දේශීය ආහාර නිෂ්පාදන හා තේ නිෂ්පාදන අපනයන කරන ප්රමුඛ පෙළේ සමාගමක් වන Enrich Tea and Food Exports (පෞද්ගලික) සමාගම ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය පැවැත්වූ NCE අපනයන විශිෂ්ටතා 2017 සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීය. ඒ අනුව කෘෂිකාර්මික අගය එකතු කළ නිෂ්පාදන අපනයනය ක්ෂේත්රයේ මධ්‍යම පරිමාණ අංශයේ රන් සම්මානයද, තේ තොග අපනයන ක්ෂේත්රයේ මධ්‍යම පරිමාණ අංශයේ රිදී සම්මානයද, තේ අගය එකතු කළ නිෂ්පාදන අපනයන ක්ෂේත්රයේ මධ්‍යම පරිමාණ අංශයේ රිදී සම්මානයද Enrich Tea and Food Exports (පෞද්ගලික) සමාගම විසින් දිනා ගන්නා ලදී. 2012 වසරේ සිට මේ දක්වාම අඛණ්ඩව Enrich Tea and Food Exports (පෞද්ගලික) සමාගම NCE අපනයන විශිෂ්ටතා සම්මානවලට පාත්රවී තිබීම විශේෂත්වයකි.
කේ. කේ. වයමන් හා සරත්චන්ද්‍ර සමරසිංහ යන මහත්වරුන් 2008දී ඇරැඹූ Enrich Tea and Food Exports (පෞද්ගලික) සමාගම (www.enrichtea.com) අද වන විට ශ්‍රී ලාංකීය සහල්, තේ, කුළු බඩු, දිසිඳි පොල් ආදී නිෂ්පාදන රැසක් අපනයන කරයි.”මේ ජයග්‍රහණයට ආයතනයේ සියලූම සේවකයන්ගේ කැපවීම හේතු වුනා. එසේම Enrich නාමය සමග දශකයකට ආසන්න කාලයක් ගනුදෙනු කරන අපේ සැපයුම් ජාලයත්, දේශීය හා විදේශීය ගනුදෙනුකාරභවතුනුත් කෘතවේදීව සිහිපත් කරනවා.” Enrich Tea and Food Exports (පෞද්ගලික) සමාගමේ වත්මන් සභාපති හර්ෂණ වයමන් මහතා සිය ජයග්‍රහණය පිළිබඳ එලෙස පැවසීය Enrich Tea and Food Exports (පෞද්ගලික) සමාගමේ ප්‍රධාන ගැනුම්කරුවා චීනය වන අතර ඉතාලිය, ජර්මනිය, නෝර්වේ, කැනඩාව, ඉරානය, ඕස්ට්‍රේලියාව, ස්විස්ටර්ලන්තය, ලෙබනනය ඇතුලූ රටවල් රැුසකට සිය අලෙවි ජාලය ව්‍යාප්ත කර තිබේ.
Lanka Newsweek © 2024