Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


දෙයියන්දර දෙයියා රෙදි නැතිව දුවයි


2024-01-02 14317


පුරා වසර 33 ක් ලංකාදීප සිහසුනේ වැජඹුණු දෙයියන්දර දෙයියා  නමින් විරුදාවලිය ලත් සිරි රණසිංහ නමැති කුප්‍රකට මාධ්‍යවේදියා ඉකුත්දා පැදුරටත් නොකියා පලා ගියේය.සිරි රණසිංහ යනු මෙරට පත්තර කලාවෙි ගෝඩ් ෆාදර්වරයාය.ඔහුට ඇත්තේ එතරම්ම අඳුරු ඉතිහාසයකි. මාෆියා කල්ලියක නායකයකු මෙන් හැසුරුණු මෙි දේශපාලන පරපෝෂිතයා තම පුවත්පත බිල්ලට දෙමින්  සොරකමට, අල්ලසට,වංචාවට නිතර  උඩගෙඩි දුන්නේය.එපමණක් නොව ඔහු දේශපාලන හොරුන්ට තක්කඩින්ට හෙළුවෙන් ම කඩෙි ගියේය.මහින්ද,ගෝඨාභය,බැසිල්  රාජපක්ෂ  චෞරයන්ගේ මරිමෝඩ මතවලට නිතර ලංකාදීප පුවත්පතේ මුල්පිටු වෙන් කළේය.සිරි රණසිංහ ලංකාදීප පත්තරේ බැලන්ස් කළා යැයි කීම ඉල ඇදෙන විහිළු කතාවකි.ඔහු කවදාවත් පුවත්පත වෙනුවෙන්  අපක්ෂපාති පිළිවෙතක් අනුගමනය නොකළේය.නිතරම තම පටු අභිලාෂ සඳහා පුවත්පත ගණිකා වෘත්තියේ යෙදවුයේය. තණ්හාව,කුහකකම,බලලෝභය ඔහුගේ මහලු මනස වෙලාගෙන තිබිණි. අවුරුදු 84 ක නාකි මහල්ලකු වූව ද මහපුටුවට කෑදරකමින් ඔහු  තවත් සේවා දිගුවක් අපේක්ෂාවෙන් සිටියේය.එහෙත් පාලකයෝ ඊට අකමැති වුහ.ඔවුහු සිරි රණසිංහගේ සේවය දෙසැම්බර් 31 වැනි දිනෙන් පසු අවසන් වන බව දන්වා ලිපියක්  යැවූහ.ඊට උරණවී නයකු මෙන් කිපිණු මෙි විෂඝෝර සර්පයා පසුගිය සිකුරාදා උදෑසන කාර්යාලයට පැමිණ දෙතුන් දෙනෙක් අමතා ගොජ දමන වෛරයෙන් යුතුව වෙව්ලමින් දුර්වල හඬින් විනාඩි පහකටත් අඩු කතාවක් කොට ආයතනයෙන් නික්ම ගියේය.

 
ලංකාදීපයට ගිය කල දවස

 

