Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


කපටි නරියා ඡන්ද සටන තවම කරට නොගන්නේ ඇයි..?


2024-01-30 14358

 

පාර්ලිමේන්තුව කල් තබා නටන තොවිලය කුමක්ද..?

 

පිටරට මඟුල් සහ මළ ගෙවල් පේන්න බැරි රනිල්..!

 

ශ්‍රී ලංකාව බංකොලොත්ව තිබියදී පලස්තීනය ගොඩනැගීම

 

උගන්ඩා පැටවූ රනිල් විරෝධී මන්ත්‍රීවරුන් කවුද..?

 

සජබ පිරිසක් රනිල් හමු වෙලා-මැදිහත්කරු ආශු  

 

මුල් වරට ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සම්මානයක්..!

 

ජනපති e කොළම

 
 
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)


"රනිල්ට පිටරට මඟුල් හා මළ ගෙවල් පෙන්නන්න බෑ.එයා ජනාධිපතිකම රස විඳිනවා" ජවිපෙ අනුර කීදේ මතු පිටින් බැලූ විට හරිය. එහෙත් ගැඔුරින් බලන අය ට එය විහිළුවකි. ලෝකය තුළ ද සියල්ල කෙරෙනුයේ හිතවත්කම් හා දැනහැදුනුම්කම් මත බව කේරුම් ගන්නට කෑ ගහන බොහෝ අයට අත්දැකීම් නැත.

ඩාවෝස් ආර්ථික සමුළුව වැඳලා එන ගමන් රනිල් නොබැදි සමුළුවට උගන්ඩා ගියේය. ඊට ආර්ථික විශේෂඥ දිනේෂ් වීරක්කොඩි ද ගියේය. ඔහු ඩාවෝස්හිදී විශේෂ කාර්ය භාරයක් ඉටු කළේය. ජනපති ලේකම් සමන් හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් රැගෙන ගිය මන්ත්‍රී රොත්ත ඩුබායිහිදී රනිල් ගිය යානයටම පැටවීය. සජබ කීත් නෙල්සන්, වීරවංශගේ නිමල් පියතිස්ස හා උදයකාන්ත ඒ අතර වූහ. පාර්ලිමෙන්තු ජනපති ඡන්දයේදී රනිල්ට එරෙහිව ඔවුහු ඡන්දය දුන් බව අනුමාන කෙරෙන පිරිසක්වීම කැපී පෙනේ.

දුමින්ද සිල්වාට අදාළ තීන්දුව දුන්නේ එදාය. තීන්දුවේ පිටපතක් අවශ්‍ය බව ජනපති කීවේ සමන් හා දිනිත්ට ය. රාත්‍රියේ ඉන්දියානු අවන්හලකට ගිය විට අල්ලපු මේසයේ සිටියේ ඉන්දියානු විදේශ ඇමති ජයශංකර්ය. කන බොන අතරේ ඔහු සමග ද උස් හඬින් කතාබහක් සිදු විය.

ජී 77 සමුළුවට ද රනිල් ගියේය. විවේකයේදී රාජ්‍ය නායකයින් හා විදේශ ඇමතිවරුන් හමුවට ගොස් කතා කළේය. "පලස්තීනය වසර 05 කින් ගොඩනගන්න. මැද පෙරදිග රටවල සහාය ගන්න" රනිල් පලස්තීන විදේශ ඇමති දිරිමත් කළේය. ඊට පෙර පිටකොටුව බස් නැවතුම හදන්න කතා කරන්නැයි සමාජ මාධ්‍ය ප්‍රහාර දියත් විය.

අප්‍රිකානු රටවල නායකයන් කිහිප දෙනෙක් ජනපතිගෙන් හමුවීමට වෙලාව ඉල්ලීය. "මේ රටවල් හුගකට ජිනීවා මානව හිමිකම් එකේ ඡන්ද තියෙනවා. මහ රෑ හරි ඔවුන් හමුවෙමු" කපටි නරියා සමන් හා  දිනිත්ට කීවේය.

උගන්ඩා ලංකා තානාපතිගේ රෑ කෑමට තමිල්නාඩු දෙමළ ව්‍යාපාරිකයෝ ද පැමිණියහ. ඇමති චාමර ඔවුන් හා දෙමළ බසින් උස්හඬින් කතා කිරිම ජනපතිද ඉවසා වැදෑරුවේ තොල් විකා ගත් සිහගනහවක් සමඟිනි. "අපේ මැණික් බිස්නස් අයට ටියුනීසියාවේ බිස්නස් කරන්න අල්ල ගත්තොත් රටට වාසියි" චාමර හා කීත් නෙල්සන් කීය. සමුළුවට ආ එරට ජනපකි හමුවී විනාඩි 05 කින් ප්‍රශ්නයට විසදීමට ජනපති රනිල් ක්‍රියා කළේය.

