Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


ජනාධිපතිවරණ සටනේ අලුත්ම තත්ත්වය


2023-12-08 14319


2024 ජනාධිපතිවරණ සාකච්ඡාව උඩ ඒමත් එක්ක දේශපාලන පක්ෂ ඇතුලේ වගේම සමාජය ඇතුලෙත් පළල් දේශපාලන සංවාදයක් නිර්මාණය වෙලා.වෙන්ඩ ජනාධිපතිලා තවමත් පොර ටෝක් දෙමින් හිටියට එකපාරටම එයාලගේ Tone එකේ මාර වෙනසක් වෙලා.ඇත්තටම දැන් කාට කාටත් තේරිලා තියෙන්නේ තමන් හිටියේ වැරදි තක්සේරුවක කියලා.පහුගිය කාලේ සමීක්ෂණ කිය කියා එලියට ආවේ ඔය පක්ෂවල මතය.

ටිල්වින් කිව්වේ අන්තිමට ආපු සමීක්ෂණයෙන් 46% ක ඡන්ද ප්‍රතිශතයක් අනුරට තියනවා කියලා.ඒ කියන්නේ අනුරට දිනන්න තව ඕනි 4.01% ක් වගේ බොහොම පුංචි ප්‍රතිශතයක්.රටේ රාළ මේ දක්වා ඉදිරිපත් කරපු සංඛ්‍යාවල ලොකු වෙනස්වීමක් වෙලා නෑ.ඒ කියන්නේ තවමත් සටන විවෘත එකක්.පොඩි චලනයක් වෙලා තියනවා.තවමත් අපේ රටේ ජන්ද දායකයින්ගෙන් සැලකිය යුතු බහුතරයක්  ඡන්දය දෙන්නේ කාටද කියන තීරණය අරන් නෑ.හැබැයි දැන් ඒ ප්‍රතිශතයේ පහල වැටීමේ ආරම්භක් පේන්න තියනවා.

ඒ කියන්නේ ජනාධිපතිවරණය එනවා කියන ආරංචියත් එක්ක යම් කණ්ඩායමක් තමන්ගේ කදවුර තෝරාගෙන තියනවා.මීට කලින් ඡන්ද දෙන්නේ කාටද කියලා තීරණයක් නොගෙන හිටපු ප්‍රතිශතය 50% කට වඩා වැඩි අගයක තිබුණා.හැබැයි දැන් ඒක 40 % - 45% වගේ සීමාවකට අඩු වෙලා තියනවා.මීට කලින් රටේ රාළ බළකාය කරපු සමාජ විද්‍යාත්මක විශ්ලේෂණයට අනුව කිසිම අපේක්ෂකයෙක් 30% සීමාවට ඇවිත් හිටියේ නෑ.අනුර සහ සජිත් එකිනෙකාට ආසන්නයේ හිටියත් දෙන්නම හිටියේ 30% සිමාවට වඩා පහලින්.

රනිල් හිටියේ 15 % වගේ සීමාවක. වෙන නං කවුරුවත් ගැනිය හැකි මට්ටමක ප්‍රතිශතයක හිටියේ නෑ. රටේ රාළ බළකාය මේ සංඛ්‍යාත්මක විග්‍රහය කරන්නේ පුද්ගල නියැදි පාවිචිචි කරගෙන නෙවෙයි. ඇත්තටම පුද්ගල නියැදී පාවිචිචි කරගෙන මේ දක්වා කරපු සමීක්ෂණවල ප්‍රතිඵල වැරදී.පුද්ගල නියැදී යොදාගෙන කරන සමීක්ෂණ සාර්ථක වෙන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කරපු තත්වයක් යටතේයි.මොකද එතකොට ඡන්ද ගොඩවල් වලට පුද්ගලයින් බෙදිලා ඉවරයි. 