අභිමානවත් ජාතික පුවත්පතක් ලෙස පාඨක ප්‍රතිචාර දිනා ගනිමින් කාලයක් යෙහෙන් වැජඹුණු ලංකාදීපය අද බල්ලට ගොස් ඇත.පුවත්පතේ  නිතර පළවන්නේ  සාවද්‍ය ,අඩමාන පුවත්ය.හැමදාම නිවැරැදි කිරීම්(Correction )කනගාටුව පළ කිරීම්ය.ඇතැම් මාණ්ඩලික මාධ්‍යවේදීන්ගේ විශ්වසීනත්වයෙන් තොර වැරැදි පුවත් අතේරෝල් හේතුවෙන් කතුවරයාට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගොස් සමාව ගන්නට පවා සිදුවී විය.කතුවරයා  සිය ගමෙි සුරතලුන්ට පමණක්  සියලු වරප්‍රසාද වරදාන දෙමින් අත්තනෝමතික පාලනයක් ගෙන ගිය බව කලකිරීමට පත් සේවකයෝ කියති.ඔහු තම සේවා කාලයේ දක්ෂ සේවකයන් පැත්තකට දමා කබ්බන් කිහිපදෙනකුට තනතුරු වරප්‍රසාද දී තිබෙි.කලක් මහලු මඩමක් බවට පත්වී තිබුණු ලංකාදීපය එයින් යම් තරමකට හෝ මුදාගෙන ඇත්තේ අලුතින් පත්කළ ජනක නම් විධායක නිලධාරියා බව ද පැවසේ.( වරක් එම නිලධාරියා සමග ගැටුමක් ඇති කරගත් කතුවරයා අස්වීමෙි ලියුම  දී  ගෙදර ගොස් ලජ්ජා නැතිව නැවත සේවයට පැමිණියේය ) නම සිරි රණසිංහ වුව ද ඔහුගේ මුහුණේ කිසිදු සිරියාවක් නොතිබුණු  බව සේවකයෝ කියති.වැරැද්දක් දුටුවිට තම සුරතලුන්ගේ හැර අනෙක් මාධ්‍යවේදීන් සියලු දෙනාගේම චරිතය ඝාතනය කරමින්  බැණඅඬ ගැසීමට මොහු ඉතා දක්ෂ බව ද පැව⁣සේ. පැන්ෂන් ගිය හැට පැන්න මාධ්‍යවේදීන් ගෙදර නොයවා යළි සේවයේ තබාගෙන ඇත්තේ ද කතුවරයාගේ  පැවැත්ම තහවුරු කරගැනීමටය.පිටරට සිටින තම මිනිපිරියට හම්බ කිරීමට තවදුරටත් ලංකාදීප මහ පුටුව බදාගෙන ඉන්නට සැරසුණු මෙි කුප්‍රකට කතුවරයා වළ පයයි ගොඩ පයයි සිටින නාකි මහල්ලෙකි.මොහුගේ මෙි මජර පාලනය නිසා දක්ෂ,පළපුරුදු මාධ්‍යවේදීහු ⁣කිහිපදෙනෙක් කලකිරීමට පත් වී සිටිති.

 
දුර්වලම උපකර්තෘට ලොකු පුටුවක්


මෑතකදී කතුවරයා  හිතුමනාපෙට තම ගජයන්ට උසස්වීම් කිහිපයක් ද ලබාදී ඇත.ඒ අතරින්  ලංකාදීප උපකර්තෘ අංශයේ සිටින  දුර්වලම පුද්ගලයා( ටියුෂන් ගුරුවරයකු ද වන මොහුට ව්‍යාකරණානුකූලව ප්‍රවෘත්තියක් සංස්කරණය කිරීමට ද නොහැකිය ) එහි ප්‍රධාන පුටුවට පත්කර ඇත.එම පුද්ගලයා කතුවරයාගේ දෙයියන්දර ගමෙි සමීප ඥතියකු බවද කියති.මෙයට අමතරව විශාල පොටෝ කොපි කොල හොරකමකට අසුවු පුද්ගලයකු ප්‍රවෘත්ති කර්තෘ තනතුරට පත්කර ඇත .(ඔහු කතුවරයාගේ බෑනාගේ ගජමිතුරකු බව ද පැවසේ.)

 
පියන් ජර්නලිස්ට්ලා

 

මෙි අතර පියන් ජර්නලිස්ට්ලා කිහිපදෙනෙක් ම චැම්පියන්ලා වී සිටිති.ඔවුන්ට ඇති එකම සුදුසුකම කතුවරයාට කේළම් කීම සහ පන්දම් ඇල්ලීමය. ව්‍යාකරණානුකූලව ප්‍රවෘත්ති ලිවීමට හැකි දක්ෂයකුට පැන්ෂන් යන්න ඔන්න මෙන්න තියෙද්දී සැනසිලි තෑග්ගක්  ලබාදී ඇත.කෙනෙක්ට දෙන්නෙක්ට හැරෙන්න පුවත්පතේ ප්‍රධාන තනතුරු ලබා දී ඇත්තේ නිස්සන්ට සුදුස්සන්ට නොව ඥාති හිත මිත්‍රාදීන්ටය.පියන්ලා, බස් කොන්දොස්තරලා ඇතුළු කතුවරයාගේ නිවසේ බැල මෙහෙවර කරන  මාධ්‍යවේදී වෙසින් සිටින දීන බඩගෝස්තරවාදී සට්ටැඹියෝ පිරිසක් ද මෙි අතර සිටිති.ඔවුන් සියලුදෙනාම කතුවරයාගේ සුරතලුන් බව ද කියති.හෙට අනිද්දා පැන්ෂන් යාමට නියමිත හිටපු කාර්යාල කාර්ය සහායකයකුට ද ( මොහු සිරි රණසිංහගේ ප්‍රධාන සට්ටැඹියෙකි)මෑතකදී උප කර්තෘ අංශයේ උසස් තනතුරක් ලබා දී ඇත.එම තනතුර ලබා දී ඇත්තේ කතුවරයාගේ පරවැඩ කිරීම නිසා ඊට කෘතගුණ සැලකීමට බව ද කියති.මෙි අතර උපකර්තෘ අංශයේ තවත් වැඩබැරි ටාසන් කෙනෙක් බොරු ලෙඩක් මවා පාමින් කතුවරයා ගොනාට අන්දා අනුකමිපාව දිනා ගෙන සිටියේය.මොහු කාලයක් කතුවරයාට පක්කිලි වැඩකළ සක්කිලියෙකි.පල්හොරෙකි.කිහිපවරක්ම ⁣ආයතනයේ ඇඟිලි සලකුණු යන්ත්‍රය මත හොරෙන් ඇවිත් වැඩ නොකර ඇඟිලි සලකුණු තබා ගිය වංචාකාරයෙකි.එහෙත් මෙි පුද්ගලයාගේ සියලු හොර,බොරු වංචා දැක දැකත් සිරි රණසිංහ නමැති තක්කඩියා ඇස්කන් පියාගෙන සිටියේය.කවදත් හොරකමට,වංචාවට අතහිත දෙන සිරිඅසිරිය මෙයයි.

