ජනවාරි පළවෙනිදා ශ්‍රිලනිපය අතහැර සජබයට ආව ශාන් විජයලාල් ද සිල්වාගෙන් මාධ්‍යවේදියෙක් හරි අපූරු ප්‍රශ්නයක් ඇහුවා.මාධ්‍යවේදියා ඇහුවේ ඇයි මාලිමාවට ගියේ නැත්තේ කියලයි.එතනදී ශාන් සජබය තෝරාගැනීමට අදාල හේතුව පැහැදිලි කළා.ශාන් කිව්වේ ආණ්ඩු විරෝධී සටනේ ඉදිරියෙන්ම ඉන්නේ සජිත් කියලා.ඒක නිසා එතන තෝරගත්තා කියලා.ශාන් එතැනින් නවතින්නේ නැතිව ශ්‍රිලනිපයේ අනිත් අයටත් සජබයට එන්න කියලා ආරාධනා කළා.
කොහොම උනත් ශාන්ගේ චොයිස් එක සජබය නිසා ශාන් සජබයට සහ සජිත්ට වාසිදායක උත්තර දෙන එක සාමාන්‍ය දෙයක්.ශාන් නොදැක්කා හෝ නොකිව්ව කතාවක් මෙතන තියනවා. ඇත්තටම පහුගිය කාලේ ආණ්ඩු විරෝධය සහ මතවාදී දේශපාලනයේ ආධිපත්‍යය වෙනුවෙන් වැඩීම සටන දුන්නේ සජබය නෙවෙයි මාලිමාව. මාලිමාවට දේශපාලන වශයෙන්ම එකඟ නැතිවුනත් ඒ ඇත්ත අපි පිලිගන්න ඕනි.
කොහොම උනත් සජිත් සහ මාලිමාව මේ වෙලාවේ අනූගමනය කරන දේශපාලන උපක්‍රමය ගොඩක් දුරට එකිනෙකට සමපාතයි.මාලිමාව ප්‍රතිපත්තියක් විදිහට අනිත් දේශපාලන පක්ෂ එක්ක සන්ධානගත වෙන්නේ නෑ. සජිත් ඒ ප්‍රතිපත්තියේ නැති උනත් සජිත්ට මේ වෙලාවේ එලියේ තියන පක්ෂ එකතු කරගන්න බෑ.ඒවා එකතු කරගන්න පුළුවන් දේශපාලන පෞරුෂයක් පෙන්නන්න සජිත්ට තවමත් බැරිවෙලා තියනවා.
තවමත් සජිත් ජනාධිපතිවරණයට එයිද,නැද්ද කියන සැකයත් ගොඩක් දෙනෙක් ළඟ තියනවා.ඒ වගේම එකතු වෙන්න හිතුනත් සමහර දේශපාලන පක්ෂවල ඉතිහාසගත භාවිතාවන් ඊට හරස්වෙලා තියනවා.සජිත් මේ වෙලාවේ ඉන්නේ ඒ පක්ෂවල පුද්ගලයන් එක්ක වෙන වෙනම ඩීල් දාගෙන ඒ පක්ෂ හා කණ්ඩායම් දුර්වල කරලා නතු කරගන්න ප්‍රතිපත්තියක. ඩලස්ගේ නිදහස ජනතා සභාවට සජිත් කළේ එහෙම වැඩක්.
මැතිවරණ උණුසුම තීව්‍ර වෙනවත් එක්ක මේ ක්‍රියා මාර්ග තවත් වේගවත් වෙන්න පුළුවන්.ජවිපෙත් දිගමට හිටියේ පක්ෂ විදිහට බෑ ඕනි නං පක්ෂ දාලා පුද්ගලයෝ විදිහට මාලිමාවට එන්න කියන ස්ථාවරයේ. දැන් එතකොට මෙතන ප්‍රශ්නයක් තියනවා.ඒ ප්‍රශ්නය තමයි අර මාධ්‍යවේදියා ශාන්ගෙන් අහන්නේ. ඇයි ශාන් මාලිමාවට ගියේ නැත්තේ කියලා.ඇත්තටම ශාන්ට මාලිමාවට යන්න ඕනි උනත් යන්න බැරි බැරියර් එකක් කොතන හරි තියනවා.
අපි හොයාගන්න ඕනි මොකද්ද මේ බාධකය කියලයි.නැත්තං ශාන් වගේ චරිතක් ජවිපෙට උනත් එකපාරට ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නෑ.ඉතා සංකීර්ණ තත්වයක් යටතේ වේගයෙන් සිද්ධ වෙන දේශපාලන චලනයන්ට ප්‍රතිචාර දක්වන්න බැරි දේශපාලන අනාතභාවයක ජවිපෙ ඉන්නවා. ඒකට හේතු වෙලා තියෙන්නේ ජවිපෙ නායකයන් ඇතුලේ තියන ග්‍රාම්‍ය ලක්ෂණයි.වේගයෙන් සිද්ධ වෙන දේශපාලන චලනයකට ප්‍රතිචාර දක්වන්න එයාලට බෑ.
