මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයේ වැඩ භාර ගත් රෝහිත බෝගොල්ලාගම මහතා එරට විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයේදී වයිස් මාර්ෂල් සහ අධ්‍යක්ෂිකා වික්ටෝරියා බිස්බි මෙනෙවියට සිය අක්ත පත්‍රයේ මූලික පිටපතක් චාරිත්‍රානුකූලව පිළි ගැන්වීය.
මෙම ක්‍රියා පිළිවෙත 111 වන චාල්ස් රජුට නිල අක්ත පත්‍රය පිළි ගැනිවීමට පෙර සිදු කරන සාම්ප්‍රධායික කටයුත්තක් වන අතර ඒ සදහා ඉක්මන් අවස්ථාව ලබාදීම ගැන ඇයට ස්තුතිය පළ කළ මහ කොමසාරිස්වරයා දෙරට අතර සුහදතාව සහ ද්විපාර්ශවික කටයුතු සේම අන්‍යන්‍යය විශ්වාසය වර්ධනය කිරීමට කැප වන බවට ද ප්‍රතිඥා දුන්නේය.
111 වන චාල්ස් රජුට, එරට ආණ්ඩුවට සහ ජනතාවගේ අඛණ්ඩ ප්‍රගතිය වෙනුවෙන් ශ්‍රි ලංකා ජනාධිපති රනිල් විකුමසිංහ මහතාගේ සහ ජනතාවගේ සුබ පැතුම් එක් කිරීමට ද රෝහිත බෝගොල්ලාගම මහතා ක්‍රියා කළේය. දෙරටේ සබදතා තවත් පුළුල්වීමට ශ්‍රී ලංකාව ගැන පළල් අවබෝදයක් බ්‍රිතාන්‍ය රජයට ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
මහා කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතාගේ සහ ශ්‍රී ලංකාවේ කටයුතු සාර්ථක වනු දැක්ම බ්‍රිතාන්‍යයේ කැමැත්ත බවද ඒ වෙනුවෙන් සුබ පතන බවද වික්ටෝරියා බිස්බි මෙනෙවිය පැවසුවාය.
මෙම අවස්ථාවට එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන දූත නිලධාරිනී (Counsellor) හිරුනි රාජපක්ෂ මහත්මියද එක් වූවාය.
Lanka Newsweek © 2024