වියත් මඟේ ඉදිරි පේලියේ වාඩිවී සිටි බිස්නස් යාළුවන් ජනපතිවරණය ජය ගත් විගස ගෝඨාට වැමෑරිය නොහැකි ලණුවක් ගිල්ලුවේය. "අපට බදු සහන දෙන්න. අපි ආර්ථිකය දියුණු කරන්නම්. ජනතාවටත් සහන දෙන්නම්" උන් කීවෝය. වසරකට රු. බිලි 700 ක එනම් කෝටි 70,000 ක බදු සහන දුන් ගෝඨා පප්පාට කෙලවී ඇති බව පෙණුනේ රට බංකොලොත්වී ජනතාව අනාථ වූ විටය. වසර 04 ක් තුළ එය කෝටි 2,80,000 ක දැවැන්ත මුදලක් වුවද රනිල් පප්පා එම අලාභය කණපිට ගැහුවේය. අලුත් බදු ක්‍රම ගෙනා ඔහු 36% බදු පදනම හරහා ගෝඨාගේ රට සූරා කෑ යාළුවන්ට බැස්ටිය දුන්නේය. 2023 උපරිම රාජ්‍ය ආදායම ලැබූ වසර බවට පත් කළේය. මේවා නොදත් සමාජ මාධ්‍යවල ටයර් ටියුබ්කාරයන් හා වෙබ්කාරයන් එසේ ක්‍රියාත්මක වූ කපටි නරියාටත් රටට ඇත්ත පෙන්වා දුන් ලියුම්කරුටත් මඩ ගැසුවෝය. දෙවරක් රට ලේ විලක් කර ජීවිත ලක්ෂයක් හා රු කෝටි ලක්ෂ ගණනක් රටට අහිමි කළ උන්ගේ දේශපාලනය එහෙමය. රනිල් බදු හොරු රකිනවාය යන අවලාදයට ප්‍රතිඋත්තර බැන්දේ මහාචාර්ය ආශු මාරසිංහය.
"සිහින ජනපතිලා ඉන්න සුළු පක්ෂයක් ජනපතිට මඩ ගැහුවට එතුමා 2023 දී ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආදායම ලැබූ වසර බවට පත් කළා. රු බිලි 3012 ක් මේ වසරට ආදායම ලැබීම වාර්තාවක්. දේශපාලන අනාගතයට වඩා ජනප්‍රිය නොවන තීන්දු අරන් රටේ අනාගතය බලලයි එතුමා වැඩ කළේ" මහාචාර්ය ආශු කීවේය.
පෝළිමේ මැරී වැටෙන රටක් බාර ගත් රනිල් කෝච්චියේ අන්තිම පෙට්ටියට බෙල්ල තිබ්බේ එසේය. කන්නවත් නැතිව සිටි ජාතියක් පසුගිය නත්තලට රට පුරා ට්‍රිප් ගියහ. රනිල් ද නුවරඑළි ගියේ මෛත්‍රී සමගිනි. එය විවේකයකට වඩා තිබුණාටත් වඩා වැඩ අධික අවස්ථාවකි. දුරකතන හා අන්තර්ජාල හරහා රනිල් ගේම ගැහුවේය.
"සංචාරකයන් ඉලක්ක කර කලාංග ආහාර අත්කම් ආදියෙන් යුතු සැණකෙළියක් දකුණු පළාතේ අරඔමු" රනිල් කීවේ සාගල හා හරීන්ට ය. කොළඔින් යන්නට පෙර නව ඉන්දියානු මහකොමසාරිස් හමුවූ ජනපති සුබ පැතුවේය. සාගල ද ඔහු හමුවී ඉන්දියානු ආයෝජන ගැන කතා කළේය.
හීතලේ සිටි රනිල්ට පොහොට්ටුවෙක් දුන් පණිවිඩයකින් ඇඟ රත්විය. "කට්ටියක් ධමිමික ගේන්න දඟලනවා.එයාට කොන්දේසි 2 – 3 ක් දාල " ඔහු කීය. "මටත් ආරංචියි, මෝදිගෙ කැම්පේන් කරන සමාගමම තෝර ගෙනලු" රනිල් කීය.
"ජවිපෙ නායකයගෙ ඉල්ලීමට ජවිපෙටත් ජනාධිපති නීතීඥ ධුර දුන්නා කියල ආරංචියි" ප්‍රසන්න රණතුංග කීවේ කොක්හඬලමිනි."අනුරයි ජනාධිපතිතුමයි අතරෙ ලොකු ඩීල් තියෙන බව කවුරුත් කියනවනේ" දොලවත්ත කීවේ ද සිනාමැදය. කපටි නරියා එය නෑසුණු කණින් ලිස්සා ගියේය. "ජනාධිපති නීතීඥකම් දෙන්න ඔින දේශපාලනය නිසා නෙවෙයි අත්දැකීමි පළපුරුද්ද අනුවයි" රනිල් කීය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ කට්ටල ගේම පත්තුවී සෞඛ්‍ය ලේකම් හා 06 ක් ඇතුළේය. ඇමති කෙහෙළිය රටින් පැනලාය. ජාත්‍යන්තර පොලීසිය ඔහු අල්ලා විය ආදී කතා පැතිරෙද්දී ඔහු ලංකාවට පැමිණ මාධ්‍ය ඇමතීය.
"මේ ගැන පැමිණිල්ල CID එකට කළේ මමයි" කෙහෙළිය කීය. පසුව CID ය කෙහෙළියගේ ගෙදරට ගියේය. "පරීක්ෂණවලට එතුමා සහායදීල ලේඛණත් ඉදිරිපත් කළා" ඔහුගේ නීතිඥයා කීවේය. එහෙත් එම නීතිඥයා ඖෂධ නියාමන කොමිසමේ තනතුරු ලාභියෙකු නිසා වගඋත්තරකරුවෙකු වෙනුවෙන් තවත් වගඋත්තරකරුවෙකුට පෙනී සිටින්නට නොහැකි බව වෛද්‍ය රාජිත හා ක්ෂේත්රයේ හුග දෙනෙකු දමලා ඇරියේය. ප්රශ්නය දැන් CID හා අධිකරණය අතේය. ඇමතිලා බබාලා නොවේය. එසේම හැම ඇමතිලාම නීලකාස හොරු ද නොවේය.
රාජපක්ෂලාට වන්දනාමාන කළ මහඇදුරෙකු වූ නලින් සිල්වා මෑතකදී මයික් ටයිසන්ට ඇන්දේය. "ජනාධිපතිවරණයක් නම් එන්නෙ නෑ. මහ ඡන්දයක් ඒවි" ඔහු කීවේය. ඒ හඩ ඇසුනේ මාළිගාවත්ත ලී මෝලෙන් ද රාජපක්ෂ කෑම මේසයෙන්ද එය වෙනමම මුට්ටියක් දැයි පැහැදිලි නැත
ඇමෙරිකන් මහින්ද හා වොෂින්ටන් තානාපති අංශ ඇමෙරිකාවේ DFC ආයතනය සමඟ කළ සංවාදයකින් පසු අනාගතයේදී විශාල ආයෝජන ලබා ගැනීමට උත්සාහ දරමින් සිටියි. ඔවුන් හරහා ලංකාවට මෙතෙක් ඩොලර් බිලියනයක විශාල මුල්‍ය පහසුකමක් ලැබි තිබේ. අදානි හා කීල්ස් සමාගම් කොළඔ බටහිර ගැඔුරු හා කන්ටේනර් පර්යන්තයක් ලෙස ගොඩ නැගීමට ද DFC වෙතින් දුන් ඩොලර් මිලි 553 ඊට ඇතුළත්ය. එමගින් විශාල රැකියා අවස්ථා හා ලංකාව ලොව ප්‍රමුඛම නාවික මධ්‍යස්ථානයක් වීමේ අවස්ථාව ද උදාවේ.
රනිල්ගේ ආරාධනයෙන් බ්‍රිතාන්‍ය චාල්ස් රජුගේ නියෝජිතයා ලෙස ඈන් කුමරිය ජනවාරි 10 දා ලංකා සංචාරය අරඔන්නීය. එහි පූර්ණ මැදිහත්කරු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගමය. නුවර හා යාපනේ යන ඇය පසුව ප්රමුඛ ඇගලුම් හා මුදල් මුද්‍රණ සමාගම් ද නරඹනු ඇත. ජනපති රනිල් සමග කරන විශේෂ සාකච්ඡාව හරහා රටට ප්රතිලාභ ලැබෙනු ඇති බවට ද විශ්වාසය පළවේ.
දේශබන්දුට රනිල් අන්දලා හෝ "වැඩ බලන" කෑල්ල මකා පොලිස්පති ලියුම ගන්නට කුඩු හා පාතාල මර්දනයට ඇරඹූ "යුක්තිය" ඉදිරියටම යයි. මඟ හිටින්නේ නැතිව මෙය ඉදිරියටම ගියොත් ඊළග ජනපතිවරණය කපටි නරියාට කැරකෙන්නේ "යුක්තිය" හරහා ද විය හැකිය. යුක්තියෙන් ගොඩයන්නේ නරි හෝ හිවල්ලු යයි පට බැදෙන රනිල්, ටිරාන්, දේශබන්දු ලා නොව රට ය.
Lanka Newsweek © 2024