ඒ ගනිභූත ස්වභාවය විසිල් නිර්මාණය කරලා තියන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැති ජවිපෙ ගල් අච්චුවක්,මේ ගල් අච්චු සහ ජවිපෙ ඉන්න බොල් පිලිම විසින් ජවිපෙට අලුත් සමාජ තීරු අවශෝෂණය කරගන්න දෙන්නේ නෑ.හරි මාලිමාව ශාන් ගත්තා කියලා හිතන්නකෝ.හැබැයි ශාන්ට ඉඩ තියෙන්නේ මාලිමාවේ වේදිකාව විතරයි.ශාන්ට දාන සෙල්ලමක් දාන්න වෙන්නේ මාලිමා වේදිකාව උඩ විතරයි.
ඒවත් ජවිපෙ සංවිධායක කාරකාදීන්ගේ අණසකට යටත්ව.ඒ හැර ශාන්ට ජවිපෙ යාන්ත්‍රණය ඇතුලේ කොතනකවත් ඉඩ නෑ.ඉඩ තියෙන්නේ ජවිපෙ ගල් අච්චුවේ ඉන්න බොල් පිළිමවලට විතරයි. කවදාවත් ශාන්ට මාලිමාවේ වගකීමක් හම්බ වෙන්නේ නෑ. දැන් සජිත් ශාන්ට අම්බලන්ගොඩ ආසන සංවිධායකකම දීලා තියනවා.ශාන් කියන්නේ දේශපාලනයේ බහුජන චරිතයක්.
හැබැයි ඒ බහුජන භූමිකාව ජවිපෙ හරි මාලිමාව ඇතුලේ හරි ඉෂ්ඨ කරන්න ශාන්ට තැනක් නෑ. ජවිපෙට පිටස්තර කවයන් එකතු කරන්න බැරි එක තැනක් ඕක.එයාලගේ අච්චුවේ හැර වෙන කිසිම කෙනෙකුට එයාලා ඉඩක් දෙන්නේ නෑ.එතකොට ඔයාලටත් තේරෙනවා ඇති මේ දේශපාලන ධාරාවල ඉන්න හොඳම කෙනෙකුට උනත් මාලිමාවට එකතු වෙන්න හිතුනත් එයාට එන්න බැරි බැරියර් එක දාලා තියෙන්නේ ජවිපෙ පැත්තෙන්.
ඒ කියන්නේ අනුරලා හදාගෙන ජීවත් වෙන අච්චුව ජවිපෙ නොවන කිසිම බලවේගයකට විවෘත නෑ. මේ වගේ වේගවත් දේශපාලන චලනයන් සිද්ධ වෙන වටපිටාවකදී ජවිපෙ තවදුරටත් පරණ ගල් අඩුවේම හිර වෙලා ඉන්න එක ජවිපෙ පැත්තෙන් හිතුවත් අවාසිදායකයි.සමාජ බලවේග තමන්ට අවශෝෂණය කර ගන්න පුළුවන් ක්‍රමවේදයක් ජවිපෙ යාන්ත්‍රණයේ කොතැනකවත් නෑ වගේම එහෙම සංස්කෘතියක් ජවිපෙ ඇතුලේ නෑ.
ඒකට හොඳම උදාහරණය තමයි අච්චර දැවැන්ත අරගලයත් වෙලත් පාර්ලිමේන්තුවෙන් එලියේ හරි පාර්ලිමේන්තුව ඇතුලේ හරි මොකුත් ජයග්‍රහණයක් දිනාගන්න ජවිපෙට බැරිවීම. අනුරලාට වීදි සටනත් බෑ වගේම පාර්ලිමේන්තු සටනත් බෑ.පාර්ලිමේන්තු ජනාධිපතිවරණය ඇතුලේ ඡන්ද තුනක් අරගෙන පාර්ලිමේන්තු සටනත් බෑ කියලා අනුර ඔප්පු කරලා පෙන්නුවා.
ඒ බැරිකම මෙතනින් එහාටත් බෑම තමයි.හෙට ජනාධිපතිවරණය හරි පාර්ලිමේන්තු මැතිවරණය හරි තිබ්බත් ජවිපෙට බෑම තමයි.මේ නිර්මාණය වෙන දේශපාලන උණුසුමත් එක්ක හිටපු තැන්වලින් ගැලවිලා වෙනත් තැන් හොයන අති විශාල දේශපාලනික බලවේගයක් ඉන්නවා.ඒක උරාගන්න පුළුවන්කම තිබුනොත් තමයි දේශපාලන ජයග්‍රහණ අත්කර ගන්න පුළුවන්.