සාමාන්‍යයෙන් මැතිවරණයක අවසන් සතියේ කරන සමීක්ෂණයකින් ආසන්න වශයෙන් ප්‍රතිඵලය කියන්න පුළුවන්.ඒත් ඒක කරන්න පාට කණ්ණාඩි දාගත්ත පිරිසකට බෑ.සාමාන්‍යයෙන් අපේ රටේ බුද්ධි අංශ වර්තාවලත් ලොකු වැ‍රැද්දක් තියනවා.මොකද එයාලා සමීක්ෂණ කරන්නේ පවතින රජයට හෝ ඉන්න ජනාධිපතිට පක්සපාතීව.ඒ වගේම ඒ සමීක්ෂණය කරන පුද්ගලයින් ස්වාධීන ස්වාධීන නෑ.රටේ රාළ බලකාය සංඛ්‍යාත්මක විග්‍රහයට පදනම් කර ගන්නේ පුද්ගල නියැදි මතය නෙවෙයි.

අපි යොදා ගන්නේ සමාජ තීරුවල මතයයි.ඒක ගන්න මැදිහත් වෙන්නේ පක්ෂ දේශපාලනයකට සම්බන්ධයක් නැති නිර්පාක්ෂික පුද්ගල කණ්ඩායමක්.කොහොම උනත් දැන් තියන තත්වය ගැන අලුත් සංඛ්‍යාත්මක විග්‍රහයක් අපට තියනවා.රටේ රාළ කියන්නේ අනුර හෝ සජිත් දැන් 30% සීමාව විටින් විට ටච් කරමින් ඉන්නවා.ඒත් ඒවා ස්ථිර නෑ.උදාහරණයක් ගත්තොත් පහුගිය සති කීපය ඇතුලේ අනුරට වැඩිය සුළු ඉදිරියක් සජිත් අරගෙන තිබුණා.ගොඩක් වෙලාවට සජිත් ක්‍රිකට් ප්‍රශ්නයත් එකක් යමි තරමකට ඉස්සරහට ආවා.

අනුරලා ක්‍රිකට් ප්‍රශ්නයේදී හිටියේ ගන්ධබ්බ ස්ථාවරයක.එතනදී විපක්ෂය විදිහට අනුරට වඩා පියවරයක් ඉස්සරහට යන්න සජිත්ට පුළුවන් වෙලා තියනවා. රටේ රාළ කියන්නේ මේ ජනප්‍රියත්වය දිගට තියාගන්න සජිත්ට පුළුවන් වෙයිද කියන එක ප්‍රශ්නයක් විදිහට තියනවා.ක්‍රිකට් වගේ ජනප්‍රිය මාතෘකාවක එල්ලිලා වැඩිදුර යන්න බෑ.ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිතයි වගේම ක්‍රිකට්වලින් ගන්න ජනප්‍රියත්වයත් අවිනිශ්චිතයි.ඇත්තටම තාවකාලිකයි.ඒක හින්දා සජිත් දැනට ඉන්න ප්‍රතිශතය තව සති දෙක තුනක් ඇතුලත කඩාගෙන වැටෙන්නත් පුළුවන්.

සජබයට ආණ්ඩුවට විරුද්ධව ගෙනියන අඛණ්ඩ ප්‍රතිපත්තිමය වැඩපිලිවෙලක් නෑ.සජිත් කරන්නේ සිද්ධිවල එල්ලිලා කරන දේශපාලනයක්.ඒකෙන් පුළුවන් වෙන්නේ තාවකාලිකව අශ්වාදයක් ගන්න විතරයි.ජවිපෙ දැන් ලොකු හිරවීමක ඉන්න බව පේනවා.ජවිපෙ පටන් ගත්තේ 80% න්.එදා විජිත කිව්වේ ඡන්දදායකයින්ගෙන් 80% ක් මාලිමාව එක්ක ඉන්නේ කියලා. සාමාන්‍යයෙන් එහෙම කතාවක් පොලොවේ දේශපාලන කරන කෙනෙක් කියන්නේ නෑ.මොකද මේ තත්වය යටතේ 80% කියන්නේ හිතන්නවත් බැරි සංඛ්‍යාවක්.

එහෙනං ජවිපෙ තිබුණ 3% තවත් 77% කින් වර්ධනය කරගෙන. විජිතගේ කතාවෙන් එකක් පැහැදිලියි.මූලදීම ජවිපෙ පට්ට ගොං අධි තක්සේරුව හිටලා තියන බව.එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජවිපෙ තරඟ කරද්දී ඡන්ද ප්‍රතිඵලය ගැන ජවිපෙට නිවැරදි තක්සේරුවක් තිබුණා.මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකත්වයන් තුනක් හෝ දෙකක් දිස්ත්‍රික් මට්ටමෙන් ජවිපෙට හම්බවුනා.මුලදී ජවිපෙ තුන්දෙනාම දින ගන්න පුළුවන් ටික හරියට වෙන්න කරගන්න,ඊළගට දෙන්නෙක් දිනවගන්න පුළුවන් තැන්ටික අඳුරගත්තා. 

අපේක්ෂකයන් දෙකක් හම්බ වෙච්චි තැන්වලදී බැලුවේ දෙන්නම දිනව ගන්න පුළුවන් තැන් මොනවද බැරි තැන් මොනවද කියලා.ඒ තැන් තෝරගෙන එක අපේක්ෂකයෙක් වහලා ගියා.හැබැයි වැඩේට බැස්සට පස්සේ ජවිපෙට හරියටම තොරතුරු ආවා.සියලු දෙනා දිනවන්න පුළුවන් කියන එක. ඒකෙන් තමයි ජවිපෙ මන්ත්‍රී ධූර 41 ක් දිනාගෙන දෙකක් ශ්‍රිලනිපයටත් දන් දුන්නේ.ජවිපෙට ඒ සියලු තොරතුරු ආවේ ජවිපෙ යාන්ත්‍රණය හරහා.එදා ජවිපෙට බිම දක්වාම  ශක්තිමත් යාන්ත්‍රණයක් තිබුණා.

ඒ යාන්ත්‍රණයෙන් හරිම තොරතුරු උඩට ආවා.උඩින් ඒ තොරතුරු අනුව නිවැරදිම විශ්ලේෂණය කර ගත්තා.දැන් ජවිපෙට එහෙම යාන්ත්‍රණයක් නෑ.භක්තිමත් ජවිපෙ සාමාජිකයා දැන් ජවිපෙ දාලා ගිහිල්ලා නැත්තං නිහඩ වෙලා.දැන් ජවිපෙට ඉන්නේ කයිවාරුකාරයෝ ටිකක් විතරයි.මාලිමාවට එකතු උන ඒ කයිවාරුකාරයින්ගේ කතාවලින් ජවිපෙ නායකයෝ සම්පුර්ණයෙන්ම මූලා වෙලා.දැන් ජවිපෙ උඩත්,මැදත්,යටත් ඉන්නේ කයියනායකලා විතරයි.ටිල්වින් කරපු අවසන් විග්‍රහයේදී විජිතගේ 80% ටිල්වින් 46% ට බැස්සුවා.

ඇත්ත ගාණ ගන්න නං අඩුම ගානේ තව 15% - 20% කින් වත් බස්සන්න ඕනි.ඒකෙන් පේන තව දෙයක් තමයි ඡන්ද බෙදීමක් නැති සමාජයක් ඇතුලේ ජවිපෙ හැමදාම ඉස්සරහින් ඉන්නවා.හැබැයි ඡන්ද සටනට කවුරුත් බැහැපු ගමන් උඩ හිටපු ජවිපෙ යටටම ගිහින් 3% කින් වගේ නතර වෙනවා.ජවිපෙටත් මෙතනින් එහාට මේ ප්‍රතිශතය උස්සන එක ලේසි නෑ.මොකද දැන් කවුරුත් ෆීල්ඩ් එකට බහිනවා.ඊළගට ජවිපෙ ගහන්න තියන සියලු බර අවි දැන් ගහලා ඉවරයි.ඡන්දය පටන් ගන්න ඉස්සෙල්ලා තියන බර අවි ඔක්කොම ඉවර කරගෙන.

මෙතනින් එහාට මාලිමාව උස්සන්න නං ජවිපෙ තියෙන්නේ රට ගොඩනගන එයාලගේ ප්‍රායෝගික වැඩපිලිවෙල ඉදිපත් කරන්න.රටේ රාළ දන්න ජවිපෙට නං එහෙම වැඩපිලිවෙලක් නෑ වගේ එහෙම එකක් හදන්න Capacity එකක් එයාලට නෑ.වැඩිම උනොත් තවත් මොකක් හරි වැඩවසම් ලියවිල්ලක් දායි.අනුර දන්නේ ඕස්ට්‍රේලියාවේ ලෙඩක් ගෙනියන්න එම්බියුලන්ස් දෙකක් එනවා කියන බටහිරට ආවඩන කතා කියන්න විතරයි. හැබැයි ඒ වගේ සුභසාධන වැඩපිලිවෙල ලාංකීය සමාජයට ගේන වැඩපිලිවෙලක් හදන්න අනුරලාට කවදාවත් බෑ.

අනුරට මේ ජනාධිපතිවරණයේදී ඉන්දියන් - ඇමරිකන් ලයින් එකෙන් බැකප් එකක් හම්බ වෙයි.අනුරලා බලාපොරොත්තු වෙන තරමේ උදව්වක් ඉන්දියාවෙන් දෙයි කියලා හිතන්න බෑ.ඉන්දියාව දැන් ඊට වැඩිය රනිල්ට සෙට්වෙලා වගේ. ඇමරිකාව අනුරව හදුනාගෙන තියන නිසා ඉන්දියාවට වඩා තල්ලුවක් ඇමරිකාව පැත්තෙන් එන්න පුළුවන්.CIA එක අනුර නියම රූකඩය බව අඳුරගෙන ඉවරයි. ජවිපෙ මේ රට තල්ලු කරන්න හදපු ලයින් එකෙන් දැන් රට තීරණාත්මකව එලියට ඇවිත්. පලාත් පාලන ඡන්දය,මහ මැතිවරණය හරහා ජනාධිපතිවරණයට යන්න එයාලා කපන්න හදපූ පාර රනිල් වහලා දාලා ඉවරයි.

රනිලුත් 15% වේ සීමාව පහුකරගෙන 20% වගේ සීමාවට ආපු අවස්ථා වාර්තා උනත් ඒ ගොඩවල් ස්ථාවර නෑ, ජනාධිපතිවරණයේ දුෂ්කරම අඩියේ හිටියේ රනිල්.හැබැයි පහුගිය කාලේ ඇතුලේ රනිල් කරපු ගොඩක් දේවල් හරියට මාකට් කළා නං අනුර,සජිත්, රනිල් බොහෝ දුරට ඉන්නේ එක තලයක.රනිල්ගේ දේශපාලන කලමණාකාරණය අනුරට සහ සජිත්ට වැඩිය ඉහල තැනක තියෙනවා.ඕනි අවාසිදායකයි point එකක් වාසියට අරවා ගන්න හැකියාවක් රනිල්ට තියනවා. රනිල්ට බැරි වාසිදායක තැනට හරවා ගත්ත එක මාකට් කරගන්නයි.

රනිල්ගේ මේ දක්වා කරපු සාධනීය මැදිහත්වීම් දේශපාලන ලයින් එකකට ගේන්න පුළුවන් අය රනිල් ලඟ නෑ.සාගල කියන්නේ ඒකට තියන දැවැන්ත බාධාවක්.රනිල්ගේ වෘත්තිය සමිති නායකත්වය කරලා තියෙන්නෙත් රාජ්‍ය සේවය රනිල්ගෙන් සෑහෙන දුරට ඈත් කරන එකයි.ඒක තැපැල් ඡන්දවලින් රනිල්ට බලාගන්න පුළුවන් වෙයි.ඒ වගේම රනිල් තවමත් එජාපය අවශ්‍ය තැනට අරගෙන නෑ.ඒක බරපතල දේශපාලන වැ‍රැද්දක්. සජබය රනිල්ට එකතු කරගන්න පුළුවන් වෙලාවක් අනිවාර්යයෙන්ම එනවා.

එදාට රනිල් එජාපය ශක්තිමත් කරලා නොතිබුනොත් ඒ අවස්ථාව මඟහැරෙන්න පුළුවන්.සජබය අවශෝෂණය කරගන්න මේ තියන එජාපයට කොහොමත්ම බෑ.අනුර යාපා - නිමල් ලන්සා කණ්ඩායමට පුළුවන් පොහොට්ටුවේ කොටස් එකතු කරගන්න මිසක් සජබය ගලවන්න නෙවෙයි.ශ්‍රිලනිපයටත් සජබය ගලවන්න බෑ. සජබය එකතු කරගැනීම එජාපයේ වැඩක්.ඒක නිසා රටේ රාළ කියන්නේ ජනාධිපතිවරණ සටන තවමත් විවෘතයි කියලයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.
 

Advertiesment