කීත් නෙල්සන්ගේ කාමරය අවට ලංකා දූත පිරිස සැරිසරන බවට රනිල්ට ද ආරංචි විය. "එයා කරවල බැඳුමක් ගෙනැත්. ඒකට හැමෝම වහ වැටිලා" දිනිත් කීවිට රනිල් කොක්හඩලෑවේය. ජනපති යළි ලංකාවට ආවේ දින 11 කිනි.

රනිල් ළග එන ඡන්ද කරට නොගැනීම හා රට යාම හුග දෙනෙකුට ගැටලුවකි. "ලොක්ක ඉල්ලන්නෙ නැතුව ඉදිවිද. නැති නම් අන්තිම ඕවරවලට හයේ ඒවම ගහන්න ඉන්නවද දන්නෙ නෑ. ඊට හොද නැද්ද දැන් ඉඳලම ලකුණු 1 – 2 ගහන එක" සමහරු කියන්නේ එහෙමය.

ජනපති පාර්ලිමේන්තුවේදී කැබිනටි හමුව නිමවා පැමිණෙද්දී මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් හමු විය. "ආ...දෙමළ සන්ධාන නායකයා එන්න" යයි ඔහු කැදවා ගෙන ගිය ජනපති අපූරු යෝජනාවක් කළේ ශ්‍රීධරන් දෙමළ නායකයා කිරීමට ඔහු කැපවූ බැවිනි.

"උතුරේ සංවර්ධනයට ඩයස්පෝරා සහාය ගන්න" ජනපති කීවේය. සමාජ මාධ්‍ය පනතෙන් පාර්ලිමේන්තුව ගිණි ගත්තේය. පනත කල් දමන්නැයි විපක්ෂය මර හඬ දුන්නේය. ඡන්දයකින් පනත වාද කිරීමට තීන්දු විය. "2023 දි සමාජ ජාලා ගැන පැමිණිලි 8000 යි. ලිංගික කරදර 669 යි. නිරුවත් පොටෝ පැමිණිලි 506 යි. මේවා නවතන්න ඕන නැද්ද" ඇමති ටිරාන් කෑ ගැසුවේය. එහෙත් පනතේ වගන්ති 57 න් සමාජ ආරක්ෂණයට ඇත්තේ වගන්ති 02 ක් බව විපක්ෂය හඬ නැගුවේ මෙය විපක්ෂ මතවාද මර්දනයට ගෙනෙන එකක් ලෙසය. 

තවද සුමන්තිරන් පනතට එරෙහිව කතා කළ පසු නීතිපති හා පිරිසක් ඔහු හමුවී මතු කළ තර්කවලට දුන් පිළිතුරු ඔහුට පිළි ගැනීමට සිදුවූ බව ද ආරංචිය. "අපේ ඔන්ලයින් පනතට ලෝක සමාගම් විරුද්ධ වුණාට ඉන්දියාව එංගලන්තය සිංගප්පූරුව ගේන කොට එහෙම නොකළේ ඇයි" ආශු කී විට ජනපති ද ඊට හූමිටි තිබ්බේය.

"ඔය පනත රටට අවශ්‍ය බව කෑ ගහන අයත් දන්නවා. සමාජ මාධ්‍යවලින් මඩ ගැහීම, අපහාස කිරීම රැකියාව කර ගත් අයයි විපක්ෂයයි විතරයි විරුද්ධ. කාන්තාවන් දරුවන් වෙනුවෙන් මේක ගේන්නේ" රනිල් ඇදලා ඇරියේය.

පසුගියදා සජබ මන්ත්‍රී පිරිසක් ද ජනපති හමුවූ බව කියවේ. මහාචාර්ය ආශු එහි මැදිහත්කරු බවද කියවේ. මේ අතර ශ්‍රී ලංකාව න්‍යෂ්ටික අවිවලට එරෙහි ප්‍රඥප්ති  අත්සන් තැබීම හා ලෝක සාමයට මෙන්ම මානවයාගේ රැකවරණයට කැපවීම ගැන ඇමෙරිකාවේ CPSR වෙතින්  අගැයිම් සම්මානයක් හිමිවූ අතර රට වෙනුවෙන් වොෂින්ටන් තානාපති මහින්ද සමරසිංහට එය බාරදීමට සැලසුම් කර තිබිණ. ඔහු වෙනුවෙන් ඉහළ තානාපති නිළධාරීන් වන රොහාන් අඔගොල්ල හා චතුරි පෙරේරා එය පිළිගත්හ.

බානගල හිමිගේ විහාරයේ රන්වැට විවෘත කොට එන අතරේ ජනපති මිය ගිය සනත් නිශාන්තගේ නිවසට ද ගියේය. 24 දා කපටි නරියා පාර්ලිමේන්තුව කල් තැබුවේය. කාරක සභා 11 ක් අහෝසි විය. පෙබරවාරි 07  පාර්ලිමේන්තුව ඇරඹෙන විට ප්‍රතිපත්ති එළියට එනු ඇත. ඉන්පසු නටන තොවිලයේ හැඩරුව දන්නේ ඔහුම පමණකි.

 

Advertiesment