ඒ මිනිස්සු ඒ වේදිකාවට අරන් වගකීම් දෙන්න පුළුවන් නං තමයි මාලිමාවේ චිත්‍රය ලස්සන වෙන්නේ. එහෙම කරන්න බැරි පක්ෂයකට තීරණාත්මක මැතිවරණයක් දිනන්න බෑ.අනුරට සහ මාලිමාවට ජයග්‍රහණ නෑ කියලා රටේ රාළ කියන්නේ එකයි.එයාලා හදා ගත්ත අච්චුව ඇතුලේ එයාලට ඕනි තරම් බඩපිනුම් ගහන්න කට්ටිය හිටී, කුණුහරුප කියන ගිරා පෝතකයෝ හිටී.
හැබැයි එයාලට කවදාවත් සමස්ථ අතට ගන්න බෑ.සමස්ථ අතට ගන්න කරන්න ඕනි ව්‍යුහාත්මක වෙනස්කම්,නම්‍යශීලිත්වයන් මොකක්වත් ජවිපෙ ඇතුලේ නෑ. 2004 එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටවන්න සෝමවංශලා තීරණය කිරීමෙන් ජවිපෙ ඒ මුලධර්මවාදී ගල් අච්චුව සහ එක තැන පල්වෙන සංස්කෘතිය බිඳ වැටෙනවා.හැබැයි ඒක ඉදිරියට යන්න නොදී ආයෙත් ඒ ගල් අච්චුව දක්වා අරන් ගියේ අනුර,ටිල්වින්, විජිත ලාල් කියන හතර දෙනාගේ කල්ලිය විසින්.(ලාල් හරි මතයේ හිටියත් අන්තිමට යටත් වුනා)
එදා ඒ ගමනට අඩ තියපු ඒ කණ්ඩායම අද ජවිපෙ න්‍යායාචාර්යවරු විදිහට වෙස්වළාගෙන ඇවිත් මේ රටේ ජනතාවට වැඩවසම් යුගයට යන්න කතා කරනවා.ආණ්ඩු බලය සහ රාජ්‍ය බලය අරන් ජනතාව මර්ධනය කරන හැටි කියනවා.ඒකට කවදාවත් ජයග්‍රහණය ගන්න්න බෑ. අඩුම ගානේ කපටිකමටවත් විවෘභාවයේ,ප්‍රජාතන්ත්රවාදයේ මූලධර්ම පෙන්නන්න ජවිපෙට බෑ. නිකං ඔයාලා හිතන්නකෝ බලය ගන්න ඉස්සෙල්ලා මර්ධනය ගැන කියන මෙයාලට බලය දුන්නොත් මොනවා නොකරයිද?
තනිකර පොල්පොට්ගේ කාම්බෝජයක් නිර්මාණය වෙනවා. ඒවා මේ ලාල්ගේ තියන ගොන්කමට කියන කතා නෙවෙයි.ජවිපෙ ඇතුලේ තීරණ විදිහට ගත්ත ඒවා.ඒ තරමට ජවිපෙ අත්තනෝමතිකයි ලේ පිපාසිතයි.තමන්ට පරිබාහිර දේශපාලන බලවේගත් එක්ක කරන ගනුදෙනුවේදී අනුරට සහ සජිත්ට වැඩිය ගව්ගානක් ඉදිරියෙන් රනිල් ඉන්නේ.නිකං හිතන්නකෝ තමන්ට පට්ට හොරා කියලා බැනපු අයත් එක්ක ආණ්ඩුවක් කරන්න තරමට රනිල් සංවේදි උනා කියන්නේ අවතක්සේරු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
රනිල් ඒ අභියෝගය ගන්නේ අනුර සහ සජිත් ප්‍රශ්නයෙන් පැනලා ගිය අවස්ථාවක.ඇත්තටම ඒක දේශපාලනයේ වෙනස්ම භූමිකවක්. එතෙන්ට රනිල්ගේ මනස සුදානම් වීමයි මෙතන තියන සාධනීය ලක්ෂණය.එහෙම නැතිව බංකොලොත් වෙච්චි රටක පඩි වැඩි කරලා ඉල්ලන,සහන ඉල්ලන, බඩූමිල අඩු කරලා ඉල්ලන.බදු එකතු නොකර ඉන්න කියලා කියන ඔය කිසිම කෙනෙකුට එයාලා රාජ්‍ය ආදායම වැඩිකරගන්න ක්‍රමය කියන්න බෑ.
ඇත්තටම කයිවාරුවලින් රටක් හදන්න බෑ.එයාලාට තියන එකම තර්කය දුෂණය සහ නාස්තිය පිටුදැකලා රට හදනවා කියන එකයි.අද ලංකාවේ මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් වැඩිම මුදලක් නාස්ති කරන්නේ සහ වැඩිම පරිසර විනාශයක් කරන්නේ ජවිපෙයයි.ඒ මුදල් කොහෙන්ද ආවේ කියලා රටට නොකියන වංචා සහගත භූමිකාවක තමයි ජවිපෙ තවමත් ඉන්නේ.එහෙම කරන ගමන් ජවිපෙ රට හදන්නත් කතා කරනවා.
Lanka Newsweek © 2024