රටට-ජනතාවට සම්පූර්ණ සහ නිදහසක් අවශ්‍ය යැයි ද, තිස් වසරක් තිස්සේ කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් වෙළී ගොස් තිබූ රට එම ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට හැකි වුණත් මේ වන විට ආර්ථික ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට රට ලක්ව ඇති නිසා ජනතාව අන්ත අසරණ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
මේ ආර්ථික ත්‍රස්තවාදය හේතුවෙන් රට බංකොලොත් වූයේ යැයි ද, ජනතාවගේ පොදු සම්පත්, පොදු දේපොළ සහ රටේ මහා ජන මුදල් අමු අමුවේ හොරකම් කළ සහ හොරකම් කරන යුගයක් උදා වී ඇතැයි ද, මේ යුගය අවසන් කර රටෙන් හොරා කෑ මුදල් නැවත රටට ලබා ගත හැකි යුගයක් බිහි කළ යුතු යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩ සටහනේ 84 වැනි අදියර යටතේ රත්ගම දේවපතිරාජ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.
දියුණු අදහස් තිබෙන මේ ජන සමාජයේ සමහර ගනුදෙනු කෙරෙන්නේ හිංසනයෙන්, ප්‍රචණ්ඩත්වයෙන්, කඩුවෙන්, කිනිස්සෙන් බෝම්බයෙන් සහ උණ්ඩයෙන් යැයි ද, රටේ සිදු වන්නේ එවැනි ගනුදෙනු නම් මානවයා දියුණු වී ජන සමාජය ප්‍රගතියක් ලබා තිබේ යැයි කිව හැකි යැයි ද ප්‍රශ්න කර සිටී සජිත් ප්‍රේමදාස මහතා මානවයා බුද්ධිමත් නම් සහ ජන සමාජය ප්‍රබුද්ධ නම් සිදු වන්නේ තර්ජනයෙන්, ගර්ජනයෙන් සහ භීෂණයෙන් තොරව සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, එකගතාවෙන් සහ මිත්‍රශීලීත්වයෙන් කටයුතු සිදු වීම යැයි ද පෙන්වා දුන්නේය.
සක්වල වැඩ සටහන හරහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දෙන විට එම පරිත්‍යාගය නරක යැයි කියන පිරිසකුත් සිටින්නේ යැයි ද, මෙම පරිත්‍යාගයෙන් ඔවුන්ගේ දේශපාලන මතයට හානියක්වේ යැයි සිතුවත් එසේ නොසිතන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද මෙම වැඩ සටහන හරහා පාසලට අගයක් එකතු වන්නේ යැයි ද සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 84ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 813ක් වැය කර තිබේ.
Lanka Newsweek © 2024