Friday 4th of October 2024

English Tamil
Advertiesment


2024 සහ 2025 යනු රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරන වසර දෙකක් 


2024-01-07 14324

 


2024 දී 3%ක සහ 2025 දී 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරේ 


2024 වර්ෂයේ දී 3%ක ධනාත්මක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට ද, 2025 දී එම ආර්ථික වර්ධනය 5%දක්වා ඉහළ නංවා ගැනීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජය සැලසුම් කර ඇතැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා අවධාරණය කර සිටියි

2024 සහ 2025 යනු රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරන වසර දෙකක් වනු ඇති බව පෙන්වා දෙන ආශුබෝධ මාරසිංහ මහතා ඒ අනුව තව දුරටත් මුදල් මුද්‍රණය නොකිරීමට සහ බැංකුවලින් ණය නොගැනීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව ද පවසයි. 

රටේ ආර්ථිකයේ රැඩිකල් පෙරළියක් සිදු කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් රුපියලේ වටිනාකම අඩු වී උද්ධමනය ඉහළ යාමට ඉඩ නොතබන බව ද මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා කියා සිටියි.  

2024 වර්ෂයේ දී දළ ජාතික නිෂ්පාදනයෙන් 12%ක ආදායමක් ලබා ගැනීමට ද, එම ආදායම 15%ක ඉලක්කයකින් අවසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජය සැලසුම් කර ඇතැයි ද, 2024 දී "VAT" බද්ද වැඩි කළේ ඒ නිසා යැයි ද ආශුබෝධ මාරසිංහ මහතා පෙන්වා දෙයි.  

රටට අලුත් ආර්ථිකයක් අවශ්‍ය යැයි ද, ජනාධිපතිවරයා ඉතා සැලසුම්සහගත ලෙස එම ආර්ථිකය රටේ ගොඩනගමින් සිටින්නේ යැයි ද කියා සිටින මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා, ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබෙන්නේ එම ආර්ථිකය රැකියා උත්පාදනය කරන, විදේශ විනිමය අතිරික්තයක් ලබා දෙන සහ අතිරික්ත ආදායමක් ලබා දෙන ආර්ථිකයක් විය යුතු වන බව ද වැඩි දුරටත් සඳහන් කර සිටියි. 

Advertiesment