 
ජොනීට උපහාර

 

වරක් රටෙි ලවක් දෙවක් නැතිව (ඔිනෑ එකාටයි එපා එකටයි) තැන තැන උපහාර උළෙල පැවැත්විණි.එහිදී ජනතාවට මෙලෝ වැඩක් නොකළ පරපුටු දේශපාලකයෝ පිරිසක් ද උපහාර ලැබූහ.මෙි විගඩම දුටු එකල ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ දිවලකඩ ගුණදාස ලියනගේ මහතා  අමුතු ම උපහාර උළෙලක් සංවිධානය කළේය. එහිදී හොරණ බස්නැවතුම් පොළේ මුට්ට කරගැසු ජොනි නමැති නාට්ටාමියාට  උපහාර පිදුවෙිය.සිරිඅසිරි උපහාර උළෙල ද ජොනීගේ උපහාර උළෙලට දෙවැනි නැත.දක්ෂ පළපුරුදු මාධ්‍යවේදීන්ට කකුල් මාට්ටු දමමින් කුහක  ඊර්ෂ්‍යාකාර පිළිවෙතක් අනුගමනය කළ මෙි මහලු  කතුවරයා  කිසිදු නිර්මාණාත්මක  හැකියවක් නැති නිකම්ම නිකං ⁣බෝතල් පත්තරකාරයෙකි.සිරි රණසිංහ යනු තක්කඩියෙකි.සොරෙකි.අල්ලස් පප්පෙකි. ඔහු ලියු කියු වැදගත් පොතපතක් හෝ ලියැවිල්ලක් ද නැත.

 
කුප්‍රකට පත්තර හොරකම

 

දිනමිණ පුවත්පතේ සේවය කළ සමයේ පත්තර සොරකමක් හේතුවෙන් මොහු  සේවයෙන් දොටිට දමා ඇත.  විජය පුවත්ප⁣ත් ආයතනයේ සභාපතිවරයා අන්දමින් වසර 33ක් කර්තෘ පුටුවෙි යෙහෙන් වැජඹුණු මොහු මෙරට පත්තරකාරයන් අතර බිහිවුණු අදක්ෂම,මරිමෝඩ කතුවරයා ද වෙයි.ඔහු තම නොහැකියාව වසා ගැනීමට කර්තෘ සංසද වැනි බොරු අටමගල් අටවාගෙන එහි මුල්පුටුවෙහි ද බහිරවයකු මෙන් වාඩිවී සිටියි.නිතර පත්තර කන්තෝරුවෙි ඔබ මොබ යමින් සේවක ප්‍රශ්නවලට කැකිල්ලේ තීන්දු දෙමින්(එළුවාගේ බෙල්ල කපා මුට්ටිය ගැනීම වැනි) වියරුවෙන් හැසිරුණු  මෙි මහලු කතුවරයා ආයතනයෙන් නික්ම යෑම පිළිබඳ අගතියට පත් සේවකයෝ සැනසුම් සුසුම් හෙළති.දැන් බල්ලාගේ උණුසුම නැතිව මැක්කෝ හංස ගීතය ගයති.

 
 
-අගතියට පත් සේවක පිරිසක්-

 

Advertiesment