපතිවරණ සටනට අලුතෙන් එකතුවුන සහ සටනෙන් විසිවුන අපේක්ෂකයන් ඉන්නවා. ගිය අවුරුද්ද අවසානයත් එක්ක බලනකොට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියපු අපේක්ෂකයන් ගොඩ දෙනෙක් දැන් නිහඬයි.ධම්මික පෙරේරා වැනි අය සම්පුර්ණයෙන්ම අපේක්ෂක ධූරය අත්හැරලා ගිහින්.
දැන් අපේක්ෂක සටනේ බොහෝ දුරට ඉන්නේ ජනාධිපති රනිල්, විපක්ෂ නායක සජිත්,ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර සහ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර වගේ අය.ඊට අමතරව පාඨළී සහ ෆොන්සේකා ජනාධිපතිවරණයට එන්න කැමැත්තෙන් හිටියත් ක්‍රමයෙන් එයාලගේ අවස්ථාව ඈතට යන බව පේනවා.පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් දැම්මත් එයා ප්‍රභල අපේක්ෂකයෙක් වෙයි කියලා හිතන්න බෑ.
මේ ඉන්න අයට අමතරව තවත් බල සම්පන්න අපේක්ෂකයෙක් කොහෙන්වත් ඉදිරිපත් වෙයි කියලා හිතන්නත් බෑ.රටේ රාළ හිතන්නේ ජනාධිපතිවරණයට නාමයෝජනා කැදවනවාත් එක්ක මේ ප්‍රධාන අපේක්ෂකයන් හතර දෙනාගෙනුත් තවත් එක් කෙනෙක් හෝ දෙන්නෙක් හැලිලා සටන දෙකොන් සටනක් වෙයි කියලයි.එහෙම නොවුනත් එයාලා තරඟ කරන තත්වයක් යටතේ උනත් සටන දෙකොන් සටනක් වෙන්න පුළුවන්.
කොහොම හරි අවුරුද්ද ආරම්භයේදී සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසුරිය අහපු ප්‍රශ්නයට සාධාරණ උත්තරයක් තවමත් කිසිම අපේක්ෂකයෙකුට දීගන්න බැරිවෙලා තියනවා.සියලු දෙනා යන්තම් උඩින්පල්ලෙන් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බව කියාගෙන යනවා විතරයි.ඒක කරන විදිහ හා කාලරාමුවක් ගැන කියන්නේ නෑ. ඇත්තටම එහෙම උත්තර මේ සමාජයට වැඩක් නෑ.
ඒ වගේ උත්තර මේ රටේ ජනතාවට අහලාම දැන් තිත්තවෙලා.විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ජනවරම් පහක් හම්බ උන රටක් මේක.ඒත් අවසානයේ ඒ ජනවරම්වලින් බලයට ආපු ජනාධිපතිලා කියපු කතා සහ එයාලා හැසිරුණ විදිහ අපි දැක්කා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවමත් සෘජූව ජනාධිපතිවරණයට එන බව කියලා නෑ.
ඒත් රනිල් ජනාධිපතිවරණයට එන බව ප්‍රායෝගිකව පෙන්නමින් තියනවා.දැන් කරූගේ ප්රශ්නය සෘජුව රනිල්ටත් එල්ල කරන්න ඕනි.එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ඕනි කියන ස්ථාවරයකට ගෙනත් තියෙන්නේ රනිල්ගේ නායකත්වය යටතේ.ඒ හින්දා කරූගේ ප්‍රශ්නයට උත්තර දීමේ සදාචාරාත්මක අයිතියක් රනිල්ටත් තියනවා.
රනිල් ඊළඟ ජනාධිපතිවරණයට තරඟ කරනවා නම් ඒ රනිල් ජනාධිපතිවරණයකට තරඟ කරන අවසන් අවස්ථාව වෙන්න ඕනි. රනිල්ට තව අවස්ථාවක් තිබුණත් ඒකට රනිල්ගේ වයස බාධාවක් වෙන්න පුළුවන්.ඒක නිසා මේ එෛතිහාසික සටන් පාඨය ගැනීමේ වැඩිම සදාචාරාත්මක අයිතිය තියෙන්නේ රනිල්ට.රනිල් ඒ සටන් පාඨය ගන්නවා නම් එයාගේ මැතිවරණ කැම්පේන් එකත් ලස්සන වෙයි.
රනිල්ට පුළුවන් ආර්ථික සටන් පාඨයත් එක්ක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨයත් ගන්න.එහෙම අරගෙන අපේ රටේ පවත්වන අවසන් ජනාධිපතිවරණය පවත්වලා අවසන් විධායක ජනාධිපති විදිහට දේශපාලනයෙන් සමු අරන් රනිල්ගේ දේශපාලන chapter එක ගෞරවාන්විත එකක් විදිහට closes කරන්න.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
Lanka Newsweek © 2024