දෙසැම්බර් 15 වෙනිදා පොදුජන පෙරමුණේ දෙවෙනි ජාතික සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වුනා.සමුළුව තියන්න ගොඩක් කාලයකට උඩදී ඉඳන් ඒ ගැන දැවැන්ත ප්රචාරක වැඩපිලිවෙලක් දියත් කරලා තිබුණා.රටේ ජනතාවගේ ආර්ථික අමාරුව ගැන අයවැය විවාදයේදී හොටු පෙර පෙරා හිටිය රාජපක්ෂලා පොහොට්ටුවේ සමුළුවට අතපය දිගෑරලා වියදම් කිරීමෙන් පෙනුනේ රට ආර්ථික වශයෙන් බංකොලොත් උනත් රාජපක්ෂලාගේ ආර්ථිකය නං අවුලක් නැතිව දුවනවා කියන එකයි.
හැබැයි රාජපක්ෂලාගේ දේශපාලන බංකොලොත්කම නං ඉතාමත් හොදින් ඔප්පු කරපු සමුළුවක් බවට මේ සමුළුව පත්වුනා.ඊයේ තිබුණ සමුළුව පොහොට්ටුවේ හෝදපාළුව සටහන් කරපු සමුළුව බව රටේ රාළ ස්ථිර වශයෙන්ම කියනවා. ඇත්තටම ඒ සමුළුවට සමාන්තරව රාජපක්ෂලා මේ රටට කරපු අපරාධය ගැනත් යන්තම් හරි පැහැදිලි කිරීමක් තියෙන්න ඕනි. 2015 මහින්දගේ දූෂිත ආණ්ඩුව ගෙදර යවනවත් එක්ක නිර්මාණය උන දේශපාලන වැකුම් එක පුරවන්න මෛත්‍රි - රනිල් යහපාලන ආණ්ඩුවට පුළුවන් වුනේ නෑ.
ඒ නොහැකියාව හරහා ආයෙත් වතාවක් රාජපක්ෂලාට රට ඇතුලේ යම් ජන පදනමක් ගොඩනැගෙන්න පටන් ගත්තා.ඇත්තටම ඒකට මුල්වෙලා කටයුතු කළේ විමල්, ගම්මම්පිල,වාසු,දිනේෂ් සහ එදා හිටපු ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම.ඒ හරහා නිර්මාණය උන මහින්ද සුළගෙන් මහින්දගේ ජනප්‍රියත්වය නැවත ගම්බිම් තිසාරා පැතිරෙන්න පටන් ගත්තා.මහින්ද ඒ දවස්වල හිටියේ පන්සල්වලමයි.
එදා යහපාලන ආණ්ඩුව යටතේ රාජපක්ෂලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුනේ නෑ.සියලු දෙනා එකතු වෙලා කළේ රාජපක්ෂලා කරපු හොරකම්,තක්කඩිකම්, ඝාතන,අතුරුදහන් කිරීම් යට ගහපු එකයි.රාජපක්ෂලාට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධව රනිල් සහ මෛත්‍රි දෙන්නත් වග කියන්න ඕනි.මහින්ද රට වටේ ගිහින් කිව්වේ ඉතිහාසයේ අපෙන් වැරදි උනා හැබැයි මෙතනින් එහාට අපි වැරදි හදා ගන්නවා කියලයි.
මහින්ද තමන් හොරකම් කරපු බව පිලිගත්තේ නැතත් හොරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තේ නෑ කියලා පිලිගත්තා.ඇත්තටම මහින්දලා තරම් මේ රටේ දේපල සහ මහජන මුදල් හොරකම් කරපු, කාබාසිනියා කරපු පවුලක් තවත් නෑ.යහපාලන ආණ්ඩුවේ ඇතිවුන බෙදීම්,නොහැකියාවන් එක්ක රාජපක්ෂලාට තවත් වටයකින් බලයට එන්න අවස්ථාව ඒ වෙනකොට නිර්මාණය වෙමින් තිබුණා.ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයෙන් ඒක තවත් තහවුරු වුනා.
ජාතික ආරක්ෂාව සම්බන්ධ සටන් පාඨය යුද්ධ කාලයකදී වගේම උඩට ආවා.ඔය වකවානුව වෙනකොට විමල්ලා හදපු මහින්ද සුළඟ අසංවිධානාත්මක බලවේගයක් විදිහට එහෙ මෙහේ පාවෙමින් තිබුණා.බැසිල් කළේ ඒ බලවේගය එකතු කරලා පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමයි.ඒ බලවේගය ගොඩනගන්න මුල්වුණු විමල්ලා, වාසුලා,ගම්මපිලලා පොදුජන පෙරමූණේ කුලී හේවායන් කර ගත්ත එකයි.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විදිහට ගෝඨාභය ගේනකොට මේ රටේ ජනතාවට ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ගෝඨාභය පුටින්ට අන්ඳලා මහින්ද මහතීර්ට අන්දවමින් විමල්ලා ඒ දේශපාලන තක්කඩි වැඩේ අකුරටම ඉෂ්ඨ කළා.හැබැයි ගෝඨාභය ජනාධිපති විදිහටත් මහින්ද අගමැති විදිහටත් බලය තහවුරු කර ගන්නවාත් ඒක්ක සියල්ල නැවත කනපිට හැරුණා.
ගෝඨාභය ජනාධිපති වෙනවාත් එක්ක රටේ පුරන් කුඹුරු ටික අස්වද්දන්න ස්වේච්ඡාවෙන් ඉදිරියට ආපු තරුණයාට,තාප්පවල ගෝඨාභයලා කියපු ජාතික අභිමානය සිතුවම් කරන්න ආපු තරුණයාට පස්ස පැත්ත හරවන්න රාජපක්ෂලා වැඩි කාලයක් ගත්තේ නෑ.ආයෙත් සියල්ල පවුල වටේට එකතු වෙන්න පටන් ගත්තා.19 වෙනි සංශෝධනය අහෝසි කරලා අත්තනෝමතික 20 ගෙනත් ගෝඨාභය මම කියන එක තමයි නීතිය කියලා ඕඩර් දෙන තැනට පත්වුණා.
මහින්දගේ බේබිලා තුන්දෙනා ආයෙත් රඟන්න පටන් ගත්තා. ශිරන්ති බොදු බැති ගීත කියන්න පටන් ගත්තා.රාජපක්ෂ පවුලේ ඥාතින් උන නිරූපමා,තිරුපති නඩේෂන්ලා අයුතු විදිහට රැස්කරපු මුදල් ගැන ජාත්‍යන්තර හෙලිදරව් කිරීම් සිද්ධ වුනා.ජනාධිපති ගෝඨාභය ඒ පරීක්ෂණ සූක්ෂම විදිහට යට ගැහුවා.ආයෙත් අන්ත දූෂිත පාලනයක් ඇති වුනා.ලොකුම හොරු හිටියේ කැබිනට් මණ්ඩලයේ. කිසිම දැක්මක් වැඩපිලිවෙලක් නැතිව රාජපක්ෂලාට හිතෙන හිතෙන විදිහට රට ගැන තීන්දු තීරණ ගත්තා.
ඒක හොඳම උදාහරණය තමයි ගෝඨාභයගේ මෝඩ කෘෂිකර්ම ප්‍රතිපත්තිය.මොල හතක් තියනවා කියපු බැසිල්ගේ කපටි ආර්ථික ප්‍රතිපත්තිය.ඒක කළු සල්ලි ආර්ථික ප්‍රතිපත්තියක්.මේ සියල්ලේ අවසන් ප්‍රතිපලය උනේ රාජපක්ෂලා ආයෙත් වතාවක් තමන්ට දුන්න 69 ලක්ෂයේ ජනවරමට සහ 68 ලක්ෂයේ ජනවරමට ද්රෝහීවීමයි.එක පවුලක සහ ඒ පවුලේ හෙන්චයින්ගේ උවමනා වෙනුවෙන් රටක් බංකොලොත් කිරීමයි.
මහින්ද,ගෝඨාභය,බැසිල් ඇතුලු ඒ තක්කඩි නඩය මේ රට බංකොලොත් කරන්න සෘජුව මැදිහත් වුනා කියලා දැන් ශ්‍රේෂ්ඨාධිකරණය කියලා ඉවරයි.ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විසින් රාජපක්ෂලා එලවලා දාන්න මේ රටේ ජනතාව පාරට බැහැපු එක හරී කියලා ඔප්පු වෙලා තියනවා. රාජපක්ෂලා අරගලය නිසා රට බංකොලොත් උනා කියලා කියන්න හදපු කතාව නීතියෙන් ප්‍රතික්ෂේප කරලා තියනවා.
දැන් ආයෙත් ඒ විරෝධය මහ ඉහලින් රාජපක්ෂලාට පලවෙන්න පටන් අරන්.ඊයේ එහෙම විරෝධයක් සමාජ මාධ්‍ය වහගෙන තිබුණා.ආයෙත් රාජපක්ෂලාගේ කතාවලට කමෙන්ට් විදිහට නිවන් සුව ලැබේවා කියලා වැටෙන්න පටන් ගත්තා.සමාජ මාධ්‍යවලින් නවතින්නේ නැතිව ඒ විරෝධය මහ පාරටත් ඇවිත් තිබුණා.මහ පාරේ පිදුරු ගොඩවල් ගහලා,තනකොල ගොඩවල් ගහලා,පුන්නක්කු තියලා ජනතාව පෙන්නුවේ ඒ විරෝධය.මේ විරෝධය දක්වන්න ඉදිරිපත් වෙලා හිටියේ එදා රාජපක්ෂලා වෙනුවෙන් පෙරට ආපු බහුතර බලවේගය බව දැන් ඉතාමත්ම පැහැදිලියි.
එයාලා මේ පෙන්නන්නේ රාජපක්ෂ තමන් දුන්න ජනවරමට පස්ස හැරවීම එරෙහිව තියන එෛතිහාසික විරෝධයයි. රාජපක්ෂලා කරේ තියාගෙන තවදුරටත් දේශපාලනිකව ගොඩගන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නං ඇත්තටම ඒක තරම් මෝඩ වැඩක් තවත් නෑ. රාජපක්ෂලා හරි නං කරන්න ඕනි සමුළුවක් තියලා ජාතියෙන් සමාව අරන් රටට හතුරු උන පොදුජන පෙරමුණ විසුරවලා දාන එකයි.
එහෙමත් නැත්තං අඩුම ගානේ රාජපක්ෂලා දේශපාලනයෙන් සමු අරගෙන පොදුජන පෙරමුණ අලුත් බලවේගයකට බාර දෙන එකයි. රාජපක්ෂලා හිතනවා නං මේ රටේ ජනතාවගේ ඇස්වලට වැලි ගහලා ආයෙත් බලයට එන්න පුළුවන් කියලා ඒවා නං හිතින් හීනම තමයි. රනිල්ගේ පිහිටෙන් ආරක්ෂා වෙලා ඉන්න රාජපක්ෂලාට ඊළඟ මැතිවරණයේදී ජනතාව පිලිතුරු දෙන්න ලෑස්ති පිට ඉන්නවා කියන එක ඊයේ මහ පාරේ කරලා තිබුණ තණකොල සහ පිදුරු සැරසිලිවලින් ඔප්පු වුනා.
මේ රටේ ජනතාව රාජපක්ෂලා පුටුවෙන් පහලට ඇඳලා දානවාම තමයි.පුටුවෙන් ඇඳලා දාන්නේ බංකුවට හරි පැදුරට හරි නං නෙවෙයි කෙලින්ම වලට බව මතක තියා ගත්තට කමක් නෑ.එදා රාජපක්ෂලාට හිටපු බලවේගවලින් බහුතරය අද එයාලා දාලා ගිහිල්ලා. එයාලා වටේ හිටිය තරුණයා තරුණිය අද නෑ.ආචාර්ය, මහාචාර්යලා අද නෑ.කලාකරුවෝ අද නෑ.වැඩකරන ජනතාව නෑ. විමල්ලා,වාසුලා,ගම්මපිලලා,රතනලා,ඩලස්ලා වගේ කුලී හේවායෝ ටිකවත් අද නෑ.පොදුජන පෙරමුණ වෙනුවෙන් බර කරට ගත්ත ලන්සලා,අනුර ප්රියදර්ශනලාත් අද එයාලා ළඟ නෑ.
දැනට ඉන්න ගොඩ දෙනෙක් ඉන්නෙත් දෙපැත්තේ කකුල් දෙක තියාගෙන.දැන් එතන ස්ථිරව ඉන්නේ ජොනීලා,රෝහිතලා,සනත් නිශාන්තලා,තිස්ස කුට්ටිලා වගේ ජනතාව ප්‍රතික්ෂේප කරපු චරිත ටිකක් විතරයි.එයාලට ඔය ගුබ්බෑයම නැතිව වෙන යන්න තැනක් නෑ.ඊට අමතරව දැන් නාමල්ලගේ උපදේශකයා බවට පත්වෙලා ඉන්නේ මිත්‍යාව කරේ එල්ල ගත්ත ඩෑන් ප්‍රියසාද් වගේ කට්ටඩිලා විතරයි.ඊට වැඩිය දෙයක් රාජපක්ෂලාට මේ පොලොව උඩ ඉතිරිවෙලා නෑ.
පක්ෂ සම්මේලනය දෙකක් අතරවාරයේදී පිපෙන්න බැරිවෙලා පොහොට්ටුව පරවෙලා ගියා. රාජපක්ෂලාට මේ රටේ දේශපාලනයේ තියන තැන ගැන රටේ රාළ හරියටම කිව්වා.ඒක ඔප්පු කරලා පෙන්නපු ජනතාවට වගේම ඒ අවස්ථාව ලබා දුන්න රාජපක්ෂලාටත් ස්තුති නොකර බෑ.
Lanka Newsweek